නිතී විරෝධීව ‍රැදී සිටින චීන්නු දූරියන් විකුනයි- වැඩ කරන විරුවා බුදි

නිතී විරෝධීව ‍රැදී සිටින චීන්නු දූරියන් විකුනයි- වැඩ කරන විරුවා බුදි image 77

බේරුවල යූසුෆ් මාවතේ චින ජාතිකයන් පිරිසක් දූරියන් විකුණන වීඩියෝවක් අප වෙත ලැබී ඇත. දූරියන් විකුනන කථාව බොරු බවත් ඇය දුරියන් විකුනන ස්වදේශිකයෙකුට උදව් කිරීම පමනක් එහි කරන්නේ යැයි කියා එදා වේල ලොන්ඩරි මාධ්‍ය කරුවෙකු වන අසාම් අමීන් ලංකා නිවුස් වයර් වෙබ් අඩ්වියේ පුවතක් පල කොට ඇත.

මෙම චීන කාන්තාව බේරුවල මැනික් බිස්නස් කරන තැනැත්තියකි. දැන් මැනික් ව්‍යාපාරය වැටී ඇති නිසා ඇය පාර්ට් ටයිම් දූරියන් විකුනයි .ඇත්ත කථාව ඕකය

මේ වන විට ලංකාවේ ලක්ෂ 2 කට වැඩි චීන ජාතිකයන් සිටියි. සිරිසේන ජනපති ලෙස සිටියදී ලංකාවේ ලක්ෂ තුනකට ආසන්න චීන ජාතිකයන් සිටින බව ඔහු ප්‍රකාශ කළේය.

නමුත් මෙරට ‍රැකියා කිරීම සදහා වීසා ලබා ගෙන ඇත්තේ 12000කට ආසන්න පිරිසකි.එනම් අනවසරව ‍රැකියා කරන චීන ජාතිකයන් පිරිස ලක්ෂ 2කට වැඩිය. මේ වන විට මෙරට ‍පුරවැසියන් ලක්ෂ 8 කට පමන ‍රැකියා අහිමි වී ඇත. මැදපෙරදිග සේවය කරන ශ්‍රී ලංකිකයන් ලක්ෂ 3 කට පමනද ‍රැකියා අහිමි වීඇත

චීන ජාතිකයන්ට ලංකාවේ ‍රැකියා කිරීමට ඉඩ දෙන්නේ නම් එය නීතිමය රාමුවක් තුල කළ යුතුය.ඒ සදහා නියමිත වීසා ඔවුන් ලබා ගත යුතුය. එපමනක් නොව ඔවුන් සදහා ‍රැකියා බලපත්‍රයක් නිකුත් කළ යුතුය. එම බලපත්‍රය සෑම වසකම අලුත් කළ යුතුය. වසරක ගාස්තුව ලෙස එක් පුද්ගලයෙකුගෙන් 25000 වැඩි මුදලක් අයකළ යුතුය. ඉන් ලැබෙන ආදයම චීන ණය වාරිකයේ හතරෙන් එකක් පියවීමට සමත්ය.

ලෝකයේ කිසිම රටක් විජාතිකයන්ට තම රටේ වලංගු බලපත්‍රයක් නැතිව ‍රැකියා කිරීමට ඉඩ දෙන්නේ නැත.නමුත් ලංකාවේ ලක්ෂ 2කට වැඩි අනවසර චීන ජාතිකයන් පිරිසක් රැකියා කරයි. රජය නිහඩ ප්‍රේකකයෙකු ලෙස සිටින්නේ චීන ආක්‍රමනිකයා ඉදිරියේ අසරණ වී ඇති නිසාය

කෙසේ වුවද මේ අයුරින් රට ඉදිරියට ගිය හොත් ජාතියේ දියනියන්ට ඉතිරි වන්නේ ලෝකයේ පැරණිතම වෘත්තිය පමනි. ජාතියේ පුතුන්ට ඉතිරි වන්නේ පික් පොකැට් ගැසීම පමනි.