ධර්මය විකෘති කළ,බෞද්ධයා හෑල්ලු කළ සජිත්ගේ තේමා ගීය මෙන්න

ධර්මය විකෘති කළ,බෞද්ධයා හෑල්ලු  කළ සජිත්ගේ තේමා ගීය මෙන්න image 88

අගමැති ධූරයට සටන් කරන  සජිත් අද දින  සිය මැතිවරණ තේමා ගීතය එළි දැක්වූයේය. මෙම තේමා ගීතය තුල , අහිංසක සෙසු ආගමිකයන්ට වෛර කිරීම දේශප්‍රේමය ලෙස නොසලකමි කියා සජිත් ප්‍රකාශ කරයි. එවැනි ප්‍රකාශයක් කිරීම සමස්ථ සිංහළ බෞද්ධ ජනයාට කළ සාහසික අගෞරවයක් බව බොහෝදෙනෙකුගේ මතය වී ඇත (එය බෞද්ධ භික්ෂූන්ට අරක්කු බොන්ඩ එපා කියනවා වැනි අනවශ්‍ය කථාවකි.)

සජිත්ගේ ගීතයේ තේමාව  “සද් – ජාතිකත්වය” ලෙසින් ප්‍රකාශිතය . නමුත් ගීතයේ පද මාලාවෙන් හෝ රූප රාමු වල  වලින් එවැන්නක් ගම්‍ය නොවෙයි. එම ගීතය පුරාවට දැකිය හැක්කේ  දරිද්‍ර  තාවයෙන් පිඩිත යාචකයන් සහ හතර බීරි ප්‍රකාශ පමනි.

තවද  පියාගේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යනවා යයි සජිත් කියයි. සජිත්ගේ පියා යනු  දස දහසක් පමන දකුනේ තරුණයන් ඝාතනය කළ  අයෙකි. කොටින්ට මිල මුදල් , අවි ආයුධ දුන් අයෙකි.රටට වැඩදායී මිනිසුන් සිය ගණනක් මරා දැමූ අයෙකි

තවද සජිත් සිය තේමා ගීතය තුල ධර්මය විකෘති කොට ඇත. මම බෞද්ධයෙකු ලෙස සියළු පුරවැසියන් ආරක්ෂා කරනවා කියා සජිත් කියයි. බෞද්ධයෙකුට අත්හැරීමට මිස ආරක්ෂා කිරීමට කිසිවක් නොමැත. බෞද්ධයා කළ යුත්තේ හිස ගිණි ගත්තෙක් එගිණි නිවනසේ මග වැඩීමය.

බුදුන් වහන්සේ මරණ මංචකයේ සිට අවධාරණය කළේ  මග වැඩීමයි. උන්වහන්සේගේ අවසන් වචන කිහිපය වූයේද එයයි. බෞද්ධයා යනු භවය උදුරා දැමීමට ආපන්න වූ පුද්ගලයාය. සජිත් සිය මැතිවරණ තේමා ගීතයට බෞද්ධයාගේ මුඛ්‍ය අරමුණ හෑල්ලු වන, විකෘර්ති වන ආකාරයේ පද වැලක් යෙදීම අපරාධයකි ( මම පාලකයා ලෙස සියළු ජාතීන් ආරක්ෂා කරනවා කීවා නම් ධර්ම විකෘර්තිය සිදු නොවේ)

සජිත්ගේ පියා දරිද්‍රතාවය පි‍ටුදැකිය හැකියයි විශ්වාස කලේ ජනසවිය වැනි පිං පඩි ක්‍රමයකිනි. නමුත් ජනසවියවැනි පිං පඩි ක්‍රම වලින් සිදු වූයේ  ලංකාවේ දුප්පතුන් වැඩි වීමය.කුසගින්නේ සිටින මිනිසෙකුට මාළුවෙක් දුන හොත් ඔහුගේ බඩ පිරෙන්නේ එක් වේලකට පමනි, නමුත් බිලී පිත්තක් දී මාළු බාන ක්‍රමය කියා දුන හොත්, ඔහු මුළු ජීවිත කාලයම කුසගිනි නිවා ගනු ඇත.

දුප්පත්කම පි‍ටු දැකීමට එකම විසදුම ජනයා අධ්‍යාපනයෙන් බල ගැන්වීමය. ලංකාවේ දුප්පත්කම තුරන්කිරීමට මේ දක්වා ලබා දුන් හොදම විසදුම් ලලිත් ඇතුලත්මුදලි හදුන්වා දුන් මහපොළ ශිෂ්‍යවත්ව ක්‍රමයයි. මහපොළින් බිහිවූ උගත්තු රටට වැඩක් කළහ, සිය  හතර වරිගයම එතෙර කළහ.නමුත් සජිත්ට හෝ පියාට එවැනි දැක්මක් නොවිනි. සජිත්ගේ පියා කළේ දැක්මක් තිබූ ලලිත් මරා දැමීමය.

සජිත්ගේ තේමා ගීය සාධනීය දෙබසක් යයි කීවද එය අන්ත පසුගාමී එකකි,සරලව කිව හොත් සජිත්ගේ තේමා ගීය හුදෙක්,

  1. සුද්දන්ටත් නොතේරෙන ඉංග්‍රීසි මෙන් හතර බීරි කථාවකි
  2. සද්ධර්මය විකෘර්ති කිරීමකි
  3. පීඩිත ජනයා ‍රැවටීමට කළ නින්දිත උත්සාහයකි
  4. මැද කොළඹ පිනවීමට හැදූ අවර ගනයේ සිංදුවකි
  5. සිංහළ බෞද්ධයාට කල සාහසික අපහාසයකි
ධර්මය විකෘති කළ,බෞද්ධයා හෑල්ලු  කළ සජිත්ගේ තේමා ගීය මෙන්න image 89