පෙර පුවත සත්‍ය වෙයි, මරා-ගෝඨා ආධාරකරුවන් අතර ගැ‍ටුමක්!

පෙර පුවත සත්‍ය වෙයි, මරා-ගෝඨා ආධාරකරුවන් අතර ගැ‍ටුමක්! image 91

එයා බස් කපිල චන්ද්‍රසේන අත් අඩංගුවට ගැනීම , නිදහස් චතුරස්‍රයේ සිදුවූ රජීවගේ මරණය, පොලිස් බුද්ධි අංශ නිලධාරියාගේ මරණය, උතුරු නැගෙනහිර අරක්ෂක අංශ වලට එල්ල වන ප්‍රහාර, කරුනාගේ දේශපාලනය, මහින්දානන්දගේ ක්‍රිකට් පාවාදීම ගැන කථාව හුදකලා අහඹු සිදුවීම් නොවන බව අප කීවෙමු. එය ගෝඨා- මහින්ද බල අරගලයේ කස පිපිරීම් බව අප කීවෙමු. එම පුවත දැන් සත්‍ය වී ඇත.

බහින් බස් වීමක් දුර දිග ගොස් දිලුම් අමුණුගම මහින්දානන්ද අලුත්ගමගේ ට තම පුද්ගලික පිස්තෝලය ඇද වෙඩි තබා ඇති නමුත් එහි උණ්ඩ ඉවත් කර තිබීම නිසා පිස්තෝලය පත්තු නොවී ඇති අතර මහින්දානන්ද අනූ නවයෙන් බේරී ඇත. එසේ නමුත් ඉන් පසු දිලුම් අමුණුගම මහින්දානන්දට තඩි බා තිබේ.

ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වාර්තා කරන අන්දමට ඊයේ (28) සවස මහනුවර පොලිස් බල ප්‍රදේශයේ දී මෙම සිද්ධිය වී ඇති අතර සිද්ධිය වෙන අවස්ථාවේ දෙදෙනාම බීමත්ව සිට ඇත. සිද්ධිය ගැන පොලිසියට පැමිණිලි කිරීමෙන් දෙදෙනාම වැලකී තිබේ.

ආරෝවට ආසන්න හේතුව වී ඇත්තේ මහින්දානන්ද ක්‍රිකට් තරඟ පාවාදීමක් ගැන පසුගියදා කළ හෙළිදරව්වෙන් පොහොට්ටු ඡන්ද ව්‍යාපාරයට අගතියක් වූ බවට දිලුම් අමුුණුගම මහින්දානන්ද සමග ඇතිකර ගත් බහින් බස් වීමකි. නමුත් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වාර්තා කරන්නේ දෙදෙනාගේ ආරෝව කලක් තිස්සේ ගොඩ නැගුනක් බවයි. ඒ සත්‍ය වශයෙන්ම එකම දිස්ත්‍රික්කයෙන් එකම ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වන දෙදෙනාගේ මනාප තරඟයත් දෙදෙනා මේ වන විට ගෝඨාභය සහ මහින්ද පාර්ශව දෙක නියෝජනය කරන්නන් වීමත් ආරෝව වැඩි දියුණු වීමට බලපා තිබේ.

මහින්දානන්දගේ ඇඟිල්ල නාමල් සහ විජයමල්යා කුමන්ත්‍රණයට..
—————————
මේ වන විට දිලුම් අමුණුගම මහින්ද රාජපක්ෂ පිල නියෝජනය කරන අතර මහින්දානන්ද ගෝඨාභය රාජපක්ෂ පිල නියෝජනය කරයි. මහින්දානන්ද 2011 ලෝක කුසලාන අවසන් ක්‍රිකට් තරඟය පාවා දීම ගැන තතු හෙළි කරන්නේ ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම මත වන අතර ඉන් අභියෝගයට ලක් කරන්නේ අන් කිසිවෙක් නොව නාමල් රාජපක්ෂ ය. එම තරඟ මාලාවේ ඩීල් කාරයා වූයේ අන් කිසිවෙක් නොව ඉන්දියානු බිලියනපතියෙකු වන විජයමල්යා නමැත්තා ය. අවසන් තරඟය නැරඹීමට ඉන්දියාවට යාමට නාමල් රාජපක්ෂට ගුවන් යානයක් චාටර් කර ලංකාවට එවන්නේ ද විජයමල්යා ය. නාමල් රාජපක්ෂ නැවතී සිටියේ ද විජයමල්යාට අයත් “ස්වීට්” එකක ය. මීට වඩා තොරතුරු ගෝඨාභය සහ එවක ක්‍රීඩා ඇමැති මහින්දානන්ද ඉතා හොඳින් දන්නා අතර ලංකා ඊ නිව්ස් ඒ ගැන වැඩි දුර විස්තර මේ අවස්ථාවේ හෙළි නොකරමු. ද්විපාර්ශවය විසින්ම ඒවා නුදුරු අනාගතයේ දී හෙළිකරනු ඇත.

වීර කැප්පෙටිපොලගේ නිවස මුස්ලිම් පාසැලකට…
—————————
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ පිල නියෝජනය කරන දිලුම් අමුණුගමට මහින්දානන්දගේ ගේ හෙළිදරව්ව ‘ඇලජික්’ වීම සාමාන්‍ය ආරෝවකට එහා යන්නේ දෙදෙනාම මහනුවර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වන බැවිනි.

මීට පෙර අවස්ථා දෙකක දී ම අලදෙණිය ඇතුළු දිලුම්ගේ බල ප්‍රදේශයේ ස්ථාන දෙකක දිලුම්ට නොදන්වා මහින්දානන්ද රැස්වීම් දෙකක් පැවැත්වීමත් සරත් අමුණුගමට අපහාස වන පරිද්දෙන් ඔහු තැන තැන කතා පැවැත්වීමත් පිලිබඳ දිලුම් අමුණුගම දුරකථනයෙන් කතා කොට මහින්දානන්දට අමු කුනුහරුපයෙන් බැන වැදී තිබිණ. ඊට අමතරව කලක් මහින්දානන්දගේ ගෝලයෙකු ලෙස වැඩ කළ නවුෆර් හජ්ජියාර් නමැත්තෙක් මහින්දානන්දගෙන් ඉවත් වී දිලුම් අමුණුගමට සහාට දීමට මේ මැතිවරණයේ දී ඉදිරිපත් වීම නිසා මහින්දානන්දට ද දිලුම් සමග ආරෝවක් තිබී ඇත. මන්ද හජ්ජියාර්ගේ සහාය නොලැබීමෙන් මුස්ලිම් මනාප තොගයක් අහිමි වීම ය.

නවුෆර් හජ්ජියාර් මහින්දානන්දගෙන් ඉවත් වී ඇත්තේ මුස්ලිම් පාසලක් සඳහා පැරණි රිමාන්ඩ් බන්ධනාගාර ගොඩනැගිල්ල ලබා දෙන බවට මහින්දානන්ද දී තිබූ පොරොන්දුවක් ඉටු නොකිරීම ය. එම ගොඩනැගිල්ල වීර කැප්පෙටිපොලගේ මහ ගෙදර වීම නිසා එය මුස්ලිම් පාසැලකට ලබා දීම සිදුවිය නොහැක්කකි.

පීඑස්ඕගේ මොළේ ඇති වැඩේ..
—————————
කෙසේ වෙතත් ඊයේ සවස දෙදෙනාම බීමතින් හමුවූ අවස්ථාවක එකිනෙකා කෙරෙහි ගොඩ නැගෙමින් තිබූ වෛරයන් පුපුරා ගොස් ඇත.

දිලුම් අමුණුගම තම පුද්ගලික පිස්තෝලය රැගෙන මහින්දානන්දට වෙඩි තබා ඇත්තේ එහි දී ය. දිලුම් බීමත් වූ පසු පාලනය කළ නොහැකි පුද්ගලයෙක් බව ඔහුගේ ප්‍රධාන අංගාරක්ෂක පොලිස් නිලධාරියා (PSO) දන්නා බැවින් ඒ අවස්ථාවේ දී පිස්තෝලයේ උණ්ඩ ඉවත් කර තිබී ඇත. එම හේතුව නිසා පිස්තෝලය පත්තු නොවූ අතර මහින්දානන්දගේ ජීවිතය බේරිණ.

කෙසේ නමුත් අතීතයේ ත්‍රිත්ව විද්‍යාලයේ කැඩෙට් ශිෂ්‍ය භටයෙක් වූ දිලුම් සුරාජ් බණ්ඩාර අමුණුගම අතීතයේ ගඟසිරිපුර ඉස්කෝලෙන් ආ සේල්ස් රෙප් කෙනෙක් වූ මහින්දානන්ද අලුත්ගමගේ ට මදියි නොකියන්නට පහර දී ඇති අතර හෝටලයේ දේපොලටද අලාභ හානි සිදුව තිබේ.

දෙදෙනාගේම අංගාරක්ෂක පොලිස් නිලධාරීන් සිද්ධිය සමථයකට පත් කරගෙන ඇති අතර පොලිසියට පැමිණිලි කිරීමෙන් වැලකී තිබේ. කෙසේ වෙතත් මහනුවර පොලිසිය සිද්ධිය වූ ස්ථානයට ලඟා වන විට දෙදෙනා වෙන්ව ගොස් තිබිණ.

මේ සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට ප්‍රකාශයක් කළ පොලිසියේ ඉහළ නිලධාරියෙක් කියා සිටියේ මැතිවරණය අවසන් වීමට පෙර පාර්ශව දෙකේ ගැටුමින් කවුරුන් හෝ මිය යනු ඇති බවයි. ඒ මන්ද යත් දෙදෙනා පසුපස ඉන්නේ ජනාධිපති සහ අගමැති නිසා බව ඔහුගේ උපකල්පනයයි.

පෙර පුවත කියවන්න පහත දිගුවෙන්