සජිත් උතුරට ගොස් රණවිරුවන් සහ රට පාවා දුන් හැටි මෙන්න

සජිත් උතුරට ගොස් රණවිරුවන්  සහ රට පාවා දුන් හැටි මෙන්න image 6

පසුගියදා සජිත් ප්‍රේමදාස උතුරේ මැතිවරණ කරයුතු සදහා සහභාගි විය.ප්‍රේමදාස පරපුර යනු බලය වෙනුවෙන් ඕනෑම පාවා දීමක් කිරීමට සූදානම් පිරිසකි.පියානෝ ප්‍රේමදාස කොටින්ට ආයුධ සහ කෝටි ගනන් මුදල් දුන්නේය . නැගෙණහිර 764 පොලිස් සාමාජිකයන්ට එකදු වෙඩිල්ලක් නොතබා යටත් වීමට අණ කළේය. ( ඔවුන් සියළු දෙනා කොටින් අතින් ඝාතනය විය )

අපගේ යාපනය වාර්තාකරු හෙලිකළ පරිදි සජිත්, රණවිරුවන් සහ ඒකීය භාවය බරපතල ලෙස පාවාදී ඇත. බරපතල ඝනයේ පාවාදීම් කිහිපයක් පහත පරිදිය

  1. ත්‍රස්තවාදයට එරෙහි මිලිටරි ක්‍රියාන්විතයේ අවසාන අදියර පිලිබද පරීක්ෂණයක් අවශ්‍ය යයි පැවසීම
  2. ටැමිල් නෙට් වෙබ් අඩවිය මෙහෙය වූ තාරකි නොහොත් ධර්මරත්නම් සිවරාම්ට ගෞරව දැක්වීම
  3. රටේ ඒකියභාවය අභියෝගයට ලක් කරන 13 සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට එකග වීම

ලංකාවේ පරිපාලන රේඛාව පාර්ලීමේන්තුව , පලාත්සභාව , පලාත් පාලන ඒකක ලෙස ස්ථර 3කින් සමන්විතය. පලාත් සභා නියෝජිතයෙකු නඩත්තු කිරීමට මසකට ලක්ෂ 8 ක් පමන වැය කරයි. නමුත් පලාත් සභා යනු වැඩ අල කරන, මහජන මුදල් කා දමන ආයතනයකි.

තවද, 13 වැනි සංශෝධානය ඉන්දියව විසින් බලහත්කාරයෙන් පැටවූ එකක් වන අතර මේ දක්වා කිසිදු පාලකයෙක් එය මුළුමනින්ම ක්‍රියාත්මක නොකලේය . දැක්මක් ඇති නායකයෙකු නම් කළ යුත්තේ රාජතාන්ත්‍රික නූල් සූත්තරයකින් 13 අහෝසි කිරීමය.

විශේෂයෙන් ඉඩම් බලතල සහ පොලිස් බලතල ලබා දීම වෙනම රාජ්‍යයකට පාර කැපීමකි.සජිත්ගේ පියානෝ උතුරු නැගෙනහිර මහ ඇමති ලෙස පත් කළේ වර්ධරාජ පෙරුමාල් ය . පසුව ඔහු පොලිස් බලතල උපයෝගිකරගෙන දමිල ජාතික හමුදාව නම් සන්නද්ධ ඒකකයක් නිර්මානය කළේය. ඉන් පසු උතුරු නැගෙනහිර වෙනම රජ්‍යක් ලෙස ප්‍රකාශයට පත්කොට එය පිළිගන්නා ලෙස ලෝක ප්‍රජාවට ඇරයුම් කලේය.

සජිත්ගේ යාපනය සංචාරය යනු, පියා නැවැත්වූ තැන සිට රට පාවාදීම අරඹන බවට දුන් ප්‍රතිඥාවකි. තවත් අතකින් යුධ අපරාධ පිලිබදව පරීක්ෂා කළ යුතු යයි කියා රණ විරුවන් පාවා දීමකි. කාලයත් සමග සුවපත් වන වාර්ගික තුවාලය පෑරීමකි. සජිත් මේ සියල්ල කරන්නේ බලයට ඇති කෑදර කමටය

යුද්ධයක් යනු භාවනා අසපුවක් නොව පාර්ශවයන් දෙකක් සිය අරමුනු වෙනුවෙන් ගැටෙන ස්ථානයකි.එහිදී ලේ වැගිරීම සිදුවීම නොවැලැක්විය හැක.නමුත් දැන් ඒ අමිහිරි සිදුවීම ඉතිහාසයට එක්වී හමාරය. දේශපාලකයන් කළ යුත්තේ උතුරේ යුද්ධය නම් තුවාලය පෑරීම නොව එය සුවපත් කිරීමය. ජනවර්ග බෙදා වෙන් කරන පවුරු තැනීම නොව ඔවුනොවුන් යා කරන පාලම් තැනීමය.

ප්‍රභාකරන් ආවේ සුදු කොඩි සමගද , ඔහුට වෙඩි තිබ්බේ කවුද , වෙඩි වැදුනේ මොන ඇටයටද ගැන පරීක්ෂා කිරීම සජිත්ට අවශ්‍ය වුවද මෙරට ජනයාට එවැන්නක අවශ්‍යතාවක් නැත. සජිත් උතුරට ගොස් කළ මහා පාවාදීම ලංකා නිවුස් ඇප් පිළිකුලෙන් යුතුව හෙලා දකිමු