චම්පිකට මනාප දෙන්ඩ එපා, සජිත් කෙලින්ම කියයි, ගැ‍ටුම උග්‍ර වෙයි

චම්පිකට මනාප දෙන්ඩ එපා, සජිත් කෙලින්ම කියයි, ගැ‍ටුම උග්‍ර වෙයි Untitled

සජිත්ගේ පක්ෂය කල්ලි කන්ඩායම් ගණනාවකට බෙදී ගොස් ඇති බව අප කීවේ මීට කාලයකට පෙරය. අළුයට ගිණි පුපුරු මෙන් පැවති එම ආරවුල් මනාප පොරයත් සමග එළියට පැමිණ ඇත.


සජිත්ගේ පක්ෂය තුල සජිත්ගේ පිලට වඩා චම්පිකගේ පිල බලවත්ය. ( හිස් ඔළුගෙඩි නොව පැසුනු ඔළුගෙඩි අනුව) ශිරාල්, මෛත්‍රී ගුණරත්න, නිෂාන්ත ශ්‍රී වර්ණසිංහ, සජිත්ගේ ලේකම් රවි ජයවර්ධන පමනක් නොව ජලනි ප්‍රේමදාස සිටින්නේ චම්පිකගේ පිල සමගය. ජලනි ප්‍රේමදාස මැතිවරණ වේදිකාවට පිවිසියේ සජිත් දිනවීමට නොව චම්පික දිනවීමට බව දන්නෝ දනිති .


කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුවට මුස්ලිම් අපේක්ෂකයන් තිදෙනෙකු දැමීම පිළිබදව චම්පික සජිත්වෙත දෝෂාරෝපණය කළ බව මීට පෙර ලිපියකින් අප හෙළිදරව් කළෙමු. (මුස්ලිම් අපේක්ෂකයන් තිදෙනෙකු නම් කල විට මුස්ලිම් මනාප ඔවුන් අතරේ පමනක් බෙදී යයි, තවද මනෝ ගනෙෂන් දෙමල කතා කරන්නෙකු බැවින් සිංහල අපේක්ෂකයන්ට මනාපයක් ලබා ගත හැකි පසුබිමක් නැත)


ඒ අනුව රිෂාඩ්, හකීම් වැනි ජාතිවාදීන් සමග එකට සිට ගැනීමෙන් චම්පික වැනි දේශපාලකයන්ට සිදු වන්නේ විශාල අනර්ථයකි. පාස්කු බෝම්බ කමි‍ටුව හමුවේ හෙළිදරව් වන කරුණු වලින් රිෂාඩ් – හකීම් වැනි දේශපාලකයන් කෙරේ මතුවන වෛරය දිනෙන් දින වැඩි වෙමින් පවතියි. තවද, ලන්ඩන් නුවර මරා ගෙන මැරෙන බෝම්බ කාරිය වැනි සිදුවීම ඉතා අවාසිදායකය.


මුස්ලිම් අපේක්ෂකයන්ගේ මනාප නොලැබෙන බව දන්නා චම්පික සිංහල මනාප ගෙඩිය පිටින් ලබා ගැනීමේ මෙහෙයුමක් දියත් කොට ඇත. ඒ අනුව චම්පික ශක්තිමත් ප්‍රදේශවලින් සජිත්ට කිසිදු මනාපයක් ලබා ගත නොහැක. කොළඹ මුස්ලිම් අපේක්ෂකයන් තිදෙනෙකු සිටින නිසා ඔවුන්ගේ මනාපද සජිත්ට ලැබෙන්නේ ඉතා අඩු වශයෙනි. මනෝ ගනේෂන් කියන්නේ පැරෂුට කාරයන්ට මනාප ලකුණු කරන ලෙස දෙමල ප්‍රජාවගෙන් ඉල්ලා සිටිය නොහැකි බවය. චම්පික ගණන් හදා සජිත් පරදිනවා කීවේ ඔය සූත්‍රයට අනුවය


චම්පිකගේ උපාය එක ගලින් කුරුල්ලන් දෙබානක් දඩයම් කිරීමකි. සජිත් මෙවර පරාජය වුවහොත් 2025 පොදු අපේක්ෂකයා ලෙස චම්පිකට දැන්ම තියා ලෑස්ති විය හැක.


චම්පිකගේ උපාය ඉවවැටී ඇති සජිත් සිය මුලු වෙර යොදා චම්පික පරාජය කිරීමට සැලසුම් කරමින් සිටියි. චම්පිකට වැටෙන මනාප වලක්වන ලෙස සජිත් කෙලින්ම ඉල්ලා ඇත. පලමු මනාපය තමන්ටද, දෙවන හා තුන්වන මනාප හර්ෂට සහ සුජීවට ලබා දෙන සජිත් ඉල්ලා සිටියි