මැදපෙරදිගින් මාධ්‍ය වෙත ඉල්ලීමක් , සජිත්ට පණිවිඩයක්

මැදපෙරදිගින් මාධ්‍ය වෙත ඉල්ලීමක් , සජිත්ට පණිවිඩයක් image 22

සජිත් විදෙස් ගත ශ්‍රමිකයන් පිළිබදව කළ ප්‍රකාශයක් ගැන ඔවුන් විරෝධය පා ඇත. තවද සියළු සමාජ ජාල ක්‍රියාකරුවන් වෙතින් ඔවුන් ඉල්ලීමක් කොට ඇත .එම ලිපියේ පිටපතක් අප වෙතද ලැබුනු අතර එහි සංශිප්තය පහත පරිදිය

සජිත් ප්‍රේමදාස මහතා ජූලි මස 13 දින ප්‍රකාශයක් කරමින් මැදපෙරදිග ශ්‍රමිකයන් අසහනයෙන් පෙලෙන බව කීවේය

1. මැදපෙරදිග සෑම දිනකම එක් ශ්‍රී ලාංකිකයෙකු මිය යන තැනට පත්ව ඇත.
2. මේ වන 50 වැඩි පිරිසක් මිය ගොස් ඇත.
3. පුද්ගලයන් 200 දෙනෙකු ගැන කිසිදු තොරතුරක් නොමැත
4. ශ්‍රමිකයන් 125,000 කට පමන ‍රැකියා අහිමි වී ඇත
5. ශ්‍රමිකයන් 19000 කට පමන වීසා ගැටලු ඇත
6. දහස් ගණනනකට උන් හිටි තැන් අහිමි වී මහ මගට වැටී ඇත
7. දහස් ගණනක් හිඟමන් යැදීමෙන් දිවි ‍රැක ගනියි
8. ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වා නොගැනීමන් ව්‍යවසනය දිනෙන් දින දරුණු වෙමින් පවතියි
9. අනෙකුත් රටවල් සිය පුරවැසියන් යලි ගෙන්වා ගැනීම යුහුසුළුව සිදු කරයි, නෑසූ කන්ව සිටින්නේ ලක් රජය පමනි.

මැද පෙරදිග ශ්‍රී ලාකිකයන්ගේ තත්වය මහා මානූෂීය ඛේදවාචකයකි. සජිත් ප්‍රේමදාස මහතානෙනි! එවැනි ඛේදවාචකයක් ” අසහනයක් ” යයි හැදින්වීමෙන් වලකින ලෙස අප ඉල්ලා සිටිමු

අසරණ ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට හඬක් නගන ලෙස මාධ්‍ය ආයතන සහ සමාජ ජාලා ක්‍රියා කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

මැදපෙරදිගින් මාධ්‍ය වෙත ඉල්ලීමක් , සජිත්ට පණිවිඩයක් image 24 817x1024