විදෙස්ගත කාඩරයන් වසන්ත ගැන පොලිට් බියුරෝවට පැමිණිලි කරයි

විදෙස්ගත කාඩරයන් වසන්ත ගැන පොලිට් බියුරෝවට පැමිණිලි කරයි image 26

වසන්ත සමරසිංහ ජවිපෙ නියෝජනය කරමින් උතුරු මැද පළාත් සභාවට තේරී පත් වූ මන්ත්‍රීවරයෙකි. ඔහු දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැඳවුම්කරුද වෙයි.මෙවර ඔහු අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලීමේන්තු මැතිවරණයට තරඟ කරයි.

මෑතකදී තඹුත්තේගම නගරයේ පිහිටි  වසන්ත සමරසිංහගේ සහෝදරයෙකුට අයත් තට්‍ටු ගොඩනැගිල්ලක ඡායා රූප සමාජ ජාලා හරහා වෛරල් විය. වසන්ත සමරසිංහ ඊට ප්‍රතිචාර දැක්වූයේ කැත්තට පොල්ල ස්වරූපයෙනි. ඔහු දින කිහිපයකින් ස්ටිකර් ඇලවූ සුඛෝපබෝගී  ටොයෝටා කොස්ටර්  රථයක්  මැතිවරණ මෙහෙයුමට බැස්වූයේය.

චිරාත් කාලයක පටන් ජවිපෙ ප්‍රචාරණය අසමසම එකකි. එය අසමසම වූයේ මූල්‍යමය ශක්තිය මත නොවේ, ජවිපෙට අනන්‍ය වූ නිර්මානාත්මක කුසලතාවයන් නිසාය. නමුත් වසන්ත සමරසිංහගේ මැතිවරණ ව්‍යාපාරය තුල නිර්මානාත්මක කිසිවක් නොවුනි. එය දකුණත් වමත් කලවම් වූ අච්චාරුවක් විය.

ජවිපෙ, සයිබර් ප්‍රචාරණය මුළුමනින්ම පාහේ මෙහෙය වන්නේ විදේශ‍ රැකියා වල නියුතු කාඩරයන් විසිනි. මොවුන්ගෙන් සැලකිව යුතු පිරිසක් වසන්ත සමරසිංහගේ ක්‍රියාකලාපය දෝෂදර්ෂණයට ලක්කොට ඇති අතර ඒ පිළිබදව පක්ෂයේ තීන්දු තීරණ ගන්නා කණ්ඩායමට පැමිණිලි කොට ඇත.

වසන්ත සමරසිංහ සහ නාමල් කරුණාරත්න යනු කිලී මහරාජා කිට්‍ටුවෙන් ඇසුරු කරන දෙදෙනෙකි. සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මෙහෙය වන්නේ නාමල් කරුනාරත්නය. කිලී මහරාජා යනු කෘෂි රසායන සහ බීජ ගෙන්වීමේ ඒකාධිකාරියක් හිමි අයෙකි. ලංකාවට ග්ල්යිෆොසෙට් ගෙන්වන්නේද මොහුය. කිලී, නාමල් කරුනාරත්න ලග තියාගෙන සිටින්නේ කුමටද කියා දැන් පැහැදිලිය.

අනුර කුමාර දිසානායක  පක්ෂයේ කාඩරයන්ගේ තේරීමක් නොව කිලීගේ තේරීමක් බව සෝමවංශ අමරසිංහ කියා තිබුනි. දූෂන විරෝධී පෙරමුණ බිහිකළ මුල් අවස්ථාවේ එහි ප්‍රධානියා ලෙස නම් කළේ සරත් නන්ද සිල්වාය. නමුත් අනුර කුමාර ජවිපෙ නායකත්වයට පත්වීමත් සමග දූෂණ විරෝධී සංවිධානය  වසන්ත සමරසිංහට ලැබුණි. නාමල් මෙන්ම  වසන්තට සිරස නාලීකාවේ අනිවාර්ය ගුවන් කාලයක් හිමිය.

නාමල් කරුනාරත්න ගොවි ජනතාව වෙනුවෙන් හඬක් නගන බව ඇත්තය. වසන්ත සමරසිංහ වංචාව සහ  දූෂණය මැඩලීම  වෙනුවෙන් හඬක් නගන බවද ඇත්තය. නමුත් එය සිදුවන්නේ ජවිපෙ ජාතික න්‍යාය පත්‍රයට අනුව නොව කිලීගේ න්‍යය පත්‍රයට අනුවය.

පසුගියදා නාකොටික් අංශයේ නිලධාරීන් 18 දෙනෙකු අත් අඩංගුවට පත් වූයේය. නමුත් මොවුන් වෘත්තියක් ලෙස කුඩු විකුනුවා නොවේ. කුඩු කිලෝ 100 ක් අල්ලන විට 5ක් විකුණුවේය. එසේනම් නාමල් සහ වසන්ත කරන්නේ මෙයම නොවේදැයි විදෙස්ගත ජවිපෙ කාඩරයන් පොලිට් බියුරෝවෙන් ප්‍රශ්න කර ඇත.