සුලං හමන දිශාව වෙනස් කළ නොහැක නමුත් රුවල් අත මාරු කළ හැක

සුලං හමන දිශාව වෙනස් කළ නොහැක නමුත් රුවල් අත මාරු කළ හැක image 41

ලෝකය තුල රැලි , පෙරළි , ප්‍රවණතා ඇති වීම නොවැලැක්විය හැකි ධර්මතාවයකි.  කොරෝන වංසගතයද එවැන්නකි.. මෙකී වසංගතය නිසා ජන ජීවිතය මුළුමනිනම් පාහේ කඩා වැටි ඇත .සම්ස්ථ ලෝකයම ආර්ථික අවපාතයකට මුහුණ පා ඇත. කොරෝනා නම් කුණා‍ටුවට ප්‍රතිකර්මයක් නැති හෙයින් මෙම අවස්ථාවෙදී කළ යුත්තේ ආර්ථිකය නැමති  රුවල උපක්‍රමික  ලෙස හැසිර වීමය.

ගෝලීය ආර්ථිකයේ නව සුසමාදර්ශ

සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාව අනුව ප්‍රාග්ධනය ලෙස  හදුන්වන්නේ ගොඩනැගිලි ,යන්ත්‍ර සූත්‍ර වැනි භෞතික ප්‍රපංච සමූහයකි. නමුත් නවොත්පාදනයෙන්  තනි යායක් වූ ලෝකය තුල  ප්‍රාග්ධනයට මෙතෙක් දුන් නිර්වචනය වෙනස් වී ඇත. වර්තමානයේ ගොඩනැගිලි ,යන්ත්‍ර සූත්‍ර වැනි භෞතික වස්තු අභිබවා  ‘මානව චින්තනය’ ප්‍රාග්ධනය බවට පත්වී ඇත.

පුදුමයි ඒත් ඇත්තයි

ලොව විශාලතම ප්‍රවාහන සමගම ඌබර් වුවද එම සමාගම සතුව එකම මෝටර් රථයක හෝ නොමැත.ෆේස්බුක් ලොව විශාලතම මාධ්‍ය සමාගමයි. නමුත් ෆේස් බුක් සමාගම විසින් කිසිදු තොරතුරු වාර්තාකරණයක් සිදු නොකරයි. එහි පලවන තොරතුරු සියල්ල ලියන්නේ ඔබත් මමත් විසිනි. නවාතැන් පහසුකම් සැපයීමේ ලොව විශාලතම සමාගම airbnb  වෙයි , නමුත් ඔවුන්ට අයත් එකම හෝටලයක් වත් නැත.

අර්බුධ ජය ගැනීමට ආකෘතියෙන් ඔබ්බට ගිය චින්තනයක් අවශ්‍යය

මේවන විට ලෝකයේ සැම රටක්ම පාහේ ආර්ථික අර්බුධයකට ගොදුරු වී ඇත. ලක්ෂ ණනකට ‍රැකියා අහිමි වී ඇත. ශ්‍රි ලංකාව තුල ඇත්තේ කුඩා වෙළද පොලකි. වසංගත තත්වය වෙළද පොළ තවත් සංකෝචනය කොට ඇත . අප නව වෙළද පොළ සොයා යා යුතුව ඇත.බංකොළොත් ගැට්ටප පැමින ඇති රට මුදවා ගැනීම දුෂ්කර ප්‍රයාණයකි. දුෂ්කර ඉලක්ක ජය ගැනීමට ආකෘතියෙන් ඔබ්බට ගිය එය චින්තනයක් අවශ්‍යය.

ගෝලීය ආර්ථිකයේ නව ප්‍රවණතා

ගෝලීය ආර්තිකය තුල අප සිටින්නේ පසුගාමී තැනකය. මේ වන විට ආර්ථිකය නව තාක්ෂණය සමග මුසු වී ඇත. අන්තර්ජාලය  භාණ්ඩ හුවමාරුවේ ප්‍රධාන වේදිකාව බවට පත්ව ඇත. ව්‍යාපාරිකයන්ගේ මහා පරිමාණ අපනයන වලට නොදෙවෙනි ලෙස පුද්ගලයන් අන්තර්ජාලය හරහා සිදු කරන අපනයන වර්ධනය වී ඇත.

ආර්ථික අර්බුධයට විසදුම නොමිලේ බෙදීම නොව රටේ නිෂ්පාදනය වැඩි කිරීමය

ජීවන තත්වය ඉහල නැංවීමට විසදුම නිෂ්පාදනය වැඩි කිරීමය. වැඩි වන නිෂ්පාදන අලෙවි කිරීමට නව වෙළද පොල සොයා යා යුතුය. අපනයන වැඩි කළ යුතුය. සාම්ප්‍රදායික අපනයන ක්‍රියාපටිපාටිය ඉතා සංකීර්ණ එකකි. කරුණු එසේ හෙයින් ඊ බේ වැනි ක්‍රම  හරහා දේශීය නිෂ්පාදනය අන්තර්ජාතික ගැනුම්කරුවන්ට අලෙවි කළ හැකි වටපිටාව සැකසිය යුතුය

සුද්දාගේ කාලයේ ස්ථාපිත කල  අපනයනය රෙගුලාසි

මේ වන විට ශ්‍රී ලාංකිකයන්ට විදේශ ආයතන වෙතින් භාණ්ඩ සෘජුවම නිවෙස් වෙත ගෙවා ගැනීමට අවස්ථාව ඇත. නමුත් දේශීය නිෂ්පාදකයෙකුට භාන්ඩයක් විදෙස් ගැනුම් කරුවෙකුට අලෙවි කොට මුදල් ලබා ගැනීම ම ඉතා සංකීර්ණ ක්‍රියා දාමයකි .රවීගේ ආර්ථික පෙරස්ත්‍රොයිකාව ඊට විසදුම් ලබා දී ඇත .  paypal වැනි ක්‍රමවේද හරහා  එක් ගනුදෙනුවකදී ඇමරීකානු ඩොලර් යම් උපරිමයකට යටත්ව භාන්ඩ අපනයනය කළ හැකි වනු ඇත

රැකියා ලැබෙන හැටිමිනිසුන්ගෙ අත මිට සරුවන හැටි මෙන්න

රවීගේ ආර්ථික පෙරස්ත්‍රොයිකාව අනුව, අම්බලන්ගොඩ චිත්‍ර ශිල්පියෙකුට ඇමෙරිකන් වැසියෙකුට අන්තර් ජාලය හරහා සිතුවමක් අලෙවි කළ හැක.දඹාන ආදි වාසියෙකුට ඝන කෑලෑවෙන් කඩා ගන්න මී පැණි ටික ජපාන වැසියෙකුට අලෙවි කළ හැක. මැදපෙරදිග යාම වෙනුවට අපේ අම්මලාට පාරම්පරික අත්කම් නිර්මාන කොට අන්තර්ජාලය හරහා අලෙවි කළ හැක . ඊබ්‍රහීම් හිරේ සිටියාට ගැටළුවක් නැත, අන්තර් ජාලය හරහා ගම්මිරිස් ටික හොද මිලකට අලෙවි කළ හැක. 

වරලත් ගණකාධිකාරිවරයෙකු වන රවි ආකෘතියෙන් ඔබබ්ට සිතන දේශපාලකයෙකි.  

මෙතෙක් ප්‍රාග්ධනය ලෙස යන්ත්‍ර සූත්‍ර, භූමිය , ගොඩනැගිලි ආදිය සැලකුවද දැන් ඒවා ප්‍රතිස්ථාපනය කරමින් චින්තනමය ප්‍රග්ධනය බලවත් වී ඇත. අද ලෝකය තනි යායකි. අළුත් විදියට හිතන, නව මාන ඔස්සේ ලෝකය දකින් තරුණ තරුණියන්ට  එහි යා හැකි දුර නිම් නැත.  ඇසට නොපෙනෙන අවකාෂය තුල තරංග වේශයෙන් කෝටි ප්‍රකෝටි මුදල ගණුදෙනු සිදු වෙයි. එකී වේදීකාව තුලට ශ්‍රී ලංකීය ජාතිය ‍රැගෙන ‍රැගෙන යා යුතුව ඇත . රවීගේ ආර්ථික  පෙරස්ත්‍රොයිකාව එකි මෙහෙවර සදහා  නිර්මානය වූවකි.

නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා

ලංකාවේ දුප්පත්කම් පි‍ටු දැකීමට විසදුම ජනසවිය වැනි පිං පඩි ක්‍රමයක් යයි ප්‍රේමදාස සිතුවේය. ප්‍රේමදාස ඒ වෙනුවෙන් ජනසවිය ඇති කළේය.නමුත් දුප්පත්කමට විසදුම ජනයා උසස් අධ්‍යාපනයෙන් බලගැන්වීමයයි ලලිත් ඇතුලත්මුදලි සිතුවේය . ලලිත් ඒ වෙනුවෙන් මහපොළ ශිෂ්‍යත්ව ඇති කළේය. ප්‍රේමදාසගේ පිංපඩි ක්‍රමය මෙරට දුප්පතුන් වැඩි කළේය. ලලිත්ගේ ශිෂ්‍යවත්ව ක්‍රමයෙන් බිහිවූ උගතුන් හතර වරිගයක් එතෙර කොට රටට සේවය කළහ. රවී යනු ලලිත්ගේ අනුප්‍රාප්තිකයාය. රවිගේ ආර්ථික පෙරස්ත්‍රොයිකාව අන්තර්ගත එජාප ප්‍රතිපත්ති ප්‍රකාශණය කියවා බැලීම සෑම පුරවැසියෙකුම සතු යුතු කමකි.

එජාප ප්‍රතිපත්ති ප්‍රකාශණය පහත දිගුවෙන් කියවන්න