ලෝකයේ ප්‍රථම වරට තානාපති නිළධාරීන් ප්‍රාණ ඇපයට

ලෝකයේ ප්‍රථම වරට තානාපති නිළධාරීන් ප්‍රාණ ඇපයට image 44

වත්මන් රජ්‍ය නායකයාගේ දුෂ්ඨ සහ අදූරදර්ශී පරිපාලන තීන්දු නිසා මැදපෙරදිග ලක්ෂයක් පමන අන්ත අසරණ වී ඇති බව මුලු ලොවම දන්නා කරුනකි

ජෝර්දානයේ අල්කාරා කැමල්වෙගා කර්මාන්ත පුරයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 600 ක පමණ පිරිසක් මාස පහක් පුරා වැ‍ටුප් නොලබමින් සිරවී සිටියි.එම කර්මන්ත පුරයේ අන්‍ය ජාතිකයන් සියල්ලන් මේ වන විට සිය රට බලා ගොස් ඇත . සිරවී සිටින්නේ මෙසිරි ලංකාවේ ශ්‍රමිකයන් පමනි

කරුණු එසේ හෙයින් කැමල් වේගා කර්මාන්ත ශාලාවේ පාලන අධිකාරිය ශ්‍රී ලංකා තානපති කාර්යාලයේ නිළධාරීන් කැඳවා අඩුම තරමින් සානුකම්පිත කෝණයෙන් බලා හෝ විසදුමක් දෙන ලෙස ඉල්ලා ඇත.

රාජපක්ෂ රෙජීමය විසින් මැද පෙරදිග ශ්‍රමිකයන් නොසලකා හැර තිබීම් නිසා තානාපති නිළධාරීන් එහිදී අසරණ වී ඇත. ඔවුන් ප්‍රශ්නයෙන් ලිස්සා යාමට උත්සාහ කොට ඇත.එහිදී, කුපිත වූ ශ්‍රමිකයන් තම ගැටළුවට විසදුම් දෙන තෙක් තානාපති නිලධාරීන් ප්‍රාණ ඇපයට ගෙන ඇත.

සිද්ධිය සැලවූ ජොර්දාන් පොලීසිය එතැනට පැමින ඇත. පොලිසිය පැමිනි වහාම සිරකරගෙන සිටි තානාපති නිලධාරීන් නිදහස් කොට ඇත. අසරණ ශ්‍රමිකයන්ට කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කොට එල්ල කොට ඇත්තේ ඉන් පසුවය. අමානුෂික කඳුළු ගෑස් ප්‍රහාරය දක්වා ජොර්දාන් පොලීසිය මෙහෙයවා ඇත්තේ ලංකාවේ තානාපති කාර්යාලය විසිනි .එවැනි ප්‍රහාරයක් සදහා කොළඹ රජයේ බලධාරීන් උපදෙස් දුන් බවට සැක මතු වී ඇත

ජොර්දාන් මාධ්‍ය මෙම සිද්ධිය වර්තා කළේ, ඔවුන්ගේම ජාතියේ පිරිසක් විසින් ඔවුන්ගේ තානාපති නිළධාරීන් ප්‍රාණ ඇපයට ගත් ලොව ප්‍රථම අවස්ථාව ලෙසිනි. කලාපයේ අනෙක් රටවල් ‍රැකියා අහිමි වූ ශ්‍රමිකයන් ඉවත් කරගෙන තිබියදී ලංකාව පමනක් සිය පුරවැසියන් මැදපෙරදිග අසරණ කොට ඇති බව ජොර්දාන් මධ්‍ය පුන පුනා කීහ

ගෝඨාභය රාජපක්ෂ පිල් විදහාගෙන නැ‍ටුවද ඔහුගේ හෙළුව මුලු ලොවම දැක හමාරය.ගෝඨා විදේශ ශ්‍රමිකයන් අසරණ කළ නින්දිත පාලකයෙකු ලෙස විදේශ ප්‍රජාව ඉදිරියේ කොන් වී හමාරය.

මේ වනවිට, ගෝඨාභය රාජපක්ෂ අසරණයන්ගේ දුක් ගැන විල්ලට විසදුමක් දෙනවා වෙනුවට කුලී ලියන්නන් සහ ලොන්ඩරි මාධ්‍ය යොදවා ශ්‍රමිකයන් කබලෙන් ලිපට ඇද දැමීමට කැස කවමින් සිටියි

ගෝඨාගේ ජඩ මාධ්‍ය කියන විකෘති කතා වලට නො‍රැවටෙන්න, ශ්‍රමිකයන් ගැන මුල සිට හඬ නැගූ අප මෙහි ලියා ඇත්තේ ඇත්ත කථාවයි

කුලියට ලියන උන් ගෝඨාභයට සුදු හුණු ගෑවද ,මේ ආකාරයෙන් ගෝඨා යන ගමන කෙලවර වන්නේ ඉතිහාසයේ කුණු බක්කියෙන් බව කණග‍ටුවෙන් වුවද ලියා තැබිය යුතුය