මුජිබර්, සජිත්ගේ මූනටම බැන වදී Exclusive !

මුජිබර්, සජිත්ගේ මූනටම බැන වදී Exclusive ! image 47

කේවල ඡන්ද ක්‍රමය වෙනුවට  මනාප ක්‍රමය ඇරඹුනේ 78 ව්‍යාවස්ථාවෙනි. මනාප ක්‍රමය නිසා එකම පක්ෂයේ අපේක්ෂකන් පවා ගහ මරා ගන්නා තැනට වැ‍ටුනි. මෙවන විට  කොළඹ දිස්ත්‍රික්කයේ මනාප පොරය  දරුණුවටම ඇවිල ගොස් ඇත්තේ සමගි ජනතා බලවේගය තුලය.

කොළඹින් මුස්ලිම් අපේක්ෂකයන් තිදෙනෙකු නම් කිරීම චම්පික හදුන්වා දුන්නේ මූලධර්ම දෝෂයක් ලෙසිනි. වරද නිවරදි  කිරීමට ගිය සජිත්ට  ඉඳුරුවේ ආචාරියාට වූ සන්තෑසිය අත් විය. ෆවුසි මහල්ලෙක් යයි කියා තරඟයෙන් ඉවත් කළේය. මුස්ලිම් ජනයාගේ පලමු මනාපය සජිත්ට ලකුණු කළ යුතු යයිද දෙවන මනාපය මරික්කාර්ට ලකුණු කළ යුතු යයිද යෝජනා කළේය.

මරික්කාර්ට සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පට්ටමද පිරිනැමුවේය. සමගි ජනතා බලවේගයේ දරුණුතම ගැ‍ටුම ආරම්භ වූයේ මෙතැනිනි.තවද මුස්ලිම් ජනයාගේ මනාප ලකුණු කිරීම ගැන සජිත් දුන් උපදෙස් ෆවුසිගේ සහ මුජිබර්ගේ දැඩි කෝපයට හේතු විය

කුඩම්මාගේ සැලකිලි ලැබූ මුජිබර් සහ ෆවුසි එක පිලකට ගොණු වී ඇත .ඉන් නොනැවතුනු ඔවුන්, මුස්ලිම් ජනයාගේ පළමු මනාපය දිය යුත්තේ වසර 50 ක නිකැලැල් දේශපාලනයක් හිමි ෆවුසිට යයිද , දෙවැන්න ලැබිය යුත්තේ 30 වසරක දේශපාලන ඉතිහාසයක් ඇති මුජිබර්ට යයිද කියා ප්‍රති කැම්පේන් එකක් දියත් කොට ඇත.

තවද පරම දයාබර ආල්ලාහ් දෙවියන් වැඩිහිටියන්ට සැලකීම අනිවාර්ය කොට තිබියදී ඊට පි‍ටුපාමීන් සජිත් ගත් තීන්දුව ෆවුසි විසින් දැඩිව විවේචනය කොට ඇත .එපමනක් නොව ෆවුසි  එය තමන්ගේ කැම්පේන් තේමාව කොට ගත්තේය.

සජිත් ඊයේ හදිසි ‍රැස්විමක් කැඳවූයේ ෆවුසි සහ මුජිබර් සමග ඇපයක් දමා ගැනීමටය . නමුත් සිදු වූයේ නොසිතූ දෙයකි. මුස්ලිම් ජනයාගේ මනාප ලකුණු කිරීම සම්බන්ධව සජිත් උපදෙස් දීම නිසා අවුල් ජාලාවක් ඇතිවී තිබෙන බව මුජිබර් සහ ෆවුසි පෙන්වා දී ඇත.

ඔයා දන්නවද මේ වැඩ වලින් කාටද වාසි වෙන්නෙ කියලා , ෆයිට් කැන්සර් මොහොමඩ්  කැම්පේන් එකක් ගෙනියනවා, ‘ඉම්රාන් ඛාන්ලා හිටියට මදි , පකිස්ථාන් ඡන්ද දායකයො වගේ වගේ හිතන ජනතාවකුත් ඕනේ ’ කියලා, අද අපි එක්ක හිටිය මිනිස්සු එයා ගාවට ගිහිල්ලා, මැතිවරණ සටන අරම්භ කරන විට කොළඹ  මුස්ලිම් ජනතාව සිටියේ අපි එක්ක , ඔයාගෙ  වැඩ නිසා දැන් අපිට අවාසියි  ”

කියා  මුජිබර්, සජිත්ගේ මූනටම ප්‍රකාශ කර ඇත . මුජිබර්ගෙන් එල්ල්වූ  වාග් ප්‍රහාරයත් සමහ තීරණයකින් තොරව ‍රැස්වීම අවසන් කොට ඇත