හේමා හදිසියේ රනිල් හමු වෙයි – රෝදය කැරකුණා නේද කියා මූණටම විමසයි

හේමා හදිසියේ රනිල් හමු වෙයි – රෝදය කැරකුණා නේද කියා මූණටම විමසයි image 49

ඊයේ දිනයේ රනිල් සහ හේමා අතර හදිසි සාකච්ඡාවක් පැවැත්වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් අපට වාර්තා වි ඇත. හේමා රනිල් හමු වූයේ,  සජිත්ගේ දේශපාලනය අනාගතය ගැන කථා කිරීමට මිස ලංකාවේ දේශපාලනය ගැන කථා කිරීමට නොවන බව  අමුතුවෙන් කිව යුතු නැත . මධ්‍යම සංස්කෘතික අරමුදලේ මූල්‍ය වංචාව පිලිබද වාර්තාව නිකුත් වීමත් සමග  සජිත් අත්අඩංගුවට ගැනීමට සූදානමක්  ඇතැයි  වූ  පුවතකින්  කොළඹ  දේශපාලනය ගිණියම් විය. හේමා රනිල් හමුවීමට ආවේ විය හැකි දේ පිළිබදව කරුණු විමසීමටය.

රනිල් යනු කීමට ඇති දේ  ඕනෑම අයෙකුගේ මූනටම කියන දේශපාලකයෙකි.

” එදා මටයි රවීටයි බැංකු හොරු කීවා, සිරිසේන එක්ක එකතු වෙලා මට විරුද්දව කොමිසන් දැම්ම. කිලී මහරාජා අරලියගහ මැදුරේ දවස 7ක්  කැමරාවක් අටවගෙන හිටියා,  කොට්ට පැදුරු අකුලගෙන මම යන හැටි රටට  පෙන්වන්ඩ.  ඕකට තමා රෝදෙ කැරකෙනවා කියන්නේ ” යන ආදී වශයෙන් රනිල් හේමාගේ මූනටම ප්‍රකාශ කොට ඇත.

ඊයේ සිදුවූ හමුවීමට පෙර රනිල්-හේමා හමුවක් මීට දින කිහිපයකට පෙරද සිදුව ඇත.පෙරේදා රනිල් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රේමදාස චරිතය පිලිබදව ප්‍රසාද  මුඛයෙන්  කථා කොට තිබුනි. ආර්.ප්‍රේමදාස ආරක්ෂා කළේ තමා බවත්, ප්‍රේමදාසගේ නිසල දේහය බාර ගත්තේ තමා බවත්,  සජිත් දේශපාලනයට ගෙන ආවේ තමා බවත් එහිදී කියා තිබුනි. තවද, පෙරේදා එජාපයේ හිටපු පාර්ලීමේන්තු මන්ත්‍රීන් ද  ඇතුළුව 105 දෙනෙකු  පක්ෂයෙන් නෙරපා තිබුනි. නමුත් රනිල්ගේ උපදෙස් පරිදි සජිත්ගේ නම, එම ලැයිස්තුවට ඇතුල් නොවුනි.

කෙසේ වුවද  සජිත් වහාම පක්ෂයෙන් ඉවත් කළ යුතු බව  එජාප ඉදිරි පෙලේ ක්‍රියාකාරීන්ගේ   මතය වී ඇත. නින්දිත පාවාදීම් නිසා බල්ලා මාක් වැදුනු දේශපාලකයන් එමටය. සිරිසේන ජනවරම පාවා දුන්නේය. ෆොන්සේකා, මහින්දගේ සහ  රනිල්ගේ කන්ඩ දුන් අත හපා කෑවේය. චම්පික දේශපාලන පක්ෂ 13 කට කොකා පෙන්නුවේය.කිරිඇල්ල මහින්දට,රනිල්ට බටර් ගාමින් බිලියන ගණනින් සොරකම් කළේය.මොවුන් කිසිවෙක් යලි එජාපයට එනවාට පාක්ෂිකයන් කැමති නැත.

සජිත් ප්‍රේමදාසද  බල්ලා මාක් වැදුන දේශපාලකයෙකි . සිරිකොතට ගල් ගැසූ  පිරිසට ආහාර පාන බෙදුවේ දුලංජලීය. ගල් ගසා හිරේ ගිය උන්ට රු 100,000 බැගින් දුන්නේය. අවසානයේ පක්ෂයද දෙකඩ කළේය. සජිත් යලි කිසි දිනක එජාපය තුල වද්දා නොගත යුතු බව පාක්ෂිකයන් බහුතරයකගේ මතය වී ඇත. සජිත් වැනි  කුමන්ත්‍රණකරුවෙකුට යලි තනතුරු දීමට කටයුතු කරන්නේනම් තමා ඊට විරෝධය පල කරන බව එජාප ජේෂ්ඨ  නායකයෙකුද අප සමග කීවේය.

ඊලග පාර්ලීමේන්තුවේ නියත අගමැති මහින්දය. ඊලග පාර්ලීමේන්තුවේ විපක්ෂ නායකයා ‍තෝරන්නේ මහින්ද විසිනි. රනිල් වික්‍රමසිංහ යනු  ගෝඨා සහ මහින්ද පමනක් නොව සමස්ථ ලෝකයේ  පිලිගැනීමට ලක් වූ දේශපාලකයෙකි. කරුනු එසේ හෙයින් ලාංකීය දේශපාලනයේ දිශානතිය තීරණය කිරීමට රනිල්ට කළ හැකි බලපෑම සුළු ප‍ටු නොවේ.  හේමා ප්‍රේමදාස වුවද රනිල් හමුවන්නේ මේ නිසාය. රනිල්ගේ ප්‍රතිරූපය කවරක් වුවද දේශපාලන අනාථයන්ට  පිළිසරණ වීමට  පෙර දිවි හිමියෙන් පක්ෂය ‍රැක ගැනීමට කටයුතු කල පිරිස ගැන පලමුව බැලිය යුතුය.

නයා මුගටියා සටනින් එකෙකු කම්බස් වීම නොවැලැක්විය හැක . සජිත්ගේ සහ චම්පිකගේ ඉරණම ඔවුන්ටම විසදා ගැනීමට ඉඩ දිය යුතුය. ඒවා විසදීමට රනිල් මැදිහත් විය යුතු නැත. දිට්ඨධම්මවේදනීය කර්මයෙන් ගැලවිය හැකි ජගතෙක් මිහිපිට නැත.

එවා විසදීමට  ගොස් සජිත් වැනි නයි යලි පක්ෂය තුලට වද්දා  නොගත යුතුය. සජිත් වැන්නෙකු යලි පක්ෂයට වද්දා ගත හොත්  පාක්ෂිකයන්ට  සිදු වන්නේ ඉදිරි වසර 5ත්  කනවෝ කනවෝ කියමින් සිටීමටය.