සජිත්ගේ මැරයන් අසාත් සාලිගේ කාර්යාලයට පහර දෙයි

සජිත්ගේ මැරයන් අසාත් සාලිගේ කාර්යාලයට පහර දෙයි image 14

ප්‍රේමදාසගේ සහ ජවිපෙ මැරයන් සිදු කල ප්‍රචන්ඩ ක්‍රියා 1988 මැතිවරණය ඉතිහාසයේ දූෂිතම මැතිවරණය විය. මැතිවරණයයෙන් අනතුරුව ප්‍රේමදාස පරාජිතයන්ට එලවා එලවා පහර දුන්නේය. පොලිස් වාර්තා අනුව ගෙවල් 243 කට ගිණි තබා තිබුනි, ගෙවල් 7111 කට ගල් ගසා තිබුනි. මේවා මුලුමනින්ම ප්‍රේමදාසගේ මැර අනුගාමිකයන් සිදු කළ ඒවාය

සජිත් ප්‍රේමදාස, පියානෝගේ අඩිපාරේ යන බව නිතර කියන කතාවකි. ඒ බව පසක් කරමින් ඊයේ රාත්‍රී 11.30 පමන අසාත් සාලිගේ නාවල පිහිටි කාර්යාලයට ගල් ප්‍රහාරයක් එල්ල කොට ඇත.

මහ මැතිවරණයට පෙර අසාත් සාලීට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් දෙන බවට සජිත් ප්‍රේමදාස පොරොන්දු වී තිබුනි. නමුත් මැතිවරණය අවසන් වූ විගස සජිත් දුන් පොරොන්දුව කඩ කළේය

පෙරේදා එනම් 10 වැනිදා හකීම් , රිෂාඩ අසාත් සාලි, දිගා, මනෝ සජිත් හමුවී මේ ගැන සාක්ච්ඡාවක් පවත්වා තිබුනි. එහිදී පොරොන්දු කඩ කිරීම ගැන අසාත් සාලි සජිත්ට දැඩි ලෙස දෝෂාරෝපනය කළේය.

සජිත්ගේ මැරයන් අසාත් සාලිගේ නාවල කාර්යාලයට ගල් ප්‍රහාරයක් එල්ල කලේ ඊට ප්‍රතිචාර ලෙසය.

මැතිවරණය ආසන්න දිනකදී කොළඹ එජාප ආධාරකරුවෙකුගේ නිවස සහ ඊට යාබද කාර්යාලයටද මේ අයුරින් පහර දී තිබුනි. කාලයකට පෙර සිරිකොතට ගස් ගැසුවේද සජිත්ගේ මැරයන්ය.

මෙවර පොහොට්‍ටුව 2/3 විශිෂ්ඨ ජයග්‍රහනයක් වාර්තා කලද ඔවුන් දේපල වලට පහර දීමට තරම් ගෝත්‍රිකයන් නොවීය . නමුත් සජිත්ගේ මැරයන් කිහිප අවස්ථාවකදීම දේපල වලට අලාභ හානි කරමින් පුද්ගලයන් බිය ගැන්වීමට කටයුතු කළහ