
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පිලිබද පොරොන්දුව කඩ කිරීම ගැන අසාත් සාලි ඊයේ වීඩියෝවක් නිකුත්කරමින් සජිත්ට දෝෂාරෝපනය කළේය
”මම ප්‍රේමදාසගේ පුතා මම , මගේ වචන දෙකක් නෑ” යයි සජිත් මැතිවරණයට පෙර තමාට ප්‍රකාශ කළ නමුදු දැන් සජිත්ගේ නියම ස්වරූපය එලි වී ඇති බව ඔහු කීවේය. පලාත් පාලන මැතිවරණයට වෙනම තරග වදින බවද ප්‍රකාශ කළේය.
සජිත්ට ලැබුන ඡන්ද වලින් 50% වඩා සුළු ජාතික ඡන්ද යයි බවද ඔහු කීවේය. සජිත් සිංහළ ජනයා අතර මුළුමනින්ම ප්‍රතික්ෂේප වී ඇති බවද යාන්තමින් හෝ ජාමේ බේරුනේ මුස්ලිම් ඡන්ද නිසා බව ඔහු කීවේය .
තවද අසාත් සාලි , චම්පිකට උසුලු විසුලු කලේය . මහ ලොකු සිංහල බෞද්ධයෙක් ලෙස කතා කරන චම්පික අනිත් පැත්තෙන් පලවැනියා කියා කීවේය .