එකාධිපති වියරුවේ පළමු වෙඩි මුරය 19 දා !

එකාධිපති වියරුවේ පළමු වෙඩි මුරය 19 දා ! image 21

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමේ විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විශේෂ කැබිනට් පති‍්‍රකාවක් නව රජයේ පළමු කැබනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය පළමු කැබිනට් ‍රැස්වීම පැවැත්වීමට නියමිතව ඇත්තේ 19 වැනිදා ය. ඊට පසු දින නව පාර්ලීමේන්තුවේ මංගල සැසිය පැවැත්වීමට නියමිතය.

නව රජයේ අධිකරණ ඇමැති අලි සබ්රි මහතා ද පසුගියදා අදහස් දක්වමින්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් ඇති වූ අර්බුද නිමා කිරීම සඳහා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම සඳහා වන යෝජනාවක් නව රජයේ පළමු කැබිනට් රැස්වීමට ඉදිරි පත් කරන බව කීවේය

ශිෂ්ඨාචාරය ලේ විලක් කළ හිට්ලර් බලයට පැමිනියේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකිනි. හිට්ලර් එක් ‍රැයකින් බලයට පැමිනිය අයෙකු නොවේ. බලය ලබා ගැනීම සදහා හිට්ලර් අති ශූක්ෂම සැලැස්මක් දියත් කළේය.

හිට්ලර්, රටේ සියළුම ජනකොටස් නියෝජනය කරනවා වෙනුවට ප්‍රධාන ජන කොටසේ අභිලාශ වෙනුවෙන් පමනක් පෙනී සිටියේය. තමා නියෝජනය කරන ජනවර්ගයට එරෙහි බිල්ලන් නිර්මානය කොට, රට ජාතිය බේරා ගත හැක්කේ තමාට පමනක් බව පෙන්නුම් කළේය.

හිට්ලර්, තමාට ජනතාව තුලින් ඉල්ලුමක් ඇති කර ගැනීමට කෘතීම අර්බුධ නිර්මාණය කළේය.රට තුල අනාරක්ෂිත බවක් ඇති කළේය. ප්‍රතිවාදී පාලකයන් ජනතාවට එපා කරවන ආකාරයේ කැම්පේන් මෙහෙය වූයේය. හිට්ලර්ගේ ප්‍රතිපත්ති පොදු සමාජ මනස බවට පත් කළේය.

ෆැසිස්ට් රාජ්‍යයක් ස්ථාපිත වීමේදී එය ආරම්භයේ බොහෝ ජනප්‍රිය එකක් වීම විශේෂ ලක්ෂණයකි. හිට්ලර් බලයට ආවේ අබලන්ව, අනාරක්ෂිතව, අර්බුදයක ගිලී තිබූ ජර්මනිය ගොඩනැගීමට හැකි එකම ගැලවුම් කරුවාගේ රූපය පෙන්වමිනි.

එපමනක් නොව බලයට පැමිණි මුල් කාලයෙදී, විවිධ සහන වැඩසටහන්, ප්‍රතිලාභ ලබා දී ජනයා වසඟ කළේය . තමාගේ ප්‍රතිරූපය ඉහල නංවා ගැනීමට විවිධ ආකාරයේ සම්යක්ප්‍රයෝග, ප්‍රචාරක වැඩසටහන් කළේය .ඒ හරහා හිටලර්ට ආවඩන පිරිස වැඩි කර ගත්තේය.

ජාතියේත් රටේත් විනාශය ආරම්භ වූයේ මේ සියළු ජවනිකා වලින් අනතුරුවය