හකීම් ආණ්ඩුවට, කුමක් හෝ ඇමති ධූරයක් ඉල්ලයි

හකීම් ආණ්ඩුවට, කුමක් හෝ ඇමති ධූරයක් ඉල්ලයි image 24

හකීමට කුමක් හෝ ඇමති ධූරයක් ලබා දෙන්නේ නම් හතර දෙනෙකු සමග රජයට සහයෝගය දීමට සූදානම් බව බැසිල්ට සහ ගෝඨාභයට දන්වා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් අපට වාර්තා වී ඇත.

හකීම්, රිෂාඩ් වැනි බඩගෝස්තර වාදීන් පිල් මාරු කරමින් සෑම රජයකම ඇමති ධූර දැරූහ. මොවුන්ට ඇමතිධූර නැතිව සිටිය නොහැක . නමුත් විමල් සහ ගම්මන්පිල මැතිවරණයට පෙර ජනයා හමුවේ ප්‍රතිඥා පත්‍රයකට අත්සන් කළ අතර අන්තවාදීන් සහ පාස්කු ප්‍රහාර සැකකරුවන් සිටින රජයක කොටස් කරුවන් නොවන බවට ඔවුන් දෙදෙනා පොරොන්දු වී ඇත

හකීම් අවුරුදු 20 කට ආසන්න කාලයක් කැබිනට් අමාත්‍ය ධූර හොබවා ඇත. නමුත් මුස්ලිම් ජනතාවට හෝ රටට කළ සේවාවක් නැත.

එක්ලක්ෂ පනස් දහසකට වැඩි අනුගාමිකයන් පිරිසක් සිටින හකීම්ගේ මුහුණු පොත තවමත් ඔහු හදුන්වා දෙන්නේ ඇමතිවරයෙකු ලෙසිනි. Hon. Rauff Hakeem, Minister of City Planning, Water Supply and Higher Education ලෙසිනි.

හකීමට පොරොන්දු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 2 නොලැබීම නිසා ඔහු පසුගියදා සජිත්ටද දෝෂාරෝපනය කළේය.

ශ්‍රිලනිපට එල්ල වන කෙනහිලි හමුවේ ඔවුන් පාර්ලීමෙන්තුවේ ස්වාධීන විය යුතු යයි මධ්‍යම කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත් වී ඇත. හකීම් හතර දෙනෙකු සමග ආණ්ඩුවට එක් වීමට යන්නේ මෙවන් පසුබිමක්ය. හකීම් යනු ඉතිහාසය පුරා කල දු‍ටු කල වල ඉස ගැනීමට දක්ෂයෙකි