අලව්වේදී ටිපරයේ වැදුණ මරුටියේ සිටි 5 දෙනාම මරුට

අලව්වේදී ටිපරයේ වැදුණ මරුටියේ සිටි 5 දෙනාම මරුට image 32

අද (22) අළුයම 4.05 ට පමණ අලව්ව පොලිස් වසමේ කුරුණෑගල කොළඹ මාර්ගයේ වලකුඹුර ප්‍රදේශයේදී කුරුණෑගල දෙසට ධාවනය වූ මරුටි මෝටර් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් මෝටර් රථයේ ගමන්කළ රියදුරු ඇතුළු පිරිමි පුද්ගලයන් 05 දෙනෙකු බරපතල තුවාල ලබා අලව්ව රෝහලට ඇතුලත් කිරීමේදී 05 දෙනාම මියගොස් ඇතැයි පොලිසිය වාර්තා කර ඇත.

ඔවුන් වරකාපොල ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වී නැවත කුරුණෑගල බලා පැමිණෙමින් සිටියදී මෙලෙස අනතුරට ලක්වී ඇති අතර, ජීවිතක්ෂයට පත්වූවන් පෞද්ගලික ඉදිකිරීම් සමාගමක සේවය කරන්නන් බවට හඳුනාගෙන තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේදී ටිපර් රථය පාර මැදින් ධාවනය කොට ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි