දෙමළ බෙදුම්වාදය අළුත් වටයකින් – මහින්දට කෙලීමට ආශ්,මනී ලංකාවට

දෙමළ බෙදුම්වාදය අළුත් වටයකින් – මහින්දට කෙලීමට ආශ්,මනී ලංකාවට image

ක්‍රි. ව. 1001 – 1017 කාලයේ ලංකාව පාලනය කළේ පස්වන මිහිඳු නැත්නම් මහින්ද රජතුමා. ඉන්දියාවේ චෝල, පාන්ඩ්‍ය, කේරල රජවරු දුන්න ලණු ගිලලා මහින්ද රජතුමා අනාථ වුනා. දකුණු ඉන්දියානුවන් හිතේ හැටියට ලංකාවේ අභ්‍යනත්තර කටයුතු වලට අත දැම්මා.

මහින්ද රජතුමාගේ අඥාන වැඩ වලින් කල කිරුනු වැසියෝ බදු ගෙවීම ප්‍රතික්ෂේප කලා. භාණ්ඩාගාරය හිස් වීම නිසා හමුදා භටයින්ට පඩි ගෙවා ගැනීමටත් නොහැකි වුනා. රටේ කැරලි පැන නගින විට මහින්ද රජ්ජුරුවෝ රජ වාසල ආරක්ෂාවට කේරලයෙන් කුලී හේවායො පිරිසක් ගෙන්වා ගත්තා.

අවසානයේ උන් ඔක්කොම එකතු වෙලා කැරලි ගැහුවා. ඒ සමගම මහින්ද රජතුමා රජ වාසලින් පැනලා ගියා. මේ අතර අගනුවර පාලනය කේරළ භටයින් සහ වෙනත් අය අතින් සිදු වුන නිසා රට අවුල් වුනා. කෘෂි කර්මාන්තය, වාරි කර්මාන්තය, හැම දෙයක්ම බිඳ වැටුනා.

මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට ඉන්දියාවේ චෝලයන් සමත් වුනා. රාජ රාජ නම් චෝල රජ, ඔහුගේ පුත් රාජේන්ද්‍ර ප්‍රමුඛ සේනාවක් ලංකාව යටත් කර ගත්තා. මේ සේනාව ලංකාවට ගොඩ බැසි මොහොතේ පටන්ම ගම් ගිනි තියමින් විශාල සංහාරයක් සිදු කළා.

ඒ වගේම පස්වන මහින්ද රජතුමාත් චෝල දේශයට අල්ලාගෙන ගියා. පස්වන මහින්ද දෙමළුන්ට යටත් වීමත් සමග ප්‍රතාපවත් අනුරපුර රාජධාණිය අවසන් වුනා. රට යටත් කරගත් දෙමළුන් අනුරාධපුරය ගිණි තියලා පොලොන්නරුවේ අළුත් රාජධානියක් හැදුවා. ඉතිහාසයේ හරිම සංවේදී තැනක් නේද?

ඉන්දියාවේ සුප්‍රකට සිනමා අධ්‍යක්ෂවරයකු වත මනිරත්නම් “පොන්නියන් සෙල්වන් “Ponniyen Selvan” නමින් චිත්‍රපටියක් හදන්නේ මේ කථාව පාදක කරගෙන. ඕකේ ප්‍රධාන චරිතය කරන්නේ ආශ්වාර්යා රායි. ඔය චිත්‍රපටිය රූ ගත කිරීම් කරන්ඩ මනිරත්නම් , ආශ්වර්යා ඇතුළු පිරිස තව නොබෝ දිනකින් ලංකාවට එනවා.

ඔය චිත්‍රපටිය තුල සිංහල රාජ වංශය නිවට නියාලු පිරිසක් කරලා දෙමළ රාජ වංශය ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා. මනිරත්නම්ලා හීන් නූලෙන් මේ කරන්නේ දෙමල ජනයාගේ මනසේ ස්වෝත්තමවාදය රෝපන කිරීම . ඕක ප්‍රභාකරන්ට වඩා දරුනු වැඩක්. ඔය කරන වැඩේන් ප්‍රභාකරන්ලා දහයක් අනාගතයේදී බිහි වෙන්ඩ පුළුවන්.

උතුරේ යුද්ධය අවසන් වුන උණුසුමත් එක්ක 2010 IIFA awards කොළඹදී පැවැත්වුනා. ඒ වෙලාවේ මනිරත්නම්ගේ සුරතලා වුන ප්‍රභාකරන් මිය ගිය කේන්තියට මනිරත්නම් සහ ඒ.ආර් රහුමාන් අයිෆා උලෙල වර්ජනය කළා . අයේෂ්වර්යත් බෑ කීව . මේ වෙලාවේ ලංකාවට එන්නෙ හොදට නෙවෙ කියන එක අමුතුවෙන් කියන්ඩ ඕනෑ නෑ

අපේ රට රකින විරුවා නිඳි නම් කවුරු හරි ගිහිල්ලා ඇහැර වන්ඩ ප්ලීස්. මොකද මනෝමූල සංග්‍රාම තමා තමා ලොව භයානකම සංග්‍රාමය.