ආණ්ඩුව කාල බෝම්බයක් උඩ, එජාප පතාකයන් පසුපස බුද්ධි අංශ

ආණ්ඩුව කාල බෝම්බයක් උඩ, එජාප පතාකයන් පසුපස බුද්ධි අංශ image 1

පසුගියදා මෙරටට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ රටෙන් පිට වූයේ ලාංකීය දේශපාලනය තීරණාත්මක මංසන්ධියකට රැගෙන එමිනි.

පිඩෙටර් කථාව චීනයට එල්ල කල ප්‍රහාරයක්ම නොව ලංකාවට කළ අනතුරු ඇඟවීමකි


 මයික් පොම්පියෝ මෙරටට පැමිණියේ චීන කොමියුනිට්ස් පක්ෂයේ දෙවනියා ශ්‍රී ලංකාවේ කළ සංචාරයේ උණුසුම මැකී යාමටත් පෙර  මෙන්ම ඊට ප්‍රතිචාර දැක්වීමක් වශයෙනි.මයික් පොම්පියෝ වත්මන් චීන කොමියුනිට්ස් පාලනය සම්බන්ධයෙන් දැක්වූ ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් එය සක්සුදක්සේ පැහැදිලි විය. චීන කොමියුනිට්ස් පක්ෂය යනු සතුන් මරාගෙන කන වල් සතෙක් යයි ඔහු ප්‍රකාශ කළේය. (Predator).පිඩෙටර් කථාව චීනයට එල්ල කල ප්‍රහාරයක්ම නොව ලංකාවට කළ අනතුරු ඇඟවීමකි


කවුද මේ මයික් පොම්පියෝ 


මයික් පොම්පියෝ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා වීමට ප්‍රථම CIA  අධ්‍යක්ෂකවරයා නොහොත් චරපුරුෂ ජාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය.එපමණක් නොව 2008 වසරේ පටන් සී.අයි.ඒ සංවිධානය සහ National security agency (NSA) අධීක්ෂණය කරන ඉහළ බුද්ධි මණ්ඩලයේ සාමාජිකයෙකු විය.

ජාතිකවාදය කුළුගැන්වූ මහ මොළකරු

ට්‍රම්ප් පසුගිය ජනාධිපතිවරණය මෙහෙය වූයේ ජාතිකවාදය තේමාව කරගනිමිනි.ට්‍රම්ප්ගේ ජාතිකවාදය කුළුගැන්වූ මහ මොළකරු වූයේ මයික් පොම්පියෝය. 2012 වසරේදී ලිබියාවේ  බෙන්ගාසි නගරයේදී  ඇමරිකානු තානාපතිවරයා මරා දැමීම දේශපාලන සුනාමියක් බවට පත්කොට  කන්සර්වේටිව් පක්ෂය විනාශ කොට ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජය මාවත විවෘත කළේ මයික් පොම්පියෝය. බෙන්ගාසි ප්‍රහාරය හිලරි ක්ලින්ටන්ගේ පරාජයට තීරණාත්මක ලෙස බල පෑවාය.

රුසියාවේ දේශපාලන ‍රැකවරණ ලබන ස්නොව්ඩන් මරාදැමිය යුතු යයි ප්‍රකාශ කරමින් මැතිවරණය අභිමුවේදී ඇමෙරිකානු ජාතිකවාදය ඇවුලුවා දැමුවේ මයික් පොම්පියෝය (Snowden, the former National Security Agency (NSA) contractor who leaked secret information and now lives in Russia, should be put to death for what he did – Pompeo )

කිම් ජොන් උන්ට සිදු දෑ අදටත් අභිරහසකි

2018 වසරේදී උතුරු කොරියානු රැඩිකල් නායක කිම් ජොං උන්  රහසිගතව හමුවීමට  මයික් පොම්පියෝ සමත් විය.එම හමුවෙන් පසු ට්‍රම්ප් සහ කිම්  ජොන් උන් අතර ඓතිහාසික හමුවක් සිදුවිය.කෙසේ වුවද එම ජවනිකා වලින් පසු උතුරු කොරියානු උත්තරීතර නායක  කිම් ජොන් උන්ට සිදු වූ දෑ අදටත් අභිරහසකි.

20 සංශෝධනය චීන- ඇමෙරිකා බල අරගලයේ දිගුවක්


ලංකාවේ විසිවන ආණ්ඩුක්‍රම සංශෝධනය කලාපයේ චීන ඇමරිකා බල අරගලයේ අනාගතය තීරණය කරන බව බොහෝ දේශපාලන විශ්ලේෂකයන්ගේ  මතය වී ඇත. 20 යනු චීන හිතවාදී මහින්ද සහ ඇමෙරිකන් හිතවාදී ගෝඨා අතර ද්වන්ධ සටනකි.

20  වැනි සංශෝධනය සම්මත වීමත් සමගම මහින්ද රාජපක්ෂ  පියන් තනතුරට සීමා විය.මහින්ද පොහොට්‍ටු දේශපාලනයේ සහ වත්මන් පරිපාලනයේ බල කේන්ද්‍රය බව ආවිවාදිත කරුනකි. නමුත්  ඇමරිකානු රාජ්‍ය නිලධාරීන් කිසිවකු ඔහු හමුවීමට ගියේ නැත. අලුයමලූ කෙළ පිඩක් මෙන් මහින්ද රාජපක්ෂ බැහැර කොට තිබුණි.

අගමැතිවරයා කුජීත වෙයි – එජාපය සමග රහස් කථාවක්

ඇමෙරිකානු රාජ්‍ය නිලධාරීන්ගේ සංචාරය තුළ ශ්‍රී ලංකාවේ අගමැතිවරයා නොසලකා  හැරිය ද විපක්ෂයේ දේශපාලනය ගැන ඔවුන් දැඩි සැලකිල්ලක් දක්වා තිබුණි. එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුව නියෝජනය අහිමි වුවද ඇමරිකානු රාජ්‍ය නිලධාරීන් අදහස්ය හූවමාරු කර ගත්තේ ඔවුන් සමගය. මේ වන විට නිහඬ ප්‍රේක්ෂකයන් ලෙස සිටින එජාප නායකයා සහ හිටපු නියෝජ්‍ය නායකයා හමුවීමට ඔවුන්ගේ විශේෂ නියෝජිතයෙකු එවා තිබුණි.

ඉතිහාසයේ දුර්වලම විපක්ෂ නායකයා


70 වසරක ලාංකීය දේශපාලනයේ දුර්වලම විපක්ෂය සජිත්ගේ නායකත්වයෙන් යුතු වත්මන් විපක්ෂය බව ඇමරිකානු ඇමෙරිකානු රාජ්‍ය නිලධාරීන්ගේ මතය විය. දෙමළ සහ  මුස්ලිම් පක්ෂවල සහයෝගය අහිමි වීමත් සමගම සජිත් ප්‍රේමදාස ජාතික නායකයකු නොව ප්‍රාදේශීය දේශපාලකයකු බව ඔවුන්ගේ තක්සේරුව විය.

විදේශ දූත මෙහෙවරකදි  විපක්ෂ නායකයා සමග සමඟ නිල වශයෙන් සාකච්ඡා කිරීම සම්ප්‍රදායකි.නමුත් මේ දක්වා කිසිම රාජ තාන්ත්‍රිකයකු සජිත් ප්‍රේමදාස සමග සමඟ සාකච්ඡා කොට නැත.සජිත් එක්සත් ජාතික පක්ෂය පාවා දී කූට ලෙස විපක්ෂ නායක තරතුර ඩැහැගත්තද ජාත්‍යන්තරය ඔහු  විපක්ෂ නායකයා ලෙස පිළිනොගන්නා බව මොනවාට පැහැදිලි වී ඇත.

පොහොට්‍ටුවේ අභ්‍යන්තර වියවුල් බුර බුරා නැග එයි


මේ වන විට පොහොට්ටු  පක්ෂය අභ්‍යන්තර ආරවුල් දළුලා  වැඩීම ආරම්භ වී ඇත. 2025 දී බලයට පැමිණීමට වැඩි ඉඩකඩක් ඇත්තේ සංහිඳියාව ආණ්ඩුවකටය. බැසිල් එම පාරේ යටිබිම්ගත  දේශපාලනයක නිරතව සිටියි.බැසිල් මුස්ලිම් සහ දෙමළ නායකයන් ඔඩොක්කුවට ගනිමින්  වීරවංශ, නලින් සිල්වා වැනි ජාතිකවාදීන්ට එළවා එළවා පහර දෙමින් සිටියි.


තවත් අතකින් ගෝඨා බලයට ගෙන ඒමට සල්ලි විසි කළ ජාවාරම්කරුවන් ඇන කොටා ගැනීම ආරම්භ වී ඇත. සේනාධිපති සහ ශවෙන්ද්‍ර සිල්වා අතර කාලයක් තිස්සේ පැවැති  ආරෝව පුපුරා ගොස් ඇත.ඒ පිළිබඳ පුවතක් අද  ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ පළ කොට ඇත. සේනාධිපතිට එරෙහි සටනට දෙරණ හිමිකරු දිලිත් ගේ සහයද  ලැබෙමින් ඇති බව වාර්තා වෙයි

බ්‍රැන්ඩික්ස් හිමිකරු ගෝඨා සමග වන හිතවත්කම් භාවිතාකොට නීරෝධායන නීති රෙගුලාසි නැවීම පිළිබදව බොහෝදෙනෙකු මේ වන විට මහත් කලකිරීමට පත්ව සිටියි.ඇතැමුන් සිය විරෝධය ගෝඨාගේ මුහුනටම ප්‍රකාශ කොට ඇත

ආන්ඩුවට කඩේ ගිය බෞද්ධ භික්ෂූන් ගෝඨාගේ සහ ආණ්ඩුවේ රෙදි ගැලවීම ආරම්භ කොට ඇත. තවදුරටත් දෙන්නම් කාසි වලට කාසි වලට වැඩ නොකරන බව කියමින් හිරු මාධ්‍ය ජාලය ගෝඨාට එරෙහි  පුවත් ඇලවීම පටන් ගෙන ඇත

පියන් තනතුරට පත්වූ මහින්ද විශ්‍රාම ගැට්ටේ

පියන් තනතුරට පත්වූ මහින්ද දේශපාලනය ගැන කළකිරී දේශපාලනයෙන් සමුගන්නා  ගැට්ටට පැමිණ ඇත. දේශපාලනය පිළිබඳ කිසිදු උනන්දුවක් නොදක්වන මහින්ද මේ වන විට දවසේ සම්පූර්ණ කාලය ගෙවා දමන්නේ  සිය මුනුපුරා වන  නිර්වාන් සමගය.

විදෙස් ශ්‍රමිකයන්ගේ පවුල් මහපාරට බැස විරෝධය දැක්වීමට සූදානම් වෙයි

ගුවන්තොටුපල වැසීම නිසා යළි මව් රටට පැමිණීමට නොහැකිව තිස් දහසක පමණ පිරිසක් අන්ත අසරණව සිටියි. පසුගිය කාලය පුරා ලංකාවට ලක්ෂ 3  සහ 10 අතර මුදල් ගෙවමින් විදේශවල සිට මෙරටට පැමිණ නිරෝධායනය වූ ජනතාවගේ මුදල් ගඟට කැපූ ඉනි බවට පත්ව ඇත.නිරෝධායනය ජාවාරමක් කරමින් වත්මන් ආණ්ඩුව  මුදල් ගැරැවා ගැන මිස සමස්ත පුරවැසියන්ගේ ආරක්ෂාව පිළිබඳව වගකීමෙන් කටයුතු නොකළ බව ඔප්පු වී ඇත. එජාප පාතාකයෙකුගේ මුලිකත්වයෙන් විදෙස් ශ්‍රමිකයන් රජයට එරෙහිව මහපාරට බැස විරෝධනය දැක්වීමට සූදානමින් සිටියි

මෝටර් සයිකල් කර්මාන්තය ආශ්‍රිත පවුල් එම විරෝධයට එක් වීමට සාකච්ඡා


ආණ්ඩුව දුප්පත් ජනයාට බලපාන පරිදි පටි තද කරමින්  දළ  කාරයන්ට සියලු සැප සම්පත් ලබාදෙන බව පැහැදිලි වී ඇත.මෝටර් සයිකල් ගෙන්වීම තහනම් කළ  ද සුඛෝපභෝගී වාහන ගෙන්වීමට දුසිම් ගණනින් බලපත්‍ර නිකුත් කොට ඇත.මේ වන විට මෝටර් සයිකල් කර්මාන්තය ආශ්‍රිත ලක්ෂ ගණනක්  මහපාරට ඇදවැට ඇත . Lockdown නීති රීති ඉවත් කළ වහාම රජයට විරුද්ධව පාරට බැසීමට මොවුන්ද සූදානම්ව ඇත.

එජාපයේ දේශපාලන පතාකයන් දෙස උකුසු ඇස


ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව මේ වන විට සිටින්නේ කාල බෝම්බයක් මතය.මේ අතර එජාප එජාප හිටපු නායකයන් ගෝඨාභය  පරිපාලනයේ ආරවුල් කුළු ගන්වන බවට රහස්‍ය වාර්තාවක් මගින් දක්වා ඇති බව වාර්තා වෙයි .  මේ වන විට නිහඩ ප්‍රේක්ෂකයන් ලෙස සිටින එජාපයේ දේශපාලන පතාකයන් දෙස උකුසු ඇස යොමු වී ඇති අතර ඔවුන් පසුපස බුද්ධි අංශ ලුහුබැඳීම ආරම්භ වී ඇත.

ලංකා නිවුස් ඇප් විශේෂ වාර්තාකරුවෙකු විසිනි