ඩයනා බැසිල්ගේ ඔඩොක්කුවට පැනීම සමග සජබ අනතුරේ, සජිත්ට ලංකට් එකත් අහිමි වෙයිද ?

ඩයනා බැසිල්ගේ ඔඩොක්කුවට පැනීම සමග සජබ අනතුරේ, සජිත්ට ලංකට් එකත් අහිමි වෙයිද ? image 1

පාර්ලීමේන්තු මැතිවරණය දින නියම කිරීමත් සමහ සජිත්ගේ පක්ෂයෙන් නාමයෝජනා දුන් අපේක්ෂකයන් 65ක් පමන බැසිල් හමු වීමට ගියහ.ඔවුන් බැසිල් හමුවී සාකච්ඡා කළා පමනක් පමනක් නොව බැසිල්ට සහයෝගය දැක්වීමට ප්‍රතිඥා දුන්හ . ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස බැසිල් පාර්ශවය එකී  සජබ මන්ත්‍රීන්ගේ මැතිවරණ ව්‍යාපාරයට මිල මුදල් වලින් උදව් කළේය. 

බැසිල්ගෙන් උදව් උපකාර ලැබූ සජබ අපේක්ෂකයන් සියළුදෙනා පාර්ලීමේන්තුවට තේරි පත් නොවුවද බැසිල් සරන ගිය  22 පමන තේරී පත් විය . පසුගියදා ආණ්ඩුවට එක්වූ  ඩයනා ගමගේ ඇතුළු අට දෙනා බැසිල් සරණ ගිය පිරිසෙන් කොටසකි. අනෙක් පිරිස ඕනෑම මොහොතක පැනීමට සූදානමින් වෙස් වලාගෙන සිටියි. අද පොර ටෝක් දෙන  නලීන් බන්ඩාරද  බැසිල් සරණ ගිය අයෙකි. 

 සජිත් මැතිවරණයට පෙර තමාට හෝ තම පිලට රාජපක්ෂලා  සමග සමඟ කිසිඳු ගනුදෙනුවක් නොමැති බව උස් හඬින් කීවේය. නමුත් අතිශය  තීරණාත්මක මොහොතක  ඩයනා ගමගේ ඇතුළු පිරිස සජිත්ට කොකා පෙන්වා බැසිල් සමග එක් වීමත් සමග ඩීල් එක ගාගේ දැයි ඔප්පු විය . ඩයනගේ පැනීම සමග සජිත්ට ලංකට් එකත් අහිමි වී ඇත.

තවද එය හුදෙක් පිල් මාරුවක් පමණක් නොවිය.සජිත්ගේ පක්ෂයේ පූර්ණ පරිපාලන බලය ඩයනා ගමගේ සතු විය.ඩයනා බැසිල්ගේ ඔඩොක්කුවට පැන්නෙ සජිත්ගේ පක්ෂයේ පරිපාලන බලය ද සමගිනි.ඩයනාගේ පිල් මාරුවත් සමගම සජිත්ගේ පක්ෂයේ අනාගතය ඉඳුරාම  අනතුරට භාජනය වී ඇත. මේ හේතුවෙන් පසුගිය මාස කිහිපය තුළ ආයාසයෙන් යටපත් කරගෙන සිටි අභ්‍යන්තර ආරවුල් යළි උත්සන්න වී ඇත.


 පක්ෂය තුල සහ බිම් මට්ටමේ සජිත්ට එරෙහිව ඇවිල යන විරෝධතා පහත පරිදිය.

1. ඩීල්කාරයින් යයි එජාපයට කළ චෝදනාව තමන්ට කැරකීම නිසා සජිත්ගේ පදනම දෙදරා ගොස් ඇති අතර ගම් මට්ටමෙන් විශාල විරෝධයක් සජිත් වෙත එල්ල වෙමින් පවතියි.

2. මැතිවරණ කැමිපේන් එකට බැසිල්ගෙන් මිල මුදල් උපකාර ලැබූ දොළොස් දෙනෙකු පමණ තවදුරටත් සජිත් සමග සිටින අතර ඔවුන් බැසිල්ගේ ඔත්තුකරුවන් යයි අනෙක් මන්ත්‍රීන් කැළඹීමෙන් අසහනයෙන් කල් ගෙවයි. පක්ෂ අභ්‍යන්තර සමගිය සහ විශ්වාසය  බරපතළ ලෙස අනතුරට පත්ව ඇත.

3. ආණ්ඩුවක් පෙරළිය හැක්කේ බැනර්  ප්‍රදර්ශනය කිරීම, කළු  පටි බැඳීම වැනි ප්‍රාථමික මට්ටමේ ක්‍රියාකාරකම් වලින් නොව තිරය පිටුපස සිට මෙහෙය වන අති සූක්ෂම දේශපාලන ගේම් වලින්ය. සජිත්ට එවැනි පරිචයක් නොමැති බව ඔහුගේ කණ්ඩායමේ බොහෝ දෙනෙකු කතා වන මාතෘකාවක් බවට පත්ව ඇත.


4. බැසිල් රාජපක්ෂ මේ වන විට සූක්ෂමව ජලනි ප්‍රේමදාස  දැලේ දාගෙන ඇති අතර ඇය හරහා විපක්ෂයේ දේශපාලනයට බලපෑම් කිරීමට සමත්ව සිටියි. මේ පිලිබදව සජබ මන්ත්‍රීන් සහ ක්‍රියාකාරීන් බලවත් කලකිරීමෙන් පසු වෙයි. සජිත් මධ්‍ය සංස්කෘතීක අරමුදල් සිද්ධිය ජලනී හරහා යට ගසාගත් පුවත ප්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇත


5. සජිත්ගේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ බලය ඩයනා සහ ඇගේ සැමියා  සතු වන අතර ඩයනා හරහා සජිත්ගේ පක්ෂය මෙහෙයවීමට බැසිල් සමත්ව සිටීයි.


6. ඩයනා  යනු  එජාපය විනාශ කිරීමට බැසිල් ඇටවූ කෙමනක් බව දැන් ඔප්පු  වී ඇත. එජාපය කඩාගෙන යාම පිළිබඳව පක්ෂ අභ්‍යන්තරයෙන් සජිත් කෙරේ බරපතල විරෝධයක් එල්ලවෙමින් පවතීයි 


7. සජිත් ජනාධිපති අපේක්ෂක තරගයට එන විට ෆොන්සේකා රනිල් සමග විය . එවැනි වාතාවරණයකදී චම්පික සජිත් වෙනුවෙන් පෙනී සිටියේය. නමුත් පාර්ලීමේන්තු මැතිවරණයෙන් පසු සජිත්ට මුල අමතක විය. සජිත් චම්පික කපා දමා පොන්සේකා ලගට ගත්තේය. විකල්ප නායකයෙකු  බිහිවීම වැලැක්වීමට සජිත්  ගත් තීන්දුව පිළිබදව පක්ෂ අභ්‍යන්තරයෙන් දැඩි විරෝධයක් මතුව ඇත  

සජිත්ගේ ඉරණම තීන්දුවිය හැකි ‍රැස්වීමක් අද දින පැවැත්වීමට නියමිතව තිබුණි. සජිත් නායකත්වයෙන් පන්නා දමන පලමු වෙඩි මුරය පත්තු කිරීමට එහිදී සියල්ල සූදානම් කොට තිබුණි. කෙසේ වුවද කොරෝනා පිට දමා ‍රැස් වීම දින නියමයක් නොමැතිව කල් දැමීමට සජිත්ට හැකි විය