බැසිල්ගේ ආගමනයට පෙර වදනක්

බැසිල්ගේ ආගමනයට පෙර වදනක් image 3

ලංකාවේ තනි විශාලතම දේශපාලන පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයේ ඝාතකයා සහ එකී සාහසික ඝාතනයට උල්පන්දම් දුන්න උන් කවුද කියා මේ වන විට සක්සුදක්සේ පැහැදිලි වී ඇත.ඩයනා ගමගේ බැසිල්ගේ ඔඩොක්කුවට පැනීමෙන් පසු සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ ගෝල බාලයන් බැසිල් සමග කළ ගනුදෙනු එළිදරව් කොට ඇත.සජිත්ගේ පක්ෂයෙන් නාම යෝජනා දුන් 65 පමණ මැතිවරණයට පෙර බැසිල් හමුවූ බවත් ඔවුන්ට මිල මුදලින් උපකාර කළ බවත් දැන් ඔප්පු වී ඇත.

සජිත්ට මරාලයක් වූ මධ්‍යම සංස්කෘතික අරමුදල් වංචාව යට ගසා ගත්තේ ජලනි- බැසිල් ඩීල් එකකින් බව හෙළිදරව් වී ඇත. මැතිවරණ සමයේ ජලනි ප්‍රේමදාස බැසිල් සමග ගනුදෙනු කරන බව දැනගත් ඔහුගේ ගෝල බාලයන් සාමූහික වත් තනි තනිවමත් බැසිල් සමග ගනුදෙනු කිරීමට පෙලඹී ඇත.එජාපයෙන් වෙන්ව අලුත් පක්ෂයකින් මැතිවරණයට තරග කළ යුතුයැයි කැරැල්ලක් නිර්මාණය කළේ බැසිල්ගෙන් මිලමුදල් ලැබූ එකී පිරිසය.

එජාපයෙන් වෙන් තනිව තරඟ කළ යුතුය යන මතය දැරූ කල්ලියට නායකත්වය දුන්නේ ජලනි ප්‍රේමදාසය.බැසිල්-ජලනි ගණුදෙනු වල ගැඹුර වටහා ගැනීම ඔබට භාරය. අවසානයේ බැසිල්ගේ අති ශුක්ෂම දේශපාලන ගේම හමුවේ සජිත් අසරණ විය. අලුත් පක්ෂයක් හදාගෙන වෙනම තරග කිරීම හැර විකල්පයක් සජිත්ට නොවීය. සමගි ජනතා බලවේගය නම් දේශපාලන පක්ෂය බිහි වූයේ ඒ අනුවය.කොටින් කිවහොත් සජබ පක්ෂය වැඩුනේ ජලනිගේ ගර්භාෂයේය . සජබ පක්ෂයේ පියා බැසිල් රාජපක්ෂය.


වත්මන් ලෝකය තුළ ආණ්ඩු  පක්ෂය විසින් විපක්ෂය පාලනය කිරීම  රටවල් ගණනාවක් වෙලාගත්  පිළිලයක් බවට පත්ව ඇත. රුසියාව,පිලිපීනය,සිංගප්පූරුව සහ සමස්ථ ලතින් ඇමෙරිකාව ඇතුළු රටවල් ගණනාවක් මෙම තත්ත්වයට උදාහරණ ලෙස සැපයිය හැක. මෙම රටවල් වල දැකිය හැක්කේ ජනතාවගේ ඇසට වැලි ගසා එකගෙයි කන ආණ්ඩුවක් සහ විපක්ෂයකි. බැසිල් රාජපක්ෂ එකී පිළිලය ලංකාවේ දේශපාලනයට ගෙනවිත් ඇත.


සජිත් ප්‍රේමදාස රාජපක්ෂලා සමග ඩීල් දේශපාලනයක නිරත බව සිය දහස් වරක් අප කීවෙමු.මෙම වෙබ් අඩවිය හරහා ඊට පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කළෙමු.පාර්ලිමේන්තුව විසුරුවාලීමෙන් පසු පක්ෂ නායක වරප්‍රසාද අහෝසි වීය. නමුත් සජිත්ට සිය මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය ලෙස  විපක්ෂ නායක කාර්යාලය භාවිතා  කළේය. 200ක පමණ පරිවාර ආරක්ෂක සේනාවක් සජිත්ට ලැබුණි. බෙන්ස් බී.එම් ඇතුළුව වාහන 12ක් පමණ සජිත්ට ලැබුණි.ඡායාරූප ද සමගින් මේවා ඉදිරිපත් කරමින් සජිත් රාජපක්ෂලා සමග ඩීල්කරන බව අප කීවෙමු.

නමුත් අවාසනාවට එජාප පාක්ෂිකයා විශ්වාස කළේ  අප කී කතාව නොව සජිත්ගේ වාචාලයන් කියන ලද රවී-රනිල් ඩීල් කරන කතාවය.රවී-රනිල්ට රාජපක්ෂලා සමග ඩීල් එකක් නැති බවත් ඩීල් එක ඇත්තේ සජිත්-බැසිල් අතර බව  ජනතාව  දැන්වත් තේරුම් ගත යුතුය. නමුත් එය තේරුම් ගන්නා විට ඔබ ප්‍රමාදය .ජලනි එජාපයේ පපුවට පිහියෙන් ඇණ හමාරය .

බැසිල්ගේ පාර්ලීමේන්තු සම්ප්‍රාප්තිය පිළිබදව වඩාත්ම සතුටට පත්ව ඇත්තේ ඇගේ නිළ භාර්යාවටත් වඩා ජලනි ප්‍රේමදාස බව අපට තොරතුරු දුන් පුද්ගලයා සදහන් කළේය.බැසිලිකාව පිළිබදව ජලනි පස්වනක් පිනා ගොස් සිටියද වීර මාතාවක් වන ශශී වීරවංශ බැසිලිකාවට එරෙහිව යුධ ප්‍රකාශ කොට ඇති බව ඔහු සඳහන් කළේය. ජනතා විමුක්ති පෙරමුණ දෙකඩ කළ ශශී වීරවංසට බැසිලිකාව කෙරුමෙක් නොවන බවත් , බැසිල් සල්ලං වන්නේ ශශීගෙන් බවත් ඔහු සඳහන් කළේය