මදුෂ්ට අත් වූ ඉරණම සහරාන්ගෙ බිරිදටත් අත්වෙයිද ?

මදුෂ්ට අත් වූ ඉරණම සහරාන්ගෙ බිරිදටත්  අත්වෙයිද ? image 7

පසුගියදා පාස්කු ප්‍රහාරය පිලිබදව විශේෂ ජනාධිපති විමර්ෂණ කොමිසන් සභාව හමුවේ සාක්ෂි දීමට සහරාන් හෂීම්ගේ බිරිඳ වන ෆාතිමා සාදියා කැඳවා තිබුනි. ඇය ඊලග දින සාක්ෂි විමසීමේදී කෙස් කලින් කරන දිර්ඝ හෙලිදරව්වකට සූදානම්ව සිට ඇත.

එක්වරම කොමිසමේ සභාපති විනිසුරුවරයා විසින් එය වළක්වා කොමිසම දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව ලංකාවේ තහනම් නොකල වෙබ් අඩවියක් විසින් වාර්තා කොට ඇත.

ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙන අවස්ථාවේදී ෆාතිමා සාදියා  රඳවා සිටියේ තංගල්ල රැඳවුම් මධ්‍යස්ථානයේය. නමුත් යටකී හෙළිදරව්වට සූදානම් වෙත්ම හදිසියේම ඇය යුද හමුදාවෙන් පාලනය වන වැලිකන්ද ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයකට ‍රැගන ගොස් ඇති බව වාර්තා කොට ඇත.

කරුණු එසේ හෙයින් ලංකාවේ ක්‍රියාත්මක මානව හිමිකම් සංවිධාන ගණනාවකක් මේ පිලිබදව සෙවිල්ලෙන් සිටින බව වාර්තා වෙයි