පැණි සුමනේට සහ දිලිත්ට එල්ල වූ ගරිල්ලා ප්‍රහාරය – නලීන් සහ අප්පුහාමී හයර් කළ හැටි

පැණි සුමනේට සහ දිලිත්ට එල්ල වූ ගරිල්ලා ප්‍රහාරය – නලීන්  සහ අප්පුහාමී  හයර් කළ හැටි image 12

කොරෝනා  පරීක්ෂණ  සඳහා යොදා ගන්නා උපකරණ කට්ටල (රැපිඩ් ඇන්ටිජන් කට්ටල) ගෙන්වීමේදී විශාල වංචාවක් සිදුව ඇති  බව රහසක් නොවේ. එහි ප්‍රධාන චූදිතයා ගෝඨා  සර්ගේ දකුණු අත වූ  දිලිත් ජයවීරය.

රැපිඩ් ඇන්ටිජන් කට්ටල මගඩිය විතරක් නොවේ

විදේශ ශ්‍රමිකයන් නිරෝධාන කරන මුවාවෙන් එක් හෝටල් කාමරයකින් දිනකට රුපියල් 40000 වැඩි හම්බ කරන්නේ ද මොහු ය.නැව් මගින් විදේශ ශ්‍රමිකයන් ගෙන්වා ගිනි  ගණන් ගෙවා හෝටල් කාමර වල නවත්වනවා වෙනුවට නැවේ දීම නිරෝධායනය කරන ක්‍රමවේදයක් සකස් කළ සේනාධිපතිට බකට් ඇද්දේ  මොහුය.කෙසේ වුවද සේනාධිපති සහ දිලිත් යන දෙදෙනාම ගෝඨාභය වන්දනාවේ යෙදෙන අය බැවින් දෙදෙනාගේ ගුටි කෙලිය  එළියට ආවේ නැත .

දිලිත් ජයවීර යනු තව්හිද් ජමාත් නිකායේ අයෙකි ( ඒක දේව වන්දනාව කරන අයෙකි)


දිලිත් ජයවීර යනු තවුහිද් ජමාත් නිකායේ බැතිමතෙකි. තව්හිද් ජමාත් යන පදය යෙදුවේ දිලිත් ජයවීර ඒක දේව වන්දනාවේ යෙදෙන පුද්ගලයෙකු බව ඔබට තේරුම් කිරීම සදහා බව බව කරුනාවෙන් සලකන්න. දිලිත් ජයවීර වන්දනා කරන්නේ ගෝඨාභය රාජපක්ෂ දෙවියා පමණි. එපමනක් නොව සහරාන්ගේ තව්හිද් ජමාත් ලබ්දිය මෙන් අන්‍ය දෙව්වරු අදහන පුද්ගලයන් ඔහුට රුස්සන්නේ නැත. ඔහු මහින්ද දෙවියා සහ බැසිල් දෙවියා දේව මණ්ඩලයෙන් බිමට ඇද දැමීමට කුමන්ත්‍රණය කරන්නේ එබැවිණි .

ගෝඨාගේ අඩු පාඩු වැසීමට බැසිල් බිලි දෙයි

කොරෝනා මර්දනය පිළිබඳව රජයේ වැඩපිළිවෙළට පසුගිය සති කිහිපයේ බොහෝ විවේචන එල්ල විය.එම විවේචන වලින් එකක් හැර අන් සියල්ල  ගෝඨාභයගේ  විෂය පථයට වැ‍ටුණි.   රටේ භාණ්ඩ හා සේවා සැපයුම නිසි පරිදි පවත්වාගෙන යාම  යන කරුණ පමනක් බැසිල්ගේ  විෂය පථයට වැ‍ටුණි .පසුගිය දින කිහිපය පුරා දෙරණ නාලිකාව විසින් බැසිල්ගේ ප්‍රති රූපයට  හානි වන පුවත් පළ කරනු දැකිය හැකිවිය.විශේෂයෙන් දෙරණ නාළිකාව සහ කුලියට ගන්නා ලද මාධ්‍ය හරහා රටේ භාණ්ඩ හා සේවා සැපයුම  අඩාල ඇති බව කුළු ගන්වන ආකාරය දැකිය හැකි විය.  (ගෝඨාගේ ගොට්ටෙක් වන මහින්දානන්ද නුවර එලියේ සහ කොළඹ ලීක්ස් වල මිල විපරම් කළේ ඇයිද යන්න දැන් ඔබට තේරෙනු ඇත)

දිලිත් ජයවීර knockout

හීන් නූලෙන් ගේම් දෙන බැසිල්ද නිහඬ ප්‍රේක්ෂකයෙකු ලෙස සිටියේ නැත . බැසිල් යනු විපක්ෂයේ නිල නොවන නායකයාය. වහාම ක්‍රියාත්මක වූ බැසිල් තමාට හීලෑ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම කැඳවූයේය .   දිලිත් ජයවීර knockout කරනු වස් රැපිඩ් ඇන්ටිජන් මගඩිය පිලිබදව  විශේෂ විවාදයක් ඉල්ලා සිටින ලෙස  දැන්වූයේය. රැපිඩ් ඇන්ටිජන්  මගඩිය ගැන විවාදයේදී දිලිත්ට බර අවි  ප්‍රහාර එල්ල කළ නලින් බණ්ඩාර ඇතුළු පිරිස බැසිල්ගේ ප්‍රති පුරුෂයන් බව නොදන්නා අයෙකු නැත. දිලිත් ජයවීර මාධ්‍ය හරහා කල ගෝනි සෙල්ලම් වලට බැසිල් පහර දුන්නේ පාර්ලීමේන්තුව හරහාය.

නලින් සිල්වාගේ චින්තන කල්ලියේ රෙදි ගැලවීම

මේ වන විට බැසිල්ට විරුද්ධව කුමන්ත්‍රණ කරන්නේ දිලිත් ජයවීර පමණක් නොවේ . නලින් සිල්වාගේ චින්තන කල්ලියද බැසිල්ට එරෙහි  ප්‍රහාර  වලට දායක වී සිටීයි. හොරාචාර්ය පැණි සුමනේ නලින් සිල්වා ගේ චින්තන කල්ලියේ අගසව්වවෙකි. පසුගිය සති කිහිපය  පුරා   පැණි සුමනේට ලංකට් එකත් අහිමි වන මට්ටමට  මාධ්‍ය හරහා දැඩි ප්‍රහාරයක් එල්ල විය. තැරිදාර  බයියන්ට  නොවැටහුන ද සිංහ ලීලාවෙන් මැද ඇවරියේ වැජඹුණු පැණි සුමනේ  තම කදවුර තුල බලු විය.එපමනක් නොව මධ්‍ය හෙලිදරව් කල පැනි සුමනේගේ අවකල් නිසා ගෝඨා වියත් මගට  තවත් කැලලක්  එකතු වුනි.

සජබ ජේෂ්ඨ දේශපාලකයන් නොසතුටෙන්

බැසිල්ගෙ ගරිල්ලා ප්‍රහාරයෙන්   පැනි සුමනේ සහ  දිලිත් ජයවීර හතර ගාතෙන් වැටුණි .කෙසේ වුවද  බැසිල් රාජපක්ෂ නිල නොවන විපක්ෂ නායකයා ලෙස  විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම  මෙහෙයවීම  සජිත්ගේ පිලේ ජේෂ්ඨ දේශපාලකයන්ගේ දෝෂ දර්ශනයට ලක්ව ඇත. කුලී හේවායන් ලෙස බැසිල් ගේ  ගරිල්ලා ප්‍රහාර වලට  දායක වන නලින් බණ්ඩාර ගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම දැඩි ලෙස විවේචනය යට භාජනය වී ඇත. කෙසේ වුවද බැසිල් සමග දිගටම වැඩ කිරීම නලීන් බණ්ඩාර වැනි නැගී එන දේශපාලකයන්ට නැණ සලක් වනු ඇත.සෙමින් නමුත් නිසැකවම නූල් සූත්තර දේශපාලනයේ කෙල පැමිනීමට හැකි වනු ඇත.