නැව් ආපසු යාමේ ඇත්ත මෙන්න, වසංගතය, වසන්තයක් කරගත් දුෂ්ඨ ආන්ඩුව

නැව් ආපසු යාමේ  ඇත්ත මෙන්න, වසංගතය, වසන්තයක් කරගත් දුෂ්ඨ ආන්ඩුව image 13

ඕනෑම තත්වයක් යටතේ වරාය කටයුතු අඛන්ඩව පවත්වාගෙන යාම අන් සියල්ලකටම වඩා වැදගත් කාරනයකි. වරාය සහ ගුවන් තො‍ටුපොල සේවකයන් ගෝලීය වසංගතයක්දී මුලින්ම අනතුරට ලක් වීමට වැඩි ඉඩක් ඇත.කරුණු එසේ හෙයින් අනතුරින් වරාය සහ ගුවන්තො‍ටුපල බේරා ගැනීමට පූර්ව සැලසුම අවශ්‍යය බව ඔනෑම ගොනෙකුට අවබෝධ කර ගත හැකි කරුනකි.

අද දින බැසිල්ගේ වෙබ් අඩවිය ඉදිරියේදී ඇතිවන ආහාර හිගයක් පිළිබදව පුවතක් පල කොට ඇත. කොරෝනා ආසාදනය වීම නිසා වරාය සේවකයන් වැඩට වාර්තා කොට නැති බවත් එමනිසා අත්‍යවශ්‍ය භාන්ඩ ‍රැගන ආ නැව් ගනනාවක් හරවා යවා ඇති බව වාර්තා කොට ඇත.

කොරෝනා වසංගතයේ බලපෑමෙන් මේ දක්වා ලෝකයේ කිසිදු රටක වරාය කටයුතු අඩාල වී නැත.බැසිල්ගේ වෙබ් අඩවිය කියන කථාව ඇත්ත නම් වරාය කටයුතු අඩාල වූ ලෝකයේ එකම රට ලංකාවය. වරාය අඩපන වීම හරහා කරුණු 2ක් ගම්‍ය කොට ගත හැක . එක්කෝ මෙරට පාලකයා අසාර්ථකය . එසේ නොමැති නම් වරාය කටයුතු අඩාල වීම කුමන්ත්‍රණයකි

මේ සම්බන්ධව අප වරාය සේවකයන්ගෙන් විමසීමක් කළ අතර ඔවුන්ගෙන් දැන ගත හැකි වූ කරුණු කෙස් කෙලින් කරන සුළුය. වරාය සේවකයන් කියන පරිදි නැව් හරවා යැවීම අදිසි හස්ථයක් විසින් මෙහෙයවන්නකි. නැව් හරවා යවා අත්‍යවශ්‍ය භාන්ඩ හිගයක් ඇති කොට වරාය විකිනීමට ආන්ඩුවේ ඉහලම ඇවරිය කුමන්ත්‍රණය කරන බව ඔවුන් පැවසූහ.

රාජපක්ෂලා වසංගතය, වසන්තයක් කොට ගෙන ඇති බව බත් කන ඕනෑම අයෙකුට තේරෙන කරුණකි. ලොව අන් සියළු රටවල් ලහි ලහියේ විදේශ ගත ශ්‍රමිකයන් මව් රටට ගෙන්වා ගැනීමට කටයුතු කරන විට ගෝඨාභය මෙරට විදේශ ගත ශ්‍රමිකයන්ට නොපැමිනිය හැකි සේ ගුවන් තො‍ටුපල වැසුවේය . ඉන් අනතුරුව ඇති හැකි ශ්‍රමිකයන් යලි පැමිනීමෙදී රු ලක්ෂ තුන හමාරක් වැනි හෙන ගහන මුදලක් අය කළේය.

චීනාගෙන් ලද අල්ලසකටදෝ මෝටර් සයිකල් කර්මාන්තය අඩාල කොට මිනිසුන් ලක්ෂ ගනනක් මහ පාරට ඇද දැමුවෙය. මේ දක්වා සිදුවූ දෑ දිහා බලන කල වරාය සේවකයන් කියන කථාව ඇත්ත වීමට වැඩි සම්භාවිතාවක් ඇත. කරුනු එසේ හෙයින් ගෙදරට බඩු ටිකක් ගෙනවිත් තබා ගැනීම ශරීර සෞඛ්‍යට ගුණ දායකය