කෝල් 110ක් ගත්තා , පුතානෝ නෑ ! කොරෝනා අස්සේ පුතානෝ ආතල් ගයි

කෝල් 110ක් ගත්තා , පුතානෝ නෑ ! කොරෝනා අස්සේ පුතානෝ ආතල් ගයි image 19

කොරෝනා හේතුවෙන් ජනයා මුහුණ දෙන ගැටලු තමාට කියන්න යයි කැම්පේන් එකක් විපක්ෂ නායක මෝඩ පුතානෝ විසින් අද දින ආරම්භ කළේය .ඒ පිළිබදව පූර්ව ප්‍රචාරණ දැන්වීම ප්‍රසිද්ධ කොට තිබුනි. එම දැන්වීම් ජනයා මුලා කරන අයුරින් නිර්මානය කොට තිබුනි. සජිත්ට කියන ගැටලු වලට විසදුම් දෙන බවක් එහි කියා නොතිබූ අතර ඇමතුම් වලට සවන් දෙන බව පමනක් සදහන් කර තිබුණි.මෙය මහා ‍රැවටීමකි මක්නිසාදයත් අසරණ ජනයා අතින් ටෙලි ෆෝන් බිල් ගෙවාගෙන #කේ අමාරුවට සජිත්ට කථා කරන්නේ නැත , නිසැකවම ඔවුන් කථා කරන්නේ පිහිටක් බලා පොරොත්තුවෙනි.

සජිත් උපන්ගෙයි මෝඩයෙකි. ප්‍රබුද්ධ ලීලාවෙන් , බොරු බිසී පාට් දමමින් ජනයා ඉදිරියේ පෙනී සිටීමට ඔහු කැමතිය. 2019 ජනාධිපතිවරණයට පෙර සජිත් සහ ජලනි ජනතා ගැටලු විසදන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඔහු විසින්ම සමාජ ජාලා වෙත මුදා හැර තිබුනි.

කොරොනා නිසා ලංකාවේ බොහෝ පිරිසක් අන්ත අසරන තත්වයට පත්ව ඇත. එවන් තත්වයක් තුල අසරණයන් භාවිතා කොට සජිත්ගේ දේශපාලන බංකොලොත් භාවය වසා ගැනීමට තැත් කිරීම හෙන ගහන අපරාධයකි.

සජිත්ගේ කොතරම් මෝඩයෙක්ද යන්න මෙම වැඩසටහනේ ස්වභාවය මැනෙවින් කියා සිටියි. ලංකාවේ ජනගහනය දෙකෝටියකට වැඩිය. දෙකොටියක ජනයාට ප්‍රශ්න ඉදිරිපත් කිරීමට සජිත් වෙන් කොට තිබුනේ එක් දුරකථන අංකයකි. සජිත්ගේ බොරු හිලේ දිග පළල ඉන් වටහා ගත හැක. අප මාධ්‍යය ආයතනය උදෑසන 8.30 සිට සජිත් සම්බන්ධ කර ගැනීමට 110 සැරයක් උත්සාහ කළද එය අසාර්ථක විය.

තවත් අතෙකින් අද අප සිටින්නේ මුළු ලොවම ඇගිලි තුඩු මත ඇති තනි යායක් වූ ලෝකයකය. සන්ණිවේදන ක්ෂේත්‍රයේ ඇති වූ දියුණුව නිසා ලෝකය එකම ගම්මානයක් වී ඇත.විශ්ව ගම්මානයේ ජනයා ඔවුනොවුන් හා සම්බන්ධ වන නවීන ක්‍රමවේද බෝහෝය . දෙකෝටියක ජනායාට කථා කිරීමට එක් දුරකථන අංකයක් වෙන් කල මෝඩ පුතානෝ ජිවත් වන්නේ 19 වන සියවසේය.

කෝල් 110ක් ගත්තා , පුතානෝ නෑ ! කොරෝනා අස්සේ පුතානෝ ආතල් ගයි image 20