සජිත්ගේ ඡායා කැබිනට්‍ටුව උපන් ගෙයිම අනා ගනී , ඡායා ධීවර ඇමති මාළු අමුවෙන් කයි

සජිත්ගේ  ඡායා කැබිනට්‍ටුව  උපන් ගෙයිම අනා ගනී , ඡායා  ධීවර ඇමති මාළු අමුවෙන් කයි image 22

ගෝඨාභය මෙන්ම විපක්ෂ නායක සජිත් අසාර්ථක වී ඇති බව මේ වනවිට කුඩා ලමයෙකු පවා තේරුම් ගෙන ඇති කරුණකි. අද වන විට විදේශ ශ්‍රමිකයන්, ගොවීන් , ධීවරයන් , මෝටර් සයිකල් කර්මාන්තයේ නියුතු අය ආදී වශයෙන් මෙකී නොකී ලක්ෂ ගණනක් අනාථ වී ඇත.

දිනෙන් දින වලපල්ලට යන රට සහ ජනතාව බේරා ගැනීමට සැලසුමක් ගෝඨාභයට නැත. විවිධාකාරයේ වෘත, පුද පූජා පවත්වමින් කොරෝනා ජය ගැනීමට ගෝඨා උත්සාහ කරමින් සිටියි. සජිත් පුතානෝගේ හැසිරීම ඊටත් එහා ගිය විගඩමකි , හරසුන් ප්‍රයාණයකි.

අද දින සජිත් විසින් ඡායා කැබිනට්‍ටුවක් පත් කළේය. වැඩ බැරි වුවද අසුනට ලැදි සජිත් චායා රජයේ ජනපති විය. සජිත් මෙම තීන්දුව ගත්තේ ගෝඨා සහ ඔහුගේ රජය අසාර්ථක නිසා තම නැණ පමනින් රාජ්‍ය විචාලිය යුතු යයි ඔහුට සිතුණු නිසා විය හැකිය.

සුභ මොහොතින් වැඩ ඇල්ලු සජිත් අද දින පෙරවරු 8.30 සිට දෙකෝටියක් ජනයාගේ දැවෙන ප්‍රශ්න තමාට කියන ලෙස ඉල්ලිමක් කළේය. දෙකෝටියක් ජනයාට කථාකිරීමට වෙන් කළේ එක් ලැන්ඩ් ලයින් දුරකථනයක් පමනි.ලියුම් කරු 110 වතාවක් එම අංකයට කථා කලද කිසිවෙකු හා සම්බන්ධ වීමට නොහැකි විය

සජිත්ගේ ඡායා කැබිනෙට්‍ටුවේ ධීවර ඇමති ලෙස පත් කළේ දිලිප් වෙදආරච්චිය. මේ වන විට කොරෝනා වලට ඇති බිය නිසා ජනයා මාළු මිලදී ගනීමට මැලි කමක් දක්වයි. ඊට පිලියමක් ලෙස සජිත්ගේ ඡායා ධීවර ඇමති කොරෝනා නැතැයි කියා මාධ්‍යවේදීන් ඉදිරියේ මාළුවෙක් අමුවෙන් අනුභව කළේය.

වෛරසයක් යනු ඇහැට නොපෙනෙන එකකි. තවද වෛරසය තිත්ත රස, අඹුල් රස, පැණි රස හෝ ලුණු රසයෙන් යුක්ත නොවෙයි. සජිත්ගේ ඡායා ධීවර ඇමති අනුභව කළ මාළුවාගේ කොරෝනා වෛරසය නැතැයි කියා ප්‍රසිද්ධියේ කළ රංගනය භයානක එකකි. නීතිය හරිහැටි ක්‍රියාත්මක වන්නේ නම් වසංගත මර්ධන නීති රෙගුලාසි යටතේ මොහු අත් අඩංගුවට ගත යුතුය.

සජිත්ට හෝ ඔහුගේ ඡායා කැබිනට්‍ටුවේ ධීවර ඇමතිට මොලේ කලදක් තිබුනේ නම් කළ යුතුව තිබුනේ මාළු අමුවෙන් කෑම නොවේ. එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය වසංගත තත්වයක් යටතේ ආහාර සුරක්ෂිතතාව ඇති කරන්නේ කෙසේද යන්න පිළිබදව ක්‍රියාපටිපාටියක මග පෙන්වීමක් කර ඇත. සජිත් සහ ඔහුගේ ධීවර ඇමති කළයුතුව තිබුනේ එය හැදෑරීමය.

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය, මුහුදු ආහාර සමබන්ධව ඒ ඒ පාර්ශව එනම් රජය , ධීවරයන් , බෙදාහරින්නන්, වෙළදුන් , පාරිබෝගිකයන් වග විය යුතු ආකාරය පිලිබදව ක්‍රියාපටිපාටික මග පෙන්වීමක් සිදු කොට ඇත. ලිඛිත ප්‍රකාශණයක් වන එය පහත දිගුවෙන් කියවිය හැක . තවද ඔවුන්ගේ වෙබ් අඩවිය හැදෑරීමෙන් කොරෝනා තත්වය යටතේ ආහාර සමබන්ධව වග විය යුතු ආකාරය පිළිබදව හොද අවබෝධයක් ලබා ගත හැක

සජිත් සහ ඔහුගේ ඡායා ධීවර ඇමති කල යුතුව තිබුනේ එම මාර්ගෝපදේශ මාලාව කියවා එය ක්‍රියාත්මක කිරීමට රජයට බල කිරීමය. ඒ හරහා ධීවරයාත් පාරිබෝගිකයාත් ආරක්ෂා කිරීමය. නමුත් සජිත් සහ ඔහුගේ ඇමතියා කලේ නින්දෙන් ඇහැරුණාක් මෙන් මධ්‍ය ඉදිරියේ මාළු අමුවෙන් කෑමය.මෙවන් පිරිසකට රටේ පාලනය බාර දුන් හොත් අත්විය හැකි ප්‍රතිවිපාක සිතා ගැනීම ඔබට භාරය

උපුටා ගැනීම ලංකා ඊ නිවුස්

සජිත්ගේ  ඡායා කැබිනට්‍ටුව  උපන් ගෙයිම අනා ගනී , ඡායා  ධීවර ඇමති මාළු අමුවෙන් කයි image 21
http://www.fao.org/3/ca9421en/CA9421EN.pdf