ගෝඨාභයට තවත් ලෝක අපවාදයක් – මැදපෙරදිග ශ්‍රී ලාංකිකයන් එ.ජා සංවිධානයට පැමිණිලි කරති

ගෝඨාභයට තවත් ලෝක අපවාදයක් –  මැදපෙරදිග ශ්‍රී ලාංකිකයන් එ.ජා සංවිධානයට පැමිණිලි කරති image 26

ගෝඨා ස’ගේ පුංචි මොළයට අනුව විදේශ ශ්‍රමිකයන්ට පැමිනිය නොහැකි සේ ගුවන් තො‍ටුපොළ වැසීමෙන් කොරෝනා පාලනය කළ හැකි බව සිතුවේය ඒ අනුව ක්‍රියාත්මක වූ ගෝඨා විදේශ ශ්‍රමිකයන්ට පැමිණිය නොහැකි වන සේ ගුවන් තො‍ටුපොල වැසුවේය. කොරෝනා පාලන උපක්‍රමයක් ලෙස විදේශ ශ්‍රමිකයන්ට යලි පැමිනිය නොහැකි වන සේ ගුවන්තො‍ටුපොල වැසූ ලොව එකම පාලකයා ගෝඨා ස’ ය.

ගෝඨා ස’ ගේ පුංචි මොළ කෑල්ලට අනුව . දරුණු කොරෝනා වාහකයන් සිටියේ මැදපෙරදිග රටවල පමනි. ඒ නිසා මැද පෙරදිගට දැමූ තහංචි යුරෝපයට , ඇමෙරිකාවට දැමුවේ නැත. එපමනක් නොව රාජපක්ෂ පවුලේ ඥාතීන්ට , බැලයන්ට කොරෝනා අවධානම ඉතා අඩු බව ගෝඨා ස’ ට පෙනී ගියේය .ඒ නිසා එවැනි පුද්ගලයන්ට ඕනෑම විටෙක ලංකාවට ඒමට හැකි විය

මේ අතර ගෝඨා ස’ ගේ ව්‍යාපාර සගයා වන දිලිත් ජයවීර ගෝඨාභයට බිස්නස් අයිඩියා එකක් දුන්නේය .විශේෂ පැකේජ යටතේ විදේශ ශ්‍රමිකයන් ගෙන්වීම ධන උලපත් බව ඔහු කීවේය . දිලිත් ජයවීරගේ ස්පෙෂල් පැකේජය අනුව මැදපෙරදිග සිටින අයෙක් මව් රටට ඒමට ලක්ෂ 3 ක් පමන ගෙවිය යුතු විය.අසරණ ශ්‍රමිකයන්ගෙන් ගාන කැපූ ලොව එකම රට ශ්‍රී ලංකාවය, එකම පාලකයා ගෝඨා ස’ ය.

විදේශ ශ්‍රමිකයන්ට ගුවන් තො‍ටුපොල වසා කොරෝනා වලින් රට ආරක්ෂා කරගැනීමට ගෝඨා ගැසූ ප්ලෑන් එක වැඩ කළේ නැත . ගෝඨාගේ ව්‍යාපාරික සගයෙකු කල නොසන්ඩාල වැඩක් නිසා ලංකාවට කොරෝනා බෝ විය. අවසානයේ මැදපෙරදිග උන් පමනක් නොව ලංකාවේ උනුත් අනාථ විය. දැන් ගෝඨා ස’ නටපු පදේකුත් නැත බෙරේ පළුවකුත් නැත.

මැදපෙරදිග ශ්‍රමිකයන්ට දැමූ තහංචි නිසා මේ වන විට 25000 පමන ශ්‍රී ලාංකිකයන් පිරිසක් කාන්තාරයේ අතර මං වී සිටියි. අතරමංව සිටින ලංකිකයන් ගෝඨා ස’ට එරෙහිව සෞදි අරබියේ ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයට ඊයේ දිනයේ පැමිණිලි කොට ඇත. මව් රටට යාමට උදව් කරන ලෙස එ.ජා සංවිධානයෙන් ඉල්ලා ඇත.

ගෝඨා ස’ට , ඇමතියන්ට , හිරුට, දෙරණට, බයියන්ට නොපෙනෙන මැද පෙරදිග කඳුළු කථාවට එ.ජා සංවිධානයට හෝ පෙනේවා යයි අප ප්‍රාර්ථනය කරමු