ගෝඨා ජාතිය අමතන විට ජාත්‍යන්තරයෙන් කනේ පාරක්

ගෝඨා ජාතිය අමතන විට ජාත්‍යන්තරයෙන් කනේ පාරක් image 29

මේ වන විට ගෝඨාණ්ඩුව තමන්ගේ ගෝල බාලයන්ට සියළු වරදාන වරප්‍රසාද දෙමින් සාමන්‍ය ජනයාගේ ගෙල සිර කොට ඇති බව රහසක් නොවේ. පසුගිය කාලයේ වැලේ වැල් නැතිව සිටි පොහොට්‍ටුවට සම්බන්ධ ව්‍යාපාරිකයන් මේ වන විට නව පනක් ලැබ ඇත. ඔවුන් ඉඩම් මිලදී ගැනීම , නව ගොඩනැගිලි හැදීම ආරම්භ කොට ඇත.අළුත් රථ වාහන දෙක තුල මිලදී ගෙන ඇත . සමාන්‍ය ජනයා අනාථ වී ඇත

ශ‍්‍රී ලංකාව මේ වන විට ආනයන සීමා කර තිබේ. යුරෝපා සංගමය රජයේ මෙම ප‍්‍රතිපත්තිය ඔවුන්ගේ අවදානය යොමු කර ඇත. වෙළදාම යනු එක් දිශාවකට පමණක් දිවෙන මාර්ගයක් නොවන බව ඔවුන් පවසයි.

ලංකාවේ ඇගළුම් සහ ධීවර කර්මාන්තය ආශ‍්‍රිත අපනයන වෙනුවෙන් යුරෝපා සංගමය ජී.එස්.පී ප්ලස් සහනය ලබදා දී තිබේ. ඒ අනුව, ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයේ තීරණාත්මක වැදගත්කමක් යුරෝපා සංගමය හිමිකරගෙන සිටියි.

ලංකාව මේ වන විට ගෙන යන ආනයන සීමා කිරීමේ ප‍්‍රතිපත්තිය, ලෝක වෙළද සංවිධානයේ රෙගුලාසි උල්ලංඝණය කිරීමක් බව යුරෝපා සංගමය ප්‍රකාශ කොට ඇත

එමෙන්ම, ශ‍්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපත් කළ 30/1 (මානව හිමිකම් සම්බන්ධව වග වීම) යෝජනාවෙන් ඉවත් වීම සම්බන්ධයෙන් සිය අවධානය යොමු කර ඇති බව පවසයි.

යුරෝපා සංගමය විසින් ඉදිරිපත් කර තිබෙන ලිපිය පහත පළ කරමු.

ගෝඨා ජාතිය අමතන විට ජාත්‍යන්තරයෙන් කනේ පාරක් image 27 668x1024