මහර බන්ධනාගාර ගැටුම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් – විමල් වීරවංශ

මහර බන්ධනාගාර ගැටුම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් – විමල් වීරවංශ image 43

මහර බන්ධනාගාරය තුළ ගැටුම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් යයි ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ සඳහන් කරයි.

2015ට කලින් පැවති රජයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරද්දී වැලිකඩ බන්ධනාගාරයේ ද රැඳිවියන් 27 දෙනෙකු ඝාතනයට ලක්වූ බවත් පැවසූ විමල් වීරවංශ වර්තමානයද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිව සිටියදී රැඳවියන් ඝාතනයට ලක්වන බව ලෝකයට පෙන්වීමට මෙම ගැටුම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ලෙස මතුව ඇතැයි ද සඳහන් කරයි.

කිසියම් පිරිසක් විසින් රැඳවියන් අතර යම් පෙති වර්ගයක් බෙදා දී ඇති බවත් රැඳවියන් ප්‍රචණ්ඩ තත්ත්වයට පත්වී ඇත්තේ ඉන්පසු බව විමල් වීරවංශ කියා සිටියේය.

විමල්ගේ ප්‍රකාශය ගැන පක්ෂ විපක්ෂ බොහෝ දෙනෙකු අදහස් ප්‍රකාශ කොට තිබුනු අතර මුහුණු පොතේ අයෙක් මෙවන් අදහසක්ද ප්‍රකාශ කොට තිබුනි

මහර බන්ධනාගාර ගැටුම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් – විමල් වීරවංශ image 42