ෆැසිස්ට් පාලනයෙන් රට බේරා ගැනීමට කාවන්තිස්ස පන්නයේ නායකයෙක් පෙරට

ෆැසිස්ට් පාලනයෙන් රට බේරා ගැනීමට කාවන්තිස්ස පන්නයේ නායකයෙක්  පෙරට image

ගෝඨාණ්ඩුව මහර බන්ධනාගරයේ සිදු කළ අමානුෂික වෙඩි තැබීම සාධාරනීකරනය කරන මාධ්‍ය මෙහෙයුමක් මේ වන විට රජය දියත් කොට ඇත. ‍රැඳවියන් යනු අපරාධකරුවන් බව සහ ඔවුන් මරා දැමීම ගැන කළබල නොවිය යුතු බව ඒත්තු ගන්වන ‘කැම්පේන්’ එකක් රජය පාර්ශවයෙන් මෙහෙයවමින් සිටියි.

එම තර්කය සාධාරන නම් හොර අයිඩින්ටියක් හැදූ ශිරන්ති , මහජන මුදලින් හොසොන් හැදූ ලොකු සර් යන ආදී වශයෙන් රාජපක්ෂලා බොහොමයක් සිරගෙයි තැපිය යුතුය.

මිනිසුන් 999 ක් මරා දැමූ අංගුලිමාලට ජීවිතය දුන් දර්ශනයෙන් පෝෂණය වූ රටක සිරකරුවන් මරා දැමීම මහා අපුලකි . මැදමුලන ආගම විසින් බෞද්ධාගම යටපත් කොට ඇති ප්‍රමාණය මින් පෙනී යයි.

නුබලා අතරින් පව් නොකළ තැතැත්තා පලමු ගල ගහන්න යයි ජේසුස් වහන්සේ කීහ. සිරකරුවන් මරා දැමීම සාධාරනීකරණය කිරීමෙන් පෙනීයන්නේ අන් කිසිවක් නොව රාජපක්ෂ බත් බැලයන්ගේ තිරිසන් මනෝභාවය වෙයි.

ලංකාව යනු නීතිය වල් වැදී ඇති රටකි. මෑතකදී සෙල්ලම් පිස්තොලයක් සමග අත්අඩංගුවට ගත් අයෙක් රස පරීක්ෂක වාර්තාව ලැබෙන තුරු මාස 3 ක් සිරගෙයි තැපීමට සිදු විය. ගෝඨාණ්ඩුව මහර බන්ධනාගාරයේදී එල්ල කළ ප්‍රහාරයෙන් මෙවැනි පුද්ගලයන්ද මිය ගොස් ඇත

බන්ධනාගාර ”කොරෝනා ෆාම්” බවට පත්වීමෙන් සහ කොරෝනා රෝගීන්ට වෙඩි තැබීමෙන් ගෝඨා මොනතරම් අසාර්ථක පාලකයෙක්ද යන වග ඔප්පු විය. රාජපක්ෂ පාලනය මානුෂීය එකක් නොව ෆැසිස්ට් පාලනයක් බව යලිත් වරක් ඔප්පු කළේය.

රාජපක්ෂලා සිදුකරන අමානූෂීය වැඩ සාධාරනීය කරණය කිරීමට කළ පලමු මාධ්‍ය මෙහෙයුම මෙය නොවේ . මැදපෙරදිග ශ්‍රමිකයන් ජිවිතය ඉල්ලා අඬන විට ”උන් ආවොත් අපිටත් කොරෝනා බෝවෙනවා”කියා, මාධ්‍ය මෙහෙයුමක් දියත් කළේය. අනතුරුව ගුවන්තො‍ටුපොළ වසා සාහසික ලෙස විදේශ ශ්‍රමිකයන් සූරා කෑවේය. මෙවැනි උදාහරණ ඕනෑ තරම් ඇත.

රාජපක්ෂ සමාගම විසින් ගෙනයන ෆැසිස්ට් පාලනයෙන් පීඩාවට පත්වන ජනයාට සහනයක් සැලසීමට නූතන විපක්ෂ නායකයා අසමත් වී ඇති බව කනගා‍ටුවෙන් වුවද කිව යුතුව ඇත.

වත්මන් ෆැසිස්ට් පාලනයට එරෙහිව කඳවුරු බැදීමට මංගල සමරවීර , රංගේ, රවී , අර්ජුන වැනි නායකයන් නොමැති වීමේ අඩුව දිනෙන් දින දැනෙමින් පවතියි.

රාජපක්ෂ ෆැසිස්ට් පාලනය ගැන කලකිරී ඔවුන්ගෙන් බිඳී එන ජනයාට ගොඩ විය හැකි වේදිකාවක් අත්‍යවශ්‍යව ඇත. කරු ජයසූරිය වැනි කාවන්තිස්ස පන්නයේ ජේෂ්ඨ නායකයකුගේ මග පෙන්වීම යටතේ එකී වේදිකාව තැනිය යුතු මොහොත එළඹ ඇත