විදේශ ශ්‍රමිකයන් මැරෙන්න ඉඩ හැර , දහස් ගණනක් අනාථ කොට, කෝටි ගණනින් හම්බ කොට, කොරෝනා ‘පීක්’ සමයේ එයාපෝට් අරියි

විදේශ ශ්‍රමිකයන් මැරෙන්න ඉඩ හැර , දහස් ගණනක් අනාථ කොට, කෝටි ගණනින් හම්බ කොට, කොරෝනා ‘පීක්’ සමයේ  එයාපෝට් අරියි image 1

මේ වන විට සමස්ථ දිවයිනම කොරෝනා ආසාදිත කළාපයක් ලෙස නම් කොට ඇත. රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම කොරෝනා පැතිරි ඇති අතරේ මහජනතාව මහ පාරේ මියැදෙමින් ඇත. කොරෝනා මළ මිනී රෝහල් වල ගොඩ ගැසී ඇත.

මේ අතර රජය ජන 1 දා සිට ගුවන් තො‍ටුපොළ විවෘත්ත කිරීමට නියමිතය. ගෝඨා කොරෝනා නොමැති කාලයේදී එයාපෝට් වසා දැමූ අතර රට පුරා කොරෝනා පැතුරුණු කල්හි එයාපෝට් විවෘත්ත කිරීමට යයි. මෙම තීන්දුවත් සමග ගෝඨාගේ ප්‍රතිපත්ති වල අසාර්ථක භාවය මොනවට පැහැදිළිය.

විදේශ ශ්‍රමිකයන්ට යලි පැමිනිය නොහැකි වන සේ ගුවන් තො‍ටුපොළ වැසූ ලොව එකම පාලකය ගෝඨාය.විදේශ ශ්‍රමිකයන්ගෙන් සාහසික ලෙස මුදල් ගැරූ ලොව එකම ආණ්ඩුව ගෝඨාණ්ඩුවය. විදේශ ශ්‍රමිකයන් අනාථ කළ ලොව එකම රට ලංකාවය.

ජන 1 වන දා ගුවන් තො‍ටුපොල විවෘත්ත කිරීමට යන්නේ විදේශ ශ්‍රමිකයන් ගැන අනුකම්පා සිතී නොව රාජපක්ෂ පවුලේ උදයංග වීරතුංගගේ ඉල්ලීම අනුව සංචාරකයන් ගෙන්වීම වෙනුවෙනි. එයාපෝට් විවෘත කළද මැදපෙරදිග අසරණව සිටින විදේශ ශ්‍රමිකයන් ගෙන්වීමට කිසිදු සැලසුමක් රජයට නැත