පවිත්‍රා දේවිය ජාතිය බේරා ගනියි,පැණි බීමට දෙස් විදෙස් ජනයා පෝලිමේ

පවිත්‍රා දේවිය ජාතිය බේරා ගනියි,පැණි බීමට දෙස් විදෙස් ජනයා  පෝලිමේ image 6

ශ්‍රී ලාංකාව කිසියම් අභියෝගයන්ට ලක්වූ විට රට ගොඩ ගැනීමට කාන්තාවන්ගෙන් ලැබුණු දායකත්වය සුලු ප‍ටු නොවේ. අතීතයේ සළුපට පවා අහසට විසිකොට ජාතිය බේරා ගත්තේ අනුලා නම් බිසවකි . කේන්ද්‍රය පාළු වී සිටි ආර්.ප්‍රේමදාස රජ වූයේ හේමා බිසවට වූ රාජ යෝගය නිසාය. ඥනක්කා නැත්නම් ගෝඨාභය කුමරු රජ වනවා බොරුය.


මීට වසරකට ඉහතදී පැණනැගුනු කොරෝනා වසංගතය නිසා මුලු ලෝකයම අසරණ විය . දන්නා ඉතිහාසය තුළ  ශිෂ්ඨාචාරයේ  මේ ආකාරයෙන් කම්පනය නොවුණි . මෙම රෝගයට සාර්ථක  බෙහෙතක් සොයා ගැනීමට කිසිදු රටකට නොහැකි විය. 


නමුත් ඊයේ මුලු ලොවම උඩු යටිකුරු කරමින් ලංකාවේ සෞඛ්‍ය ඇමතිනිය වූ පවිත්‍රා දේවිය කොරෝනා රෝගයට බෙහෙතක් සොයා ගැනීමට සමත් විය . ඇය එම බේත සොයා ගත්තා පමනක් නොව කැමරා ඉදිරියට පැම්ණ බෙහෙත පානය කොට කොරෝනා  ධූරින්භූත කරන අයුරු ළොවට පෙන්වූවාය.

පවිත්‍රාගේ පැණි බොන දර්ශනයෙන් පසු රූපවාහිනී කන්ඩායම කො‍ටුව දුම්රිය පොලේ සාමීක්ෂණයක් කළේය . කොරෝනා හැදුනොත් ඔබ බොන්නේ පවිත්‍රා පැණියද , සුද්දන් හැදූ ෆයිස්ර් පෙතිද / කියා ප්‍රශ්නයක් යොමු කලේය . එහිදී මුළු දුම්රිය පොළම එක හඩින් ” අපි බොන්නේ පවිත්‍රා පැණි, සුද්දන්ගේ බේත් අපිට එපා” කීහ

පවිත්‍රා දේවිය මෙම බෙහෙත නිෂ්පාදය කළේ පෙදරේරුවෙකුගේ අතින් වීම විශේෂ සිදුවීමකි. වසර ගණනාවක් පුරා සිමින්ති,වැලි සහ වතුර කළවම් කොට ඔහු සතු වූ අද්දැකීම මේ දුෂ්කර අවස්ථාවේ දේශීය වෙදකම හා මුසු කිරීමට පවිත්‍රා දේවිය සමත් වූවාය .

මේ වන විට පවිත්‍රා දේවියගේ වික්‍රම ගැන මුළු ලොවම මවිත වී ඇත. මීට පෙර ඇය මුහුදට බිලි වීමට පවා හැදුවාය. පවිත්‍රා දේවිය කොරෝනා වලට බේත සොයා ගැනීමත් සමගම දූපතේ කොටස් වෙළද පොල රොකට්‍ටුවක් මෙන් ඉහල යමින් පවතියි. 

මේ  වන විට නව ඖෂධය,  පවිත්‍රා පැණිය ලෙස ලෝ පතල වී ඇති අතර එය මිලදී ගැනීමට විදේශිකයන් පෝලිම් හැදී සිටියි. 

මේ අතර ලංකාවට වින කටින එංගලන්තය පවිත්‍රා පැණියට සමාන බාල බෙහෙතක් නිපදවා ඇති බව විමල් වීරවංශ හෙලි කළේය.එපමනක් නොව සුද්දා නිපදවූ බාල බේත පවිත්‍රා පැණියට සමාන මිලක් නියම කොට ඇත. කරුණු එසේ හෙයින් මෙය  විශාල ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බව වීරවංස  ප්‍රකාශ කළේය .