සෝඩා බෝතලය කැඩුවාක් මෙන් එලියට විත් පසුව අතුරුදහන් වූ කොරෝනා බෙහෙත්

සෝඩා බෝතලය කැඩුවාක් මෙන් එලියට විත් පසුව  අතුරුදහන් වූ කොරෝනා බෙහෙත් image 10

මේ වන රට ජනතාවගෙන් සැලකිවයුතු ප්‍රමාණයක් කොරෝනා වලට පිලියමක් ලෙස ගොඩ වෙදුන්ගේ සරණ යමින් සිටියි. ලංකාවේ කොරෝනා වලට සුවවීමේ ප්‍රතිශතය 99% පමන වන හෙයින් ඕනෑම අයෙකුට ” මම ලග කොරෝනා වලට බෙහෙත් තියෙනෙවා” කියා මිනිසුන් ‍රැවටිය හැක.

රාජපක්ෂලා නිරන්තරයෙන් මිත්‍යාදෘෂ්ථික වත් පිලිවෙත් පසුපස යන පිරිසකි . එහෙයින් මිත්‍යාවට රාජ අනුග්‍රහය ලැබී ඇත. මෙම තත්වය ජාවාරම්කාර කට්ටඩියන්ට හොර වෙදුන්ට ත‍ටු ලබා දීමකි.පනින රිලවුන්ට ඉනිමං තැබීමකි. රාජපක්ෂලා මිත්‍යා දෘෂ්ඨික වත් පිලිවෙත් හඹා යන්නේ සූදුවක් ලෙසිනි.

මේ වන විට ධම්මික බන්ඩාර පැණිය පිලිබද පර්යේෂණ අකර්මන්‍ය වී ඇත. ඊට හේතුව ධම්මික බණ්ඩාර පර්යේෂණ කන්ඩායමට සහයෝගය නොදී බහුබූත දෙඩවීමය.බෙහෙත පිළිබදව පර්යේෂණ කරනවාට අකමැති ධම්මික බණ්ඩාර සිය නිවසේ සිට පැණි විකිනීම යහමින් කරයි. මිත්‍යාව වැළදගත් ජනයා පැණි සොයා යයි

සෝඩා බෝතලය මෙන් එක් වරම ”හිට්” වෙමින් පසුව අතුරුදහන් ලංකාවේ වෙදුන් කොරෝනා මැඩීමට සොයා ගත් බෙහෙත්

1. කොරෝනාවට බය වෙන්න එපා – බෙහෙත් මං ළඟ තියෙනවා – අබේවර්ධන හෙට්ටිආරච්චි

2. ජනපති අවසර දෙනවා නම් වෛරසයට බෙහෙත මං දෙන්නම් – පස්යාලෙ වෙද හාමුදුරුවෝ

3. කනගාටුයි.. ජනපති තියා කවුරුත් කතා කළේ නෑ.. මං බෙහෙත පිට රටකට විකුණනවා – සෙන්ජිත් රාජගුරු

4. ජපානයට අභියෝග කරමින් හෙල ඔසුවක් අනුරපුරෙන් – අනුරාධපුරේ වෙද මහතා

5. කොරෝනාවට ශ්‍රී ලංකාවෙන් සොයා ගත් බෙහෙත – කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක්

6. කිසිදු බෙහෙත් ගැල්වීමක්.. බීමක් නැත, කොරෝනා සුව කරමි – විශ්වනාත් වෙද මහතා

7. කොරෝනාවලට මේ රහස් ඖෂධ හතර තම්බා බොන්න – ගල් ලෙන් වාසි හිමි නමක්

8. කොරෝනා නසන විශ්වීය රහස මා සතුයි – උදේශා ගංගා මැණියෝ

9. දුමක් අල්ලා කැඳක් පොවා කොරෝනා සුව කළ – හෙළ සුවය, පාදෙනිය ඇතුළු කණ්ඩායම

10. හිමාලයෙන් ආ හිමිනමක් කොරෝනා වලට කිවූ රහස් බෙහෙත

11. හෙළ ඖෂධ වලින් කොරෝනා මඩින හැටි ලොව පතල ඖෂධවේදියෙක් හෙලි කරයි – මහාචාර්ය චන්න ජයසුමන

12. කොරෝනා වලින් වලකින්න ගෙදරදීම බෙහෙතක් – රාවන බලයෙන් ලෙඩ සුව කරන ලංකේශ්වර නොහොත් පොල් තෙල් පැටී

13. ලංකාවේ පළමු රෝගියා සුව කළ දුම – ඖෂධය ලංකාවටම බෙදන්න සූදානම් – වෛද්‍ය මලිත් බටගොඩ

14. මං ගාව කොරෝනා වලට බෙහෙත් තියෙනවා, දැන් බයවෙන්න දෙයක් නැහැ – මෙහෙනින් වහන්සේ නමක්

15. කොරෝනා මඩින්න විශ්වයෙන් ලැබුන පනිවුඩය – ශ්‍රී රාජි

16. දවස් දහයෙන් මං මුළු ලංකාවම සුවපත් කරනවා – වික්‍රමාරච්චි වෙද මහතා

17. කොරෝනා වලට බෙහෙතක් අපි ලග තියෙනවා. ඒක රහසිගත තැනක හංගගෙන ඉන්නෙ. සීතා අරඹේපොල

18. කලගෙඩි සෙල්ලම – ඒලියන්ත වයිට්

19. ධම්මික බන්ඩාරගේ මේසෙන් බාස් පැණිය