සජිත්ට කපොතියක් ගැසූ සේනකද සිල්වා කවුද ?

සජිත්ට කපොතියක් ගැසූ සේනකද සිල්වා කවුද ? image 14

කපිතාන් සේනක හරිප්‍රිය ද සිල්වා යනු සජිත්ගේ දේශපාලන පක්ෂයේ අයිතිකරුය. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ උපදේශක සහ ලේකම් ධූරය හොබවන්නේද මොහුය. හමුදාවෙන් ඉවත් වූ නිළධාරීන් දහස් ගණනක් සිටියත් ෆොන්සේකා තමාගේ සමීපමතයා ලෙස පත් කර ගත්තේ ස්වේච්ඡා යුධ හමුදාවේ කපිතාන් ධූරයක් දැරූ සේනකය.

සජිත් ප්‍රේමදාස එජාපයෙන් ඉවත් වී නව දේශපාලන පක්ෂයක් හැදීමට යන විට ඔහුට ලබා ගත හැකිව තිබූ දේශපාලන පක්ෂ එමටය. සජිත්ගේ සමීපතමයෙකු මෛත්‍රී ගුණරතනගේ පක්ෂයද ඒ අතර විය. නමුත් සේනකද සිල්වා සිය දේශපාලන පක්ෂය සජිත්ගේ අඟේ ගැසීමට සමත් විය. එපමනක් නොව සිය ප්‍රියංභිකාව වූ ඩයනාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබා ගැනීමට සමත් විය.

මේ ආකාරයෙන් සෙල්ලම් පාන සේනකද සිල්වා යනු කවරෙක්ද කියා දැන් බොහෝ දෙනෙකු ප්‍රශ්න කරනු ඇත. සේනක යනු කවරෙක්ද යන්න පැහැදිලි කිරීමට හොඳ කථාවක් ඇත.

හමුදාවට බැඳුනු පුද්ගලයෙකුගේ දුෂ්කරතම කාලය මූලික පුහුණු කාලය වෙයි. පුහුණුව දුෂ්කර වනවා පමනක් නොව ජේෂ්ඨයන්ගේ ගුටි කෑමද නොවැලැක්විය හැක. පුහුණු කාලය තුල ජේෂ්ඨයන් කෙරේ පවතින්නේ පුදුමාකර බියකි.

නමුත් සේනක පුහුනු කාලයේ හැඬල් කලේ ලොවෙත් නැති ලොවි ගහෙත් නැති විලසෛනි. සේනක පුහුණු කාලය තුල කිහිප වරක්ම නිවාඩු යාමට පවා සමත් විය. නිවාඩු ගිය සේනක වරෙක කොලඹ නිලධාරී නිවස්නයට ආවේය. ඔහු නිලධාරී නිවනය ආවේ මිතුරන් දෙදෙනෙකුද සමගිනි.එවක කැඩෙට් නිලධාරියෙකු වූ සේනක තමා කැප්ටන් සේනක සිල්වා ලෙස හදුන්වා දෙමින් නිල්ධාරි නිවස්නයෙන් කාබී බාර් එකෙන් හොද අඩියක්ද ගසා ආපසු ගියේය.

මෙවැනි පුද්ගලයෙකු සජිත්ගේ කනෙන් රිංගීම ගැන පුදුම විය යුතු නැත. සජිත්ට මේ පල දුන්නේ ඔහු වසර ගනනාවක් එජාපයට කළ කුඩු කේඩුය. සජිත් එජාපය විනාශ කළේ පොල් කුරුමිණියෙකු ලෙසිනි. දැන් එවායේ විපාක පොළියත් සමග සජිත් කරා පැමිණිමින් ඇත.

සේනක සජිත්ට ගැසුවේ කපෝතියකි. කාලයත් සමග එය ජනයාට පැහැදිලි වනු ඇත.පක්ෂය අහිමිව අහසේ පාවෙන සජිත්ට කපුටන් කොටන දිනය ලගදීම එලබෙනු ඇත