කැගල්ලේ මේසෙන් බාස් පැණිය වංචාවක් – කූට සැලැස්ම වෙන්ඩෝල් අධිපති ගොඩකන්ද වෙදමහතා හෙළිදරව් කරයි

කැගල්ලේ මේසෙන් බාස් පැණිය  වංචාවක් – කූට සැලැස්ම  වෙන්ඩෝල් අධිපති ගොඩකන්ද වෙදමහතා හෙළිදරව් කරයි image 24

කෑගල්ලේ මේසෙන් බාස් නොහොත් ධනපාල නැමති කත්කඩියා විසින් හඳුන්නා දුන් පැණිය මුළුමනින්ම වංචාවක් බව වෙන්ඩෝල් ලංකා සමාගම සභාපති ආයුර්වේද වෛද්‍ය ශිරෝමණී පණ්ඩිත ගොඩකන්ද මහතා සඳහන් කරයි.

ආයුර්වේදය හෝ හෙල වෙදකම අනුව කිසිම දවසක මීපැණි රත් කරන්නේ නැති බවත් රත් කල මී පැණි වස වන බවත් ඔහු පවසයි. එකී පැණිය පානය කළ අයගේ මුළු ශරීරෙය්ම දැන් විස ඇති බව ආයුර්වේද සෛධාන්ත අනුව ගොඩකන්ද මහතා පෙන්වා දෙයි

මෙකී අපරාධයට ඖෂධ ඇමති පැණි සුමෙනේ , සෞඛ්‍ය ඇමති පවිත්‍රා සහ ආයුර්වේද ඇමතිවරයා වග කිවයුතු බව ඔහු ප්‍රකාශ කරයි.

ගොඩකන්ද වෙද මහතා මේ බව ප්‍රකාශ කළේ චමුදිත සමරවික්‍රම සමග සංවාදයකට එකතු වෙමිනි. නමුත් කෑගල්ලේ හොර වෙදා මුලින්ම කරලියට ගෙන ආවේ චමුදිත සමරවික්‍රම විසිනි. චමුදිතගේ වීඩියෝව වයිරල් වී පැය කිහිපයක් තුල කොරෝනා පැණිය ප්‍රෝඩාවක් බව ලංකා ඊ නිවුස් හෙලිදරව් කළේය. ඊ නිවුස් කී දෙය පිලිගැනීමට මිනිසුන් අකමැති වුවද , ධම්මික බණ්ඩාර හොරෙක් බව චමුදිත මේ වන විට පිලිගෙන ඇත.

මේසෙන් බාස් පැණිය වතුපිටිවල රෝහලේ කිසිදු කොරෝනා රෝගියෙකුට නොදුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාම පිලිගෙන ඇත. එය කිසිදු සායනික පරීක්ෂාවට ලක් කොටද නැත . තත්වය එසේ තිබියදී ලංකාවේ සෞඛ්‍ය ඇමතිවරිය සහ දෙරණ නාලිකාව එකී පැණිය කූට ලෙස ජන ගත කළේ යටි අරමුනක් සහිතවය.

විදෙස් ශ්‍රමිකයන් හෝටල් වල නිරෝධායනය කරන වැඩ සටහන යටතේ දිලිත් ජයවීර කෝටි ගණනක් හම්බ කලේය. ඇවන්ට් ගාඩ් සේනාධිපති විදේශ ශ්‍රමිකයන්ට සහයක් සැලසීමට ඉදිරිපත් වන විට ඊට අකුල් හෙලුවේද දිලිත් ජයවීරය. තමාගේ හෝටල් නීරෝධානයට බිස්නස් අඩු වේ යයි දිලිත් බිය විය. අවසානයේ දිලිත් ජයවීරගේ හෝටල් වලට ගෙවීමට මුදල් නැති විදේශ ශ්‍රමිකයන් කාන්තාරයේ අසරන විය. අම්මලා ගණිකා වෘත්තියට වැ‍ටුනි. පිරිමි ගිඟමනට වැ‍ටුණි. අවසානයේ තත්වය එජා සංවිධානය දක්වා ගිය මානූෂීය ඛේදවාචකයක් විය.

ජනපති ගෝඨාගේ ඇස් ඇරුනේ විදෙස් ශ්‍රමිකයන්ගේ ගැටලුව ජාත්‍යන්තර අපවාදයක් වූ පසුය. ඉන්පසු නිරෝධායනය සදහා මුදල් අයකිරීම නවතා ගුවන් ටිකට් පත්වලට පමනක් මුදල් අයකිරීමට තීරනය කලේය.දැන් නිරෝධායන ව්‍යාපෘතියට දිලිත් ලබා ගත් හෝටල් වලට බිස්නස් නැත. දිලිත් ඊට විකල්ප සැලසුමක් ගෙන ආවේය .

ලංකාවේ කොරෝනා වලට බෙහෙතක් සොයා ගත්තා කියා විදේශ සංචාරකයන් ගෙන්වා ගැනීම දිලිත්ගේ සැලසුම විය. මේසෙන් බාස් පැණියට කඩේ ගිය වියතුන්, බයියන් දැන් වත් පියවි සිහියට පැමිනිය යුතුය. ඔවුන් කඩේ ගියේ පාරම්පරික හෙල වෙද කම වෙනුවෙන් නොව දිලිත්ගේ කූට ව්‍යාපෘතිය වෙනුවෙන් බව දැන් වත් වටහා ගත යුතුය.

තත්වය එසේ තිබියදා සාදික්කා අඹරන මැසිමක් විමල් වීරවංශ විසින් පෙරේදා හොර වෙදාගේ නිවසටම බාර දුන්නේය. ජනයා ‍රැවටීමට එහි රාජ්‍ය ලංඡනයද අලවා තිබුණි. රජයේ අනුග්‍රහයෙන් රඟදක්වන නාට්‍ය සහ එහි තිත්ත ඇත්ත විමසා බලන කල්හි ජනයා ඔල්මොරොන්දන් විය හැක. හිතවත් පාඨකයනි .. සිදුවන දෑ කාලාම සූත්‍රයට බහා බලන්න.. දෙරණ මාධ්‍ය කියන නිසාවත් , විමල් වීරවංශ කියන නිසා වත් යමක් විශ්වාස නොකරන ලෙස අප ශ්‍රාස්තෘවරයානන් උගන්වා තිබෙනවා නොවේද ?

ධම්මික බන්ඩාර වැනි හොරුන්ට ආවැඩීම හරහා පාරම්පරික හෙල වෙදකම සහ ආයුර්වේද ශ්‍රාස්ත්‍රය විහිළුවකට ලක්වන බව බත්කන මිනිසුන් දැන්වත් තේරුම් ගත යුතුය. ධනපාල මේසෙන් බාස් වැනි හොරුන් නිසා සිදුවන්නේ පාරම්පරික පෙරදිග දැණුම ඝර්භාවට ලක්වීමය. බටහිර පරයන්ට අවශ්‍ය අවශ්‍ය ඇත්තේ පෙරදිග ශ්‍රාස්ත්‍ර වලපල්ලට යැවීමය. එදා උඩරට පාලනය කළ ජොන් ඩොයිලි කළේ ඔය ටිකමය.ජෝන් ඩොයිලි මත් පැන් , සිගරට් ප්‍රමෝට් කිරීම සදහා ‍තෝරා ගත්තේ වංශක්කාර රදලයන්ය . අද දිලිත් ජයවීර ඒ ටික කිරීම ගැන පුදුම විය යුතු නැත .අමන ජනයා කඩේ යාම ගැන පුදුම විය නැත