රාජු වගෙද මෛත්‍රී !

රාජු වගෙද මෛත්‍රී ! my3

ඌරා යනු කිසිම කොලිටියක් නැති සතෙකි.තෝරා බේරා ගැනීමකින් තොරව ඕනෑම ජරාවක් බදාගෙන ගිල දැමීම උගේ සිරිතය.මස් පිනිස මිස වෙන කිසිම වටිනාකමක් ඌට නැත. සිරිසේනත් එවැන්නෙකි. සිරිසේන බලයට පත්වූ විගස ආණ්ඩුවේ හොදම ටික තම කිහිල්ලේ ගහ ගත්තේය. ”බ්ලූ චිප්ස්” අමාත්‍යංශ ටික සිරිසේන යටතේ තබා ගත්තේ රට දියුනු කිරීමට නොවේ නමුත් හොරකම් කිරීමටය.දිවුරුමේ තීන්ත වෙලීමටත් ප්‍රථම  සිරිසේන සිය පවුලම එක්ව එකා මෙන් සොරකමට බැස්සෝය.

කැලණි හිගන්නෙක් වූ සිරිසේන

මහින්ද රාජපක්ෂ හොරකම් කලද චාරයක් තිබුනි . නමුත් සිරිසේන හොරකම් කළේ කැලණි හිගන්නෙකු ලෙසය. මහින්ද LTTE  ත්‍රස්ත උවදුර යටපත් කලේය. සිරිසේන නියපොත්තෙන් කඩන්න තිබූ IS උවදුර පොරවෙන් වත්  කැපිය නොහැකි මට්ටමට වර්ධනය කළේය . ආරක්ෂක අංශයට මහින්ද ආභරණයක් විය නමුත්  සිරිසේන පිළිලයක් වූයේය .සිරිසේන ආරක්ෂක අංශ සියතට  ගත්තේ තමා හිරේ විලංගුවේ  වැටීමෙන් බේරීමටය .සිරිසේන හමුදාවට පරණ නැව් ගෙන්වා කෝටි ගනන් කොමිස් ගැහුවේය. කන්තලේ සීනි  සමාගමේ පරණ යකඩ ටික විකුන්නේය. නිළ නිවසට හයි කළ කොමඩ් එකෙන් පවා හොරකම් කළේය .

පොළොන්නරුවේ කලවැද්දන්ගේ ඉරණම වෙනස් වූ  ජනවාරි 8

දැන් මේ කීමට යන්නේ සිරිසේන පොලොන්නරුවේ වැලි කැටයෙනුත් ගසා කන ඛේදාන්තයයි. සම්පත් රෝචන සහ අනුර විජේසිරි යනු  නිදහස් අධ්‍යාපනයේ පිහිටින් යාන්තම් ඕ ලෙවල් ගොඩදාගත් උන් දෙන්නෙකි. මෙකී දෙබානම පොලොන්නරුවේ පදිංචි කරුවන්ය. හරියමන් ‍රැකියාවක් නොවූ මොවුන්ට උරුම වූයේ  එදා වේල ජීවිතයකි. නමුත් ජනවාරි 8 සියල්ල වෙනස් විය. ලාංකිකයන්ගේ පූරුවේ  පවකට සිරිසේන ජනපති වූයේය. ඉන් අනතුරුව රටේ ඉහල තනතුරු වලට පත්වූයේද සිරිසේන වැනිම පජාත උන්ය. සම්පත් රෝචනට සහ අනුර විජේසිරිට ජනාධිපති සම්බන්ධී කරණ ලේකම් තනතුරු ලැබිනි.

මඩකලපුවෙන් මූදට වැටෙන්න යන මහවැලි ගඟ

පොලොන්නරුවේ වැලි මා‍ෆියාව එදා සිට ”හැඩ්ල්” කරේ සිරිසේන පවුලේ උන්ය. වැලි රාජු නොහොත් සිරිසේනගේ මලයා තව ටික දොහක් ජීවත් වූයේ නම් මහවැලි ගඟ මූදට වැටෙන්නේ පොලොන්නරුවෙන් නොව මඩකලපුවෙනි. මක්නිසාදයත් සිරිසේනලාගේ වැලි හෑරිල්ල එතරම් දරුණුය. මහවැලි ගඟ යාන්තම්  හුස්මක් ගත්තේ  වැලි රාජුට එල්ල වූ පොරෝ පහර නිසාවෙනි. නමුත් වැඩි දොහක් ගියේ නැත. රාජුගේ ”වේකන්සියට”  සිරිසේනගේ හිතවතුන් දෙදෙනෙකු පත් කලේය. රාජුගේ පුරප්පාඩුව පිරවූයේ අපේ කථාවේ සම්පත් රෝචන සහ අනුර විජේසිරිය. සිරිසේන පත්කළ දෙබාන  වැලි රාජුටත් එහා ගිය  තක්කඩින්ය

රාජුගේ වැලි ජාවාරමට වඩා හිංසාකාරී වූ මෛත්‍රීපාලගේ වැලි ජාවාරම

සිරිසේන පාර්ලීමේන්තු ගිය දා සිට  වැවට,  ගස් ටිකට , ගල් කොරියට පමනක් නොව ගමේ ගෑනුන්ටද සොරි ඩොට් කොම් වූ බව ප්‍රසිද්ධ රහසකි . මහ පොළොව මුදල් කිරීමට සිරිසේන පත් කලේ හොරකමට කප් ගැසූ අසේල ඉද්දවෙලය. මොහු සිරිසේනගේ අතිජාත මිත්‍රයෙකි.  සිරිසේන පරිසර ඇමතිය . අසේල ඉද්දවෙල භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිය.වැලි රාජුගේ ”වේකන්සිය” සම්පත් රෝචන සහ අනුර විජේසිරි පිරවූයේය. මුන් දෙදෙනාට ජනාධිපති සම්බන්ධීකරන තනතුරු දුන්නේ වැලි මා‍ෆියාවට අත්වැලක් ලෙසිනි.

ගාන පොඩි නැත දිනකට ලක්ෂ 60

වැලි ලෝඩ් එකකින් දිනකට මොවුන් ගන්නා කප්පම් මුදල රු 10000/= කි. දිනකට වැලි ලෝඩ් 200 ගැසුව හොත් ආදායම ලක්ෂ 2කි. මසකට ලක්ෂ 60කි. එපමනක් නොවේ අසේල ඉද්දවෙල පොළව හෑරීමට ලබා දෙන බලපත්‍රයක අවම මිල ලක්ෂ 10කි. වැලි පොලේ කප්පම් එකතු කරන්නේ හොරි ගාමිනි නැමති අයෙකි. ”දෙයියන්ගේ දේ දෙයියන්ට සීසර්ගේ දේ සීසර්ට”  කීවා සේ සිරිසේනගේ කොටස මොවුන් තිතට පිය වන්නෝය. ඉතිරිවන සොච්චමෙන් අද මොවුන් වැව තාවුල්ලේ හෝටල් තනා ඇත. තට්‍ටු 4රේ මාලිගා තනා ඇත. ඩීසල් ප්‍රාඩො මිලදී ගෙන ඇත. එදා කසිප්පු කට්ට ණයට ගැසූ මොවුන්  අද පාටි දමන්නේ රට විස්කි වලිනි.

අවශ්‍ය වන්නේ ඔබගේ ඉදිරිපත් වීම සහ ක්‍රියාත්මක වීම  පමනි

අද පාර්ලීමේන්තුවේ බොහෝ දෙනෙකු කියන්නේ මහින්ද අවු 11ට හොරකම් කල මුදල මෙන් දෙගුනයක් සිරිසේන අවු 5ට හොරකම් කර ඇති බවය. වැලි පොලේ කප්පම් එකතු කරන හොරි ගාමිනී සහ කප්පම් ගෙවන ටිපර් හිමියන්ද කරන්නේ අපරාධ වරදකි. අල්ලස් ගැනීම සහ අල්ලස් දීම යන දෙකම අපරාධ වැරදිය.  හඩක් නැති ඔබට කිව යුතු දෙයක් ඇත . සිරිසේන වෙනුවෙන් අල්ලස් ගත් කාර්ය මණ්ඩල ප්‍රධානියාද බඩුත් එක්කම අල්ලා ඇත. එහෙයින් සම්පත් රෝචන සහ අනුර විජේසිරි වැනි ක‍ටු කන බල්ලන් බැද දැමීම අපට ”ගේමක්” නැත.අවශ්‍ය වන්නේ ඔබගේ ඉදිරිපත් වීම සහ ක්‍රියාත්මක වීම  පමනි. ළොව වඩා භයානක වන්නේ ජඩයන්ගේ ජඩ කම් නොව හොද මිනිසුන්ගේ නිහඩතාව බව ඔබට අවධාරනය කර යුතුව ඇත.