අපගේ පෙර පුවත සත්‍ය වෙයි, සිරිසේන පොහොට්‍ටු සංධානයෙන් ඉවත් වීමට තීරණය කරයි

අපගේ පෙර පුවත සත්‍ය වෙයි, සිරිසේන පොහොට්‍ටු සංධානයෙන් ඉවත් වීමට තීරණය  කරයි image 30

ගෝඨා ජනාධිපතිවරණයට පෙර ශ්‍රීලනිප සමග අබෝධතා ගිවිසුමක් අත්සන් කලේය . නමුත් ගෝඨා මැතිවරණය ජයගත් සැනින් ශ්‍රීලනිප බලු නොවටින තැනට දැම්මේය . තත්වය මෙසේ තිතියදී රාජපක්ෂලාට එරෙහිව යටිබිම්ගතව පුලුල් පෙරමුණක් ගොඩනැමින් පවතින බව පෙර පුවතකින් අප හෙළිදරව් කළෙමු. තවද ශ්‍රිලනිප එහි ප්‍රභල භූමිකාවක් බව අප කීවෙමු.

( රවි කරුණානායක සහ සිරිසේනගේ ඡායාරූපයක් සහිතව ” රාජපක්ෂලාට එරෙහි උකුසු ප්‍රහාරය ඇරඹෙයි ” යන ශීර්ෂය යටතේ දින කිහිපයකට පෙර පලකළ එම පුවත පහත දිගුවෙන් කියවන්න)

රාජපක්ෂලාට එරෙහි උකුසු ප්‍රහාරය ඇරඹෙයි – පලාත් පාලන ආයතන 50ක බලපෙරළියක්

ලග එන දේශපාලන පෙරලිය ගැන අද දිවයින පුවත්පත විසින් පල කළ ලිපිය පහත පරිදිය ( මෙම පුවත ලංකා සී නිවුස් විසින්ද වාර්තා කොට ඇත )

පොදුජන පෙරමුණේ ප‍්‍රධාන හවුල්කාර පක්ෂයක් වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ඉවත්ව වෙනම කටයුතු කිරීම සඳහා අභ්‍යන්තර සාකච්ඡාවක නිරත වෙමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ අනාවරණය වේ.

එම පක්ෂයේ ඉහළ නායකයන් මේ වන විට මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක දී සාකච්ඡා කර ඇති අතර එහිදී ආණ්ඩුව තම කණ්ඩායමට දක්වන නොසැලකිල්ල ට යම් රැඩිකල් ප‍්‍රතිචාරයක් දැක්විය යුතු බවට බහුතරයකගේ කැමැත්තෙන් එකඟතාවකට පැමිණ ඇතැයි වාර්තා වේ.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳව විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ විමර්ශන කටයුතු අවසන් නොවීම ඉහත තීරණය ගැනීම ප‍්‍රමාද කිරීමට හේතුවක් වී ඇති බවත් එම කොමිසමේ අවසන් විමර්ශන වාර්තාව අනුව ඉදිරි තීරණ ගැනීමට නියමිත බවත් පැවැසේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්ව සමගි ජන බලවේගය සමඟ එක්වීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වී ඇති බවත් එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.