මහින්දගේ භාෂාවෙන් මල්ලිට නියෝගයක් !

මහින්දගේ භාෂාවෙන් මල්ලිට නියෝගයක් ! image 40

ඊයේ දිනයේ අගමැති මහින්ද රාජපක්ෂ සහ ඉහලම ඇවරියේ විදේශ දූත පිරිසක් අතර අතිශය වැදගත් හමුවක් පැවැත් වුනි. අරලියගහ මන්දිරයේ පැවැති එම හමුවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාවාසික ප්‍රධානී හානා සිගර් , ලෝක සෞඛ්‍ය සංවිධානයේ නේවාවාසික ප්‍රධානී රාෂියා පෙන්ඩ්සේ සහ යුනිසෙෆ් නියොජිත ටිම් සැටන් ඇතුළු පිරිසක් සහභාගි විය.

ගෝලීය වසංගත තත්වයක් තුලදී පොදු න්‍යාය පත්‍රයකට අනුව වැඩ කළ යුතු බව විදේශ දූත කණ්ඩායම එහිදී අගමැතිවරයාට පෙන්වා දී ඇත. එසේ නොමැතිව අත්තනෝමත වලට අනුව කටයුතු කිරීම ලෝක ජනයාගේ ආරක්ෂාවට තර්ජනයක් බව ඔවුන් පෙන්වා දී ඇත.

විදේශ දූත කණ්ඩායම රාජතාන්ත්‍රික භාෂාව යොදා ගනිමින් පෙන්වා දුන්නේ ගෝඨාභයගේ අනුග්‍රහය යටතේ සිදුවන පැණි නාඩගම ලංකාවේ ආරක්ෂාවට මෙන්ම ලෝක ප්‍රජාවේ ආරක්ෂාවට තර්ජනයක් බවය. ඒ බව මහින්දටද තේරුම් ගියේය.

විදේශ දූත කණ්ඩායම මේ කථාව කියන විට මහින්ද රාජපක්ෂ කසාය බුන් ගොළුවෙකු මෙන් අපහසු තාවයට පත් විය

අනතුරුව, ලංකාවට කොරෝනා එන්නත අවශ්‍ය බවත් එය ලබා ගැනීමට උපකාර කරන ලෙස මහින්ද විදේශ දූත පිරිසගෙන් ඉල්ලා ඇත.

දැන් අපට ඇසීමට ප්‍රශ්නයක් ඇත, බයියන් සහ දෙරණ නාලිකාව කරේ තබාගෙන යන මේසෙන් බාස් පැණිය සත්ත නම් විදේශ රටවලට ණය වී එන්නත් ගෙන්වන්නේ කුමටද ?’

කෙසේ වුවද පසුගිය කාලය පුරා රඟ දැක්වූ පැණි නාටකය සම්බන්ධව මහින්ද දැඩි ලෙස කෝප වී ඇති අතර , පැණි නාටකය වහා නවතා දමන ලෙස මහින්දගේ භාෂාවෙන් ගෝඨාභයට දැනුම් දී ඇත. එන්නත කඩිනමින් ගෙන්වීමට ලලිත් වීරතුංග පත්කොට ඇත්තේ ඉන් අනතුරුවය