රට වල පල්ලට ‍රැගන ගිය වලව් 4 ට එරෙහි ජනතා සටන ඇරඹෙයි, 2025 දිනන සටන මෙය වෙයිද ?

රට වල පල්ලට ‍රැගන ගිය වලව් 4 ට එරෙහි ජනතා සටන ඇරඹෙයි, 2025 දිනන සටන මෙය වෙයිද ? image 41

චම්පික රණවක ජාතික හෙළ උරුමයෙන් ඉවත්වීම දේශපාලන කරළිය උණුසුම් කළ බව රහසක් නොවේ. එපමන් නොව නව දේශපාලන ප්‍රවාහයක් ගැන චම්පික කී කථාව ලඟ ලඟම සිදුවන දේශපාලන පෙරළියක් ගැන ඉඟියකි.

චම්පික හෙල උරුම පක්ෂයෙන් ඉවත්වීම හුදකලා සිදුවීමක් නොව විවිධ පාර්ශව ගණනාවක් සමග පැවැත්වූ සාකච්ඡා අවසානයේ සිදු වූවකි. ඔහු ජවිපෙ සමගද නිළ නොවන මට්ටමින් සාකච්ඡා පවත්වා තිබුනි.

චම්පිකගේ ආගමනයෙන් සජිත් පිළ දෙදරා යනු ඇතියි රාජපක්ෂලා සහ වික්‍රමසිංහලා බලාපොරොත්තු විය. නමුත් සිදු වූයේ අනෙකකි. සාමාජිකයන්ගේ අනුමැතියෙන් පක්ෂ නායකයා ‍තෝරාපත් කළ හැකි ව්‍යවස්ථා සංශෝධනයක් සජබ පිල කරළියට ගෙන ආවේය.

එනම් පක්ෂ නායකයා සජිත්ද ,චම්පිකද , ෆොන්සේකාද යන්න තීන්දු කරනුයේ පක්ෂ සාමාජිකයන් විසිනි. එය රාජපක්ෂ කඳවුරට සහ වික්‍රමසිංහ කඳවුරට මරු පහරකි.ඒ අනුව ඉදිරියේදී පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්තවාදය තහවුරු කළ ලංකාවේ එකම පක්ෂය බවට සජබ පිල පත් වනු ඇත.

මේ පොදුජන විප්ලවය ආරම්භ වූවා පමනි. සජිත් චම්පික ෆොන්සේකා සුසංයෝගය ඉතිහාසයේ දෙවැන්තම ජන ‍රැල්ල නිර්මානය කිරීමට සැලසුම් සකස් කොට ඇත.ශ්‍රීලනිප ඕනෑම මොහොතක ( on demand ) ඊට සහයෝගය දීමට සූදානම්ය. ජවිපෙ කොන්දේසි සහිතව සහයෝගය දීමට සූදානම්ය.

සජබ පිලේ මෙවර සටන් තේමාව ගැඹුරු සංකල්පයකි. එය වලව් දේශපාලනයට එරෙහි තේමාවකි. නිදහසින් පසු 70 වසරක් පුරා ලංකාව පාලනය කලේ පවුල් හතරකි. සේනානයක පවුල, බණ්ඩාරනායක පවුල , වික්‍රමසිංහ පවුල සහ රාජපක්ෂ පවුලය.

නිදහස ලබන විට ජපානයට, සිංගප්පූරුවට, කොරියාවට ඉදිරියෙන් සිටි ලංකාව වල පල්ලට ‍රැගෙන ගියේ එම පවුල් 4 බව, බත් කන ඔනෑම අයෙකුට තේරුම ගත හැක. එම කථාව ආකර්ශනීය වීම නොවැලැක්විය හැක.

චම්පික, ෆොන්සේකා, සජිත් වැනි පොඩි මිනිසුන් නියෝජනය කරන පිරිසක් වලව් දේශපාලනයට එරෙහිව දියත් කරන සටන ජනතාව විසින් වැළද ගැනීමට වැඩි ඉඩක් ඇත. මක්නිසාදයත් වසර 70ක් පුරා රට පාලනය කළ වලව් 4, රට විනාශ කළ බව ඇස් පනාපිට සත්‍යක් වීමය.

ඒ අනුව එජාපය පෞද්ගලික බූදලයක් ලෙස ලියාගෙන සිටින වික්‍රමසිංහලා , ශ්‍රීලනිප යලි අත්පත් කරගැනීමට දත කන චන්ද්‍රිකාලා අවසන් ගමන් යනු ඇත. අවසානයේ එම තියරියෙන්ම මැදමුලන වලව්වේ රාජපක්ෂලා පරාජය කිරීමට සැලසුම් කොට ඇත.

නව ජනබලවේගය පිළිබදව ඉහ මොළ රත්වුන ඔවුන් වලව් වලව් අතර එකගතාවයෙන් කටයුතු කරන තැනට පත්ව ඇත.රනිල්, මහින්ද සහ චන්ද්‍රිකා පොඩිමිනිසුන්ගේ විප්ලවය උපයි ගෙයිම මරා දැමීමට දඟ දමමින් සිටියි.

මංගල සමරවීරට එජාප නායක ධූරයත්, රවි කරුනායකට නියෝජ්‍ය නායක ධූරයයත් ලබාදීමට රනිල් තීන්දු කොට ඇති බව ලංකා නිවුස් වෙබ් අඩවීය වාර්තා කොට ඇත.

කලක් සක්‍රිය දේශපාලනයෙන් ඉවත්ව සිටි මංගල රනිල්ගේ ඉල්ලීම අනුව එජාපය සමග යළි සක්‍රිය දේශපාලනයට අවතීර්ණ වීමට කටයුතු කර තිබේ. එහි පළමු පියවර වශයෙන් “නැවුම් අපේක්ෂාවේ අලුත් ඇරඹුම” මැයෙන් ජන හමුවක් ඊයේ (20) මාතරදී පැවැත්විය.

මංගල ලිබරල් වෙස්මුහුන දමාගෙන මෙතෙක් කල් කළේ යට කී වලව් තුනේ බැලමෙවර කිරීමය.මංගල දැන් සැරසෙන්නේ පැරණි වෘත්තිය යලි පටන් ගැනීමටය.

මේ තීරනාත්මක අවස්ථාවෙදී රවි ජනතාව පැත්තේ සිට ගනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.ඔහු පොදු ජන විප්ලවයට පිටිපෑ හොත් අප ජනතාවගේ පැත්තේ සිට ගැනීමට පසු බට නොවන බව මින් දන්වා සිටිමු