රතන හාමුදුරුවො තක්කඩියෙක්! ඥානසාර හිමි අද පෙන්වූ නාටකයේ ඇතුලත කථාව

රතන හාමුදුරුවො තක්කඩියෙක්! ඥානසාර හිමි අද පෙන්වූ නාටකයේ ඇතුලත කථාව trukish 640x350

මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වීමේ පුවත ලොව කැලඹීමත් සමගම  මෙරට දේශපාලනය උඩු යටි කුරු විය. උපවාසයට උල්පන්දම් දුන් චරිත අතර රාජපක්ෂලා ,අගරදගුරුලා,  ඥානසාරලා කැපී පෙනුනි. අවසානයේ එය ඔවුන්ටම බූමරංගයක් විය . ලයිව් කවරේජ් දුන් දෙරණට හිරුට ඇඩ්‍රස් නැති විය. මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වීමෙන් පසු දෙමළ ජාතික සංධානයේ සුමන්තිරන් විශේෂ ප්‍රකාෂයක් කළේය. ඔහු කියා සිටියේ උපවාස කරුවන් නීතිය අතට ගත් බව සහ එය  භයානක තර්ජනයක් බවය.  තවද දෙමල ජාතික සංධානය  විසින් මුස්ලිම් ආණ්ඩුකාර වරුන් ඉවත් කිරීම පිළිබදව සිරිසේනට වරද පටවා තිබුනි. එපමනක් නොව ඉදිරි මැතිවරණ වලදී දෙමළ ජාතික සංධානය මුස්ලිම් දේශපාලකයන් සමග සභාගයක් ලෙස  තරග කිරීමේ සූදානමක් විය.

සිරිසේනගේ නියෝගයෙන් ඥානසාර හිමි තැබූ මාධ්‍ය සාකච්ඡාව

තත්වය ඔඩු දිවීමත් සමගම  සිරිසේන මුලින්ම කලේ ඥානසාර හිමිට දෙස්දෙවොල් තැබීමය. මක්නිසාදයත් ඥානසාර හිමි උපවාස භූමියට ගොස් රතනට සහයෝගය පල කිරීම සහ ‘‘හෙට 12ට කලින් ඇමතිවරු 3න් දෙනා අයින් කළේ නැත්නම්  සැණකෙළියක්   බලාගන්ඩ පුළුවන්’’ යයි කියා කල ප්‍රකාශය සිරිසේනට කල  තර්ජනයක් ලෙස දැකීමය. ඥානසාර හිමිට නොසෑහෙන්ඩ වරද පැටවූ සිරිසේන වහාම  මාධ්‍ය සාකච්ඡාවක්  කැදවා   රතනගේ උපවාසය හෙලා දකින ලෙස දන්වා ඇත. ඥානසාර හිමි අද මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූයේ සිරිසේනගේ නියෝගය අනුවය  . අද මාධ්‍ය සාකච්ඡාවේදී ඥානසාර හිමි කීවේ රතන හිමි තක්කඩියෙකු බවය. දේශපාලනයේ උන්හිටිතැන් අහිමි වී ඇති රතන සිය ප්‍රතිරූපය පුම්බා ගැනීමට උපවාස කල බවය.   අද ඥානසාර හිමි කීවේ මෙවන් කථාවකි.

ඥානසාර හිමි රතනගේ සිවුර ගැලවූ හැටි (ඥානසාර හිමි අද රතන ගැන කී කථාව)

සහරාන්ලගේ මේ අන්තවාදය පරාජය කරන්ඩ සිංහල සමාජයට වඩා උදව් කලේ මුස්ලිම් මිනිස්සු . උන්මන්තක අන්තවාදයට විරුද්ධව රොද බැන්දෙ ඒ මුස්ලිම් මිනිස්සු. දැන් මේ වෙන වැඩ වලින් මොකක්ද වෙන්නේ ? ඒ සාම්ප්‍රදායික මුස්ලිම් මිනිස්සුත් අන්තවාදයට තල්ලු වෙනවා.  මොන අපරාධයක්ද  මේ කරන්නේ ?  තක්කඩි විදියට තමන් උස්ස ගන්ඩ උපවාස කරනව ,  මේකෙන් වෙන්නේ කථාව  වෙන පැත්තක්ට හැරවෙන එක .  දැන් වීරයො, නායකයො ගොඩයි.  දැන් මේ ඉල්ලා අස්වෙන්ඩ කියපු තුන් දෙනාද ප්‍රශ්නය? මම අද කීවා කියල හිතා ගන්ඩ ! මේකෙන් වෙන්නේ රට සිංහල- මුස්ලිම් මහා කෝලාහලයකට යනව. කිසිසේත් එය නොවේ සිදුවිය යුත්තේ. නමුත් රතනගේ උපවාසය නිසා ඒක ඊයේ සිදුවුනා !”

රතන හිමිගේ උපවාසයට මහ නායක හිමිවරුන්ගේ අවසරය නෑ

නොවැ 26 කුමන්ත්‍රණය අතර තුර ඩීල් දැමීමට ගොස් රතන හිමිට උන්හිටිතැන් අහිමි වූ බව ප්‍රසිද්ධ රහසකි . රතන හිමි උපවාසය ආරම්භ කර තිබුනේ මහනායක හිමිවරුන්ගේ අනු දැනුමකින් තොරවය . තවද පසුගිය නොවැ 26  මහින්ද පිලට ගිය රතනට ලැබුනේ රම්පෙ කරපිංචා සැලකිලිය. රතනගේ බල්ටිය නිසා  ඔහුට අල්ලපු අත්ත සහ පය තැබූ අත්ත යන දෙකම අහිමි විය. මේ අතර පාඨලී චම්පිකද සිය කහ සිවුරු දේශපාලන සගයා ලෙස මාවරලේ භද්දිය ‍තෝරා ගත්තේය. එන මැතිවරණයේදී ඇපත් නැතිවන රතන හිමි දළදා මාලිගාව ඉදිරියේ ආරම්භ කලේ රට ජාතිය වෙනුවෙන් සටනක් නොව  සිය ඊලග මැතිවරණ කැම්පේන් එකය.

ජන්මෙට වඩා ලොකු පුරුද්ද

ඥානසාර හිමි හිරේ විලංගුවේ වැටීමට නියමිත නියමිත චෝදන අධිකරණයට ඉදිරිපත් වන විට ඉන් බේරී යාමට එ.ජා.පට හිතවත් කණ්ඩායමක් විසින් මාර්ගයක් හදා දුන්නේය.  බානගල උපතිස්ස යනු එජාපට හිතවත් බෞද්ධ භික්ෂුවකි.ජපානයේ එහිමියන් සතු විශාල පන්සල් 2ක් ඇත. බානගල උපතිස්ස හිමියන් හරහා ජපානයේ පන්සලක සියළු සැප පහසුකම් සහිතව වැඩ විසීමට ඥානසාර හිමිට ඉඩ සලසා දුන්නේය. එපමනක් නොව ඥානසාර හිමිට  අවැසිවූ විට ප්‍රංශයට යාමටද අනුග්‍රහය දැක්වූයේය. නමුත් ඥානසාර ජපානයේ වැඩ සිටියේ මාස 6කි.  යලි ලංකාවට පැමින පුරුදු සෙල්ලම පටන් ගත්තේය. උන්වහන්සේ හිරේ ගියේ එකී පැමිනීමෙන් පසුවය. ඥානසාර නෑවේ ඇදගෙනය

ඥානසාර හිමි ගැන දින 4කට පෙර අප කී කථාව සත්‍ය විය (”ඥානසාර හිමි කීවේ බොරු තුර්කි තානාපති කියයි ” ලිපිය බලන්න)

සිල් නොරකින හොර  ඝනයන්ගේ  පුකේ තාර ගෑ යුතු යයි ජෝන් කොතලාවල කීවේය. එස්. ඩබ් .ආර්.ඩී  බන්ඩාරනායකට වෙඩි තැබුවේ  සෝමාරාම නැමති චීවරධාරියෙකි . බන්ඩාරනායක වෙඩි  කා අවසන් ගමන්  ගිය විට විට ජෝන් කොතලාවල අපූරු කථාවක් කියා තිබුනි. මම බැද දැමූ බල්ලන් බන්ඩා ලිහා දැමූ බවත් අවසානයේ බන්ඩා සපා කෑවේ එම බල්ලන් බව කීවේය . ඥානසාර නැමති චීවරධාරියා විසින්  අඩු හෝ වැඩිව සිරිසේන නැමති වසල පාලකයාට  අත්කර දෙන්නේද   එම ඉරණමය. සිරිසේන නැමති වසල පාලකයාට එම ඉරණම අත්වූවාට කම් නැත. නමුත් රටේ ජනතාව තව දුරටත් මොවුන් කෙලින පිස්සු වල  වින්දිතයන් විය යුතු නැත.

By Thusharaa wanniarachchi

Editor – Lanka news app