මංගල එජාප නායකත්වයට – රාජ්‍ය බුද්ධි අංශ වැඩ අරඹයි, ගෝඨාභයට සුළුදිය පහවලා

මංගල එජාප නායකත්වයට – රාජ්‍ය බුද්ධි අංශ වැඩ අරඹයි, ගෝඨාභයට සුළුදිය පහවලා image 50

මීට දින දෙකකට පෙර ” රට විනාශ කළ වලව් අතර ” යන ශීර්ෂය යටතේ ලිපියක් පල කළෙමු. නිදහසින් පසු 70 වසරක් රට පාලනය කළේ සේනානයක පවුල, බණ්ඩාරනායක පවුල , වික්‍රමසිංහ පවුල සහ රාජපක්ෂ පවුල යන පවුල් 4 බවත් රටේ පරිහානියට වග කිවයුත්තේ ඔවුන් බව කීවේමු.

මේ අතර කලක් සක්‍රිය දේශපාලනයෙන් ඉවත්ව සිටි මංගල රනිල්ගේ ඉල්ලීම අනුව එජාපය සමග යළි දේශපාලනයට අවතීර්ණ විය. එහි පළමු පියවර ලෙස “නැවුම් අපේක්ෂාවේ අලුත් ඇරඹුම” මැයෙන් ජන හමුවක් ඊයේ දෙසැ 20 මාතරදී පැවැත්විය.

මංගල සම්බන්ධව දින 2 කට පෙර අප පල කල පුවත පහත පරිදිය. ”මංගල ලිබරල් වෙස්මුහුන දමාගෙන මෙතෙක් කල් කළේ යට කී වලව් තුනේ බැලමෙවර කිරීමය. මංගල දැන් සැරසෙන්නේ පැරණි වෘත්තිය යලි පටන් ගැනීමටය. ලිබරල් වාදියෙකු ලෙස පෙනී සිටින මංගල රට විනාශ කළ වලව් හතරේ මෙහෙකරුවකු බව අප සදහන් කළෙමු. ඔහුගේ පරම්පරාවත් ඔහුත් කරන්නේ යටකී වලව් හතරට කඩේ යාම බව කීවෙමු.”

මෙම පුවත් සම්බන්ධයෙන් මංගලගේ අතිශ්‍ය හිතවතෙකු ( මංගලගේ අනුදැමුම පරිදි) අපට කථා කළේය. අපගේ පුවත හිතා මතා සත්‍ය කරුණු වසන් කොට ඇති බව ඔහු කීවේය.

මංගල සමරවීර කිසිදිනක වලව් පැලැන්තියට කඩේ යන පුද්ගලයෙකු නොවන බව ඔහු කීවේය.මංගල යනු දුෂිත වලව් පැලැන්තිය දේශපාලනයෙන් ඉවත් කිරීමේ ඓතිහාසික කාර්ය භාරයට උරදී සිටින එකම පුද්ගලයා බව කීවේය. එම ඓතිහාසික කාර්යභාර්ය නිමකොට මිස මංගල ආපසු නොහැරෙන බව ඔහු කීවේය.

එපමනක් නොව 1994, 2005, 2015 ආණ්ඩු පෙරළි පි‍ටුපස සිටි මහ මොළකරු මංගල බව ඔහු කීවේය. එස්.බී, ඩිලාන්, සුසිල්, අනුර, දිනේෂ් වැනි මංගලගේ සමකාලිනයන් මේ වන විට අවලංගු කාසි බවට පත් වුනද මංගලගේ වටිනාකම දිනෙන් දිනම ඉහල යන බව ඔහු කිවේය. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාරගන්නා ලෙස රනිල් කළ ඉල්ලීමෙන් එය ඔප්පු වන බව ඔහු කීවේය.

එජාපයේ නව නායකයා ලෙස මංගලත් උපනායකයා ලෙස රවීත් පත් කිරීමට යන පුවත සත්‍ය බව ඔහු කීවේය. නමුත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පඹයන්ගේ ඡන්දයෙන් හෝ කඩදාසියකින් ලැබෙන නායකත්වයෙන් පලක් නොමැති බව ඔහු අවධාරණය කළේය. එය සමස්ථ ජනයාගේ අනුමැතියෙන් සිදු විය යුතු බව ඔහු කීවේය.

ජනතා අනුමැතියකින් තොරව කඩදාසියකින් නායකත්වයට පත්වන්නන්ට පැවැත්මක් නොමැති බව සාක්ෂි සහිතව පැහැදිලි කළේය .රනිල්ගේ අත්සන යෙදූ කඩදාසියකින් නායකත්වයට පත්වූ රුවන් විජෙවර්දධන ජනයා විසින් පිලිනොගත් බව ඔහු මතක් කළේය.

“නැවුම් අපේක්ෂාවේ අලුත් ඇරඹුම” නමින් ජනහමු මාලාවක් පවත්වන්නේ මංගලට ලැබීමට නියමිත නායකත්වයට ජනතාවගෙන් වලංගුභාවක් ලබා ගැනීමට මිස රනිල්ට කඩේ යාමට නොවන බව ඔහු කීවේය.

ආණ්ඩු තුනක් හැදූ, ආණ්ඩු තුනක් පෙරලා දැමූ ඇමතියෙකු ලක් ඉතිහාසය තුල නොමැති බවත් එවැනි කාර්යභාරයක් ඉ‍ටු කළ එකම පුද්ගලයා මංගල බව ඔහු කීවේය.

එම ඓතිහාසික කාර්ය සිව්වන වරටත් කළ හැක්කේ මංගලට පමනක් බව දෙස් විදෙස් ලෝකයම දන්නා බව ඔහු කීවේය. රනිල් විසින්, මංගල සහ රවී නායකත්වයට පත් කිරීමට යන්නේ ඒ බව හොදින් දන්නා නිසා බව ඔහු කීවේය.

මංගල පසු පස රාජ්‍ය බුද්ධි අංශය සහ දෙපිටකාට්‍ටු ඔත්තුකරුවන් යොදවා ඇත්තේ ඒ නිසා බව ඔහු කීවේය. මංගල යලි සක්‍රීය දේශපාලනයට පැමිණීමත් සමගම රජ්‍ය බුද්ධි අංශයේ සේනාංකයක් ඔහු ලුහුබඳින බව කීවේය. මංගල යන නම ඇසෙන විට ගෝඨාභයට සුළු දිය පහවන බව ඔහු කීවේය.

මාතරදී පැවැත්වූ ජන හමුවට පැමිනි ජනයා ගැන ගණන් හිලව් එදිරිපත් කරමින් එය අසාර්ථක එකක් බවට පෙන්වීමට ආණ්ඩුව කරන උත්සාහය විහිළුවක් බව කීවේය. රටේ වසංගත තත්වයක් පවතින බව ගෝඨාණ්ඩුවේ කේවට්ටයන්ට අමතක වී ඇති බව කීවේය . කෙසේ වුවද ආණ්ඩුවේ විවේචන නිසා තමන්ගේ ප්‍රාදේශීය ‍රැස්වීම් ජාතික තලයට ආ බව පෙන්වා දුන්නේය

සජිත් පිල , ශ්‍රීලනිප, එජාපය, චම්පිකගේ පාර්ශවය, ජවිපෙ සහ සුළු ජාතික පක්ෂ එකම වේදිකාවට ‍රැස්කොට වැඩ බැරි, දූෂිත ගෝඨාණ්ඩුව එලවා දමන සටන ලබන වසරේ ජනවාරියේ අරඹන බව ඔහු කීවේය.

පසු සටහන – කරුණු එසේ නම් අපගේ පෙර පුවතින් මංගල සමරවීරට යම් සිත් රිදවීමක් සිදු වූයේ නම් ඒ පිළිබදව කනගා‍ටුව ප්‍රකාශ කරනෙමු