කමල් සහ ශවේන්ද්‍ර උසස් වන අතර තුර මාවනැල්ලේ බුදු පිළිමය යලි ප්‍රහාරයට ලක්වෙයි

කමල්  සහ ශවේන්ද්‍ර උසස් වන අතර තුර මාවනැල්ලේ  බුදු පිළිමය යලි  ප්‍රහාරයට ලක්වෙයි image 57

මාවනැල්ලේ හිගුල ප්‍රදේශයේ පිහිටි බුදු පිළිම වහන්සේට යළිත් වතාවක් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

කිසියම් පිරිසක් විසින් ඊයේ (28) රාත්‍රියේදී පිළිම වහන්සේ තැන්පත් කර ඇති වීදුරු කුටියට ප්‍රහාරයක් එල්ල ක‌ොට ඇති අතර පොලිසිය මේ වනවිට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇති බව දැනගන්නට ඇත.

පාස්කු ප්‍රහාරය එල්ල වීමට ප්‍රථමද අන්තවාදීන් විසින් 2018 දෙසැම්බර් මාසයේදී මෙම බුදුපිළිම වහන්සේට ප්‍රහාරයක් එල්ල කර තිබිණ.

මේවන විට දෙවනගල රජමහා විහාරයේ තත්වයද ඉතා උණුසුම් වීඇත.දෙවනගල පිහිටා තිබෙන්නේ හිඟුලට ඉතා ආසන්න්වය.

මේ අතර මාවනැල්ල ප්‍රදේශයේ ගල් වලක විශාලා පුපුරණ ද්‍රව්‍ය තොගයක් අතුරුදහන් වූ බවත් ආරක්ෂක අංශ ඒ පිළිබදව සොයා බලන බවත් වාර්තා විය