මරා සිරා දීගය ඉවරයි – සිරිසේනගෙන් කෙස් කෙලින් කරන තවත් ගේමක් !

මරා සිරා දීගය ඉවරයි  – සිරිසේනගෙන්  කෙස් කෙලින් කරන තවත් ගේමක් ! alaina 1

එලඹෙන මැතිවරණය සදහා  පොහොට්‍ටුව සහ නිදහස් පක්ෂය එකට තරග කිරීමේ අභිප්‍රායෙන් පක්ෂ දෙක අතර නිළ සාකච්ඡා  ගිය සතියේ ඇරඹුනේය. නමුත් සුපුරුදු පරිදි බැසිල්ගේ පාර්ශවයෙන් සිරිසේන වෙත දැඩි විරෝධයක් එල්ල වූයේය. ඔක් 26 මහින්දට දුන් ලණුව,  පාස්කු ප්‍රහාරය පිළිබද සිරිසේනගේ  බරපතල නොතකා හැරීම් සහ   ඥානසාර හිමි මේ අවස්ථාවේ නිදහස් කිරීම වැනි චෝදනා ගණනාවක් සිරිසේනට එරෙහිව ඉදිරිපත් විය.  

පොහොට්‍ටුවේ නිළ මතය

ජනාධිපති අපේක්‍ෂකත්වය සිරිසේනටත් අගමැති ධුරය මහින්දටත් දිය යුතු බවට ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර  විසින් කරන ලද යෝජනාවට පොහොට්‍ටුව එක හඩින් විරුද්ධ විය. සිරිසේන  පොහොට්‍ටුවේ ජනපති අපේක්ෂකයා නොවන බව පෙරේදා නිළ වශයෙන් ප්‍රකාෂයට පත් විය

සිරිසේනගේ කැබිනට් හමුව

පොහොට්‍ටුවේ තීරණය පිලිබදව කෝපයෙන් පසුවූ  සිරිසේන ඊයේ කැබිනට් මණ්ඩලයට ‍රැස් කලේය. මුලින්ම රටේ තත්වය පිලිබද අදහස් දැක්වූ සිරිසේන මීලග ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් නොවන බව ප්‍රකාශ කළේය. නමුත් ඊළග ජනාධිපතිවරණයට එජාපයේ තරුණ ජවයක් ඇතිව නිසි මගට එන්නේ නම් ඊට සහාය දීමට තමන් සූදානම් බව සිරිසේන වරක් නොව තෙවරක්ම කැබිනට්   හමුවේදී කියා තිබුනි.

පසුගිය සතියේ අප කී පුවත සනාථ වෙයි

එ.ජා.ප ඇතුලේ රනිල්ට එරෙහි කැ‍රැල්ලක් යලි ඇතිවී ඇති බව දින කිහිපයකට පෙර  අප වාර්තා කලෙමු. තුෂාර ඩී  වන්නිආරච්චි යටතේ තිබූ එජාප ඩිජිටල් මාධ්‍ය ඒකකය වසා දැමූ බව අප වාර්තා කලෙමු. එජාප මහලේකම් සජිත් පිලට සහයෝගය දක්වන බව අප සදහන් කලෙමු. ස්ව කැමැත්තෙන් නායකත්වයෙන් බැස යන ලෙස රනිල්ට ඉල්ලිමක් යොමු වූ බව වාර්තා කලෙමු .

අභ්‍යන්තර කවයේ කුණා‍ටුව

පසුගිය සතියේ එජාපයේ ඉහල ඇවරියේ  දුසිමකට ආසන්න පිරිසක්  රනිල්ගේ අභ්‍යන්තර කවයෙන් ඉවත් කර තිබුනි. ඔවුන් අතර එ.ජා.ප කෘත්‍යාදිකාර මණ්ඩලයේ සාමාජිකයන් කිහිප දෙනෙකුද වූහ. රනිල්ට එරෙහිව ඇතිවූ කැරල්ලේ තිරය පි‍ටුපස  සිටින්නේ සිරිසේන, චම්පික, මලික් සහ අකිල  බව කිව හොත් ඔබ විශ්වාස නොකරනු ඇත. නමුත් කථාව ඇත්තය.

අවතැන් වන සිරිසේනගේ පිංගුත්තර නඩය

දැන් ගෙදර යාමට සිදුව ඇත්තේ අවඥාසහගත  ලෙස පොහො‍ටුවෙන් ප්‍රතික්ෂේප වූ සිරිසේනට පමනක් නොවේ. සිරිකොතට ගල් ගැසූ ශිරාල් , මෛත්‍රී ගුණරත්න, කීර්ති තෙන්නකොන්  ඇතුලු පිංගුත්තර නඩයටද ගෙදර යාමට සිදුව ඇත . කිනිතුල්ලෙක් ලෙස යහපාලන ආන්ඩුවේ සාරය උරා බිව් කිලී මහරාජාද අතර මං වී ඇත . තවද  කිලීගේ බිස්නස් දැන්  කඩා වැටී ඔහු සිටින්නේ  බංකොලොත් ගැට්ටේය. රනිල් පන්නා දමා සජිත් – චම්පික යුගයක් ආරම්භ කිරීමට දියත්ව ඇති කුමන්ත්‍රනයේ ඉදිරියෙන්ම සිටින්නේ  යටකී පිරිසය.

සිරිසේනගේ සැලසුම

සිරිසේන සජිත්ට සහයෝගය දෙන්නේ නිකම් නොවේ. ජනපතිවරණයෙන් අනතුරුව එන පාර්ලීමේන්තු මැතිවරණයට එ.ජා.ප සහ නිදහස් පක්ෂය එකට තරග කිරීමේ කොන්දේසිය මතය. එනම්  නිදහස් පක්ෂයෙන් තේරී පත්වන මන්ත්‍රීන් පිරිසක් සමග  එහි නායකයා ලෙස එ.ජා.ප සමග හවුල් ආන්ඩුවකට යාම සිරිසේනගේ සැලසුමය. ඥානසාර හිමි ජූලි 7 වනදා බොදු බල සේනාවේ දේශපාලන වැඩපිවෙල ඉදිරිපත් කිරීමට නියමිතය. සිරිසේන සිරකරු ඥානසාර ලිහා දැමුවේද ඉදිරි දේශපාලනයට ඉත්තෙකු කර ගැනීමටය.

රනිල් නිහඩ ප්‍රේක්ෂකයකු ලෙස සිටින්නේ යයි සිතිය නොහැක

සිරිසේන ගේම් ගසන්නේ එක් කකුලක් සජිත්ගේ පැත්තේත් අනෙක රනිල්ගේ පැත්තේත් තියාගෙනය. දින කිහිපයකට පෙර ජනමාධ්‍ය සහ නීතිය සාමය අමාත්‍යංශ එජාප යට ලබාදෙන ලෙස රනිල් ඉල්ලිමක් කල අතර , ඊයේ කැබිනට් හමුවේදී සිරිසේන විසින් ඊට කොළ එළියක් දක්වා තිබුනි. එනම් තීරනාත්මක මොහොතේ අවශ්‍යම බර අවි ද්විත්වය රනිල් සන්තකයට ගෙන  ප්‍රතිවාදීන්ට ප්‍රභල ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවය . නො එසේනම්  රනිල් – ෆොන්සේකා  නව යුගයක බලාපොරොත්තු දැල්වීමකි.

By Thushara Wanniarachchi

Editor Lanak news app