
කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව නොහොත් ටයිම් කීපර් සංජීව මහ පොළොව නුහුලන විනාශයක් සිදු කරමින් අළුත් අවුරුදේ වැඩ අල්ලා ඇති බව වාර්තා වෙයි.
කුරූණෑගල නගර මධ්‍යයේ ඇති ඉපැරණි රජ පීල්ල උද්‍යානයේ වසර සිය ගණනක් පැරණි රජ පීල්ල උද්‍යානයේ ඇති විශාල ගස් බිමට හෙලා ඇත .සිත් පිත් නැති අයුරුන් ජනයාට සෙවන සහ සිසිල දුන් ගස් කපා දමා උද්‍යානයේ තිබූ වසර සිය ගණනක් පැරණි පෞරාණික මණ්ඩපයක් ද බිමට සමතලා කොට ඇත
කුරුණෑගල නගරයට පැමිණෙන බොහෝ දෙනෙකු විඩාව නිවා ගන්නට යන ස්ථාන අතර කුරුණෑගල නගර මැද තියෙන රජ පීල්ල උද්‍යානය ප්‍රධාන තැනක් ගනී.