ශ්‍රමිකයන් 68000 ලංකාවට පැමිණීමට පොරොත්තු ලේඛනයේ , යුක්‍රේනුවන් ගෙන්වූ පාලකයන්ට ඔවුන් සාප කරයි

ශ්‍රමිකයන් 68000 ලංකාවට පැමිණීමට පොරොත්තු ලේඛනයේ , යුක්‍රේනුවන් ගෙන්වූ පාලකයන්ට ඔවුන් සාප කරයි image 11

විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන් හැට අට දහසකට ආසන්න පිරිසක්, යළි මව්බිමට පැමිණීම සදහා පොරොත්තු ලේඛනයේ රැුදී සිටින බව විදේශ අමාත්‍යංශයේ ලේකම්, අද්මිරාල් ජයනාත් කොළඹගේ පවසයි.

මොවුන්ගෙන් වැඩි පිරිසක් මැදපෙරදිග අසරණව සිටින ශ්‍රමිකයන්ය . මොහුන්ගෙන් බොහොමයකට ඉන්න හිටින්න තැනක් නොමැත. ‍රැකියා නැත . අසරණ කම නිසා කාන්තාවන් ලෝකයේ පැරණිතම වෘත්තියේ නියෙලෙන අතර පිරිමින් මහ මග සිඟමන් යදිමින් දිවි ගැට ගසා ගනියි.

ඉන්දියාවේ රජය රු 35000 වැනි සහන මුදලක් යටතේ ඕනෑම අයෙකුට යලි ඉන්දියාව බලා පැමිණිය හැකි ක්‍රමයක් ඇති කළේය .නමුත් ලංකාවේ රජය කොරෝනාව ගරානාවක් කර ගත්තේය . මැදපෙරදිග අසරණ ශ්‍රමිකයන්ගෙන් පවා ලක්ෂ 3 ක් පමන අය කළේය.

තවද විදේශ ශ්‍රමිකයන් 68000 ක් පොරොත්තු ලේඛණයේ ‍රැදී සිටිය්දී යුක්‍රේන සංචාරකයන් ගෙන්වීම රාජපක්ෂ රජයේ දුෂ්ඨ බව මොනවට පැහැදිලි කළේය. ගෝඨාණ්ඩුව නැ‍ටුම් ගැයුම් පවත්වමින් මල් මාලා දමා යුක්‍රේන සංචාරකයන් පිළිගත්තේය. ලංකාවේ පුරවැසියන්ට දෙනවාට වඩා අඩු මුදලකට යුක්‍රේන ජාතිකයන්ට හෝටල් කාමර දුන්හ.යුක්‍රේන උන්ට කොරෝනා හැදුන විට VVIP පහසුකම් සහිතව කේ.ඩී.ඒ රෝහලේ නැවැත්වූයේය.

නිරෝධායන වන කාල සීමාවවේ ලංකාවේ අයට හෝටල් කාමරයේ ජනේලයක් වත් ඇරීමට ඉඩ නොලැබුණි. නමුත් යුක්‍රේන ජාතිකයන් නිරෝධායන කාලයේ යාල වනයේ සෆාරි ගියහ. මිරිස්සේ තල්මසුන් බැලීමට ගියහ. මුහුදේ ස්ව්මින් කළහ . සිගිරිය නැරබූහ . යුක්‍රේනුවන්ට ඉබා ගතේ සැරිසැරීමට ඉඩ දී සංචාරක කර්මාන්තයේ නියලෙන අසරණයන් නිරෝධායනය කළහ .මෙවැනි දුෂ්ඨ ආණ්ඩුවක් දන්නා ඉතිහාසයේ නොතිබුණි