අයියෝ !ධනපාල පැණිය ගැන කථා කළ නිසා මට මඩ ගහනවා, ජයසුමන අධිකරණයේ පිහිට පතයි

අයියෝ !ධනපාල පැණිය ගැන කථා කළ නිසා  මට මඩ ගහනවා,  ජයසුමන අධිකරණයේ පිහිට පතයි image 15

මේසෙන් බාස් පැණිය ගැන මුහුණු පොතේ චන්න ජයසුමනට දිගින් දිගටම එල්ල වන රළු විවේචන වලින් බේරීමට ඔහු නීතියේ පිහිට පතා ඇත. මොහුට පැණි සුමනේ නමින් උපහාසාත්මක නමක් පවා රෙජිස්ටර් වූයේ මිත්‍යව මුසුවූ පැණි ගැන කථා කිරීම නිසාය

පැණිය බොරුවක් බව ඔප්පු වී තිබුයදී ජයසුමන පැණිය වෙනුවෙන් පෙනී සිටීම නිසා සාමාන්‍ය ජනයා පමනක් නොව වෛද්‍ය වරු පවා මොහුව උපහාසයට ලක් කළහ. මේ සම්බන්ධව මුහුණු පොතේ දිගින් දිගටම අදහස් දැක්වූ දෙහිඅත්තකන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සේවය කරන වෛද්‍ය ජනිත් පේදුරුආරච්චිට එරෙහිව ජයසුමන කඩුවෙල උසාවියේ අද දින නඩුවක් පැවරුවේය.

නඩුව සලකා බැලූ දිසා විනිසුරුවරයා නඩුව ජනවාරි 18 කැඳවීමට නියම කළේය. එදින දක්වා ජයසුමනට අපහාස වන අන්දමේ කිසිදු කරුණක් පල නොකරන ලෙස දිසා විනිසුරුවරයා වාරණ නියෝගයක් නිකුත් කළේය.

ජයසුමන කවරක් කීවද වියත් මග නම විකුනා පාර්ලීමේන්තු ගිය මහාචාර්යවරයෙක් යයි කියා ගන්න අයෙකුගෙන් ජනයා බලාපොරොත්තු වූයේ මිත්‍යාව මුසු කළ ධනපාල පැණි නොවේ. රට ගොඩ ගැනීමට , එල්ල වී ඇති අර්බුධ ජයගැනීමට විද්‍යානූකූල ප්‍රවේශයක් සහිත යාන්ත්‍රණයකි