කොඩිකන්දේ හිමි ඝාතනය පිටුපස ලිංගික අපචාරයක්….! ලිංගික අතවර වීඩියෝ කර මවට යවලා…!

මහත් ආන්දෝලනයට ලක්ව ඇති කොඩිකන්දේ 65 හැවිරිදි භික්ෂුවක් ඝාතනය පිටුපස ළමා අපචාර සිද්ධියක් ඇති බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

මෙම ලිංගික අතවර ගොදුරු වී ඇත්තේ හොරණ ප්‍රදේශයේ සිට පැමිණ මහණ වූ 13 හැවිරිදි සාමනේර හිමි නමකි. මෙම සාමණේර හිමිනම ආරණ්‍ය සේනාසනයේ දී නිතර ලිංගික අපයෝජනයට ලක්වූ බව විමර්ශනවලින් හෙළි වී ඇත.

සාමණේර හිමි නම මෙම සිදුවීම් ඡායාරූප සහ වීඩියෝ ගත කර තම මවට ලබාදීමට කටයුතු කර තිබිණි. තම දරුවාට අත්වන අතවරයන් ගැන දැඩි ලෙස කෝපයට පත්වූ මව කිසියම් පිරිසක් වෙත ලබාදුන් කොන්ත‍්‍රාත්තුවක් මත ධම්මසිරි හිමියන් පැහැර ගෙන ඝාතනය කර ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සාමනේර හිමියන්ගේ මව පියා ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ලංකාවේ සාමනේර හිමි වරුන්ගෙන් 90% වැඩි ප්‍රමාණයක් ලිංගික අතවර වලට ලක් වීම සිදුවෙයි. මෙය අද ඊයේ ඇති වූ තත්වයක් නොව චිරාත් කාලය්ක් තිස්සේ සිදු වන්නකි . නමුත් ස්මාට් ෆෝන් සහ අන්තර්ජාලය පැමිනීමත් සමග තත්වය දරුණු විය.

සාමනේර හිමි නමක් බරපතල ලිංගික අතවරයකට ලක්ව අමාරු තත්වයෙන් රෝහල් ගත කළද , රෝහල් බලධාරීන් සහ පොලීසිය එක්ව දූෂකයා ආරක්ෂා කිරීම සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව ඇත. රට ජාතිය වෙනුවෙන් සිවුර උස්සාගෙන එන බෞද්ධ සාසනයේ ආරක්ෂකයන් ලෙස පෙනී සිට්න ලොකු සිවුරු කාරයන්ද සාමනේරහිමිවරුන්ට සිදුකරන ලිංගික අපචාර ඉදිරියේ නිහඬය.පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගොබිලයන් පන්සල්වල සිදුවන අපචාර සලකන්නේ තහනම් වචන ලෙසිනි

මේ වන විට ගුද දූෂක කහකඩයන් ගැන අපගේ වෙබ් අඩ්විය ලිපි 5 වඩා ලියා ඇත. අද ඇතිවී තිබෙන තත්වයට සිවුරු පොරවාගත් තක්කඩි ගනයන් පමනක් නොව බෞද්ධයන් කියා ගන්නා ජනයාද වග කිව යුතුය .මීට පෙර අපගේ වෙබ් අඩවිය ගුද දූෂක කහකඩයන් 5 දෙනෙකු ගැන ලියා ඇත . ඒවා ලියන විට බෞද්ධයන් යයි කියා ගන්නා පිරිස් අප ක්‍රිස්තියානි පිල්ලියක් යයි චෝදනා කළහ.

පවතින නීතියෙන් වින්දියන්ට පිළිසරනක් නොමැති විට නීතිය අතට ගැනීම සාමාන්‍ය තත්වයකි