කිමාලි මගේ වැඩේ කෑවා – උදයංග පරල වෙයි

කිමාලි මගේ වැඩේ කෑවා – උදයංග පරල වෙයි image 27

කොරෝනා පොකුරක් සහිත යුක්රේන සංචාරක කණ්ඩායමක් මෙරටට ගෙන්වා ජනපතිවරයාගේ “හයිය” ගෙන කටයුතු කරන උදයංගගේ ක්‍රියාකලාපය විවේචනය කරමින් සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු විසින් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග වෙත ආන්දෝලන්නාත්මක ලිපියක් ලිපියක් නිකුත් කළාය

එම ලිපියට ප්‍රතිචාර දක්වමින් උදයංග වීරතුංග මෙසේ පවසා ඇත.

“මගේ ව්‍යාපෘතිය යටතේ යුක්රේනයෙන් සහ කසකස්ථානයෙන් ගුවන් යාන 30 කින් විතර සංචාරකයන් එන්න හිටියා. ඒත් මේ කිමාලි නිවේදනයක් දැම්මා එයාල මෙරටට ආවට පස්සේ සති දෙකක් නිරෝධායනය වෙන්න ඕනේ කියලා. ඒකෙන් පස්සේ ගුවන්යානා 18 ක් කැන්සල් වුණා. මේ සංචාරකයන්ට සති දෙකක් හෝටල්වල කාලේ කන්න බෑ.”

යුක්රේනයෙන් සහ කසකස්ථානයෙන් සංචාරකයන් ගෙන්වා ගැනීමේ තමන්ගේ ව්‍යාපෘතිය කා දැමුවේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු විසින් යැයි උදයංග වීරතුංග පවසයි.

කෙසේ වෙතත් සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු විසින් මතු කළේ සෞඛ්‍ය නීති සහ එකඟතා කඩමින් හැසිරෙන උදයංගගේ වන් මෑන් ෂෝ එක හරහා සමස්ත සමාජයම නැවතත් අනතුරේ ඇද දමන තත්වයක් ඇති විය හැකි බවය. එය නිවැරදි කර ගනු වෙනුවට උදයංග වීරතුංගගේ මෙම බාල හැසිරීම මගින් පෙන්නුම් කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නැවත නඟා සිටුවීමේ අවංක වුවමනාව නොව රටට හෙණ ගැහුවත් තමන්ගේ සංචාරක ඒජන්සි හරහා “මල්ල තවත් පුරවා ගැනිමේ” ආශාව පමණක් යැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරයෙක් මාධ්‍යට පවසා ඇත