වසර 46ක බරපතළ වැඩ සහිත සිර දඩුවමට ලක් වූ අයෙක් කූට ලේඛන හදා නිදහස් කරලා

වසර 46ක බරපතළ වැඩ සහිත සිර දඩුවමට  ලක් වූ අයෙක් කූට ලේඛන හදා නිදහස් කරලා image 30

අධිකරණයෙන් මගින් වරදකරු කර වසර 46ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම වී සිටි රැඳවියකු ලේඛන වෙනස් කර වසර හතරකින් නිදහස් කොට ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරීන් පිරිසකට එරෙහිව පරීක්‍ෂණයක් අරඹා ඇති බව වාර්තා වෙයි.

වසර 46ක දීර්ඝකාලීන සිරදඬුවමක් නියම වී සිටියදී නිදහස් කර යැවූ එම සිරකරු අවස්ථා දෙකකදී බන්ධනාගාරයෙන් පලා ගිය අයකු බවද ඔහු එසේ පලා යෑම නිසා බන්ධනාගාර නියාමකවරුන් කිහිප දෙනකු මේ වනතුරුත් වැඩතහනමට ලක්ව සිටින බවත් වාර්තා වෙයි

මෙම පිරිස කූට ලේඛන සාදා මීට පෙරද සිරකරුවන් නිදහස් කොට ඇති අය බව හෙළිදරව් වී ඇත. අවාසනාවට මෙම කූට ජාවාරමට සම්බන්ධ බන්ධනාගාර නිලධාරීන් කිසිවෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නැත. මෙම සිද්ධියට සම්බන්ධ වැලිකඩ බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ ජේලර්වරයකු වීරවිල බන්ධනාගාරයට මාරුකර යවා ඇත.