දයාසිරිට කොරෝනා – ගෝඨාණ්ඩුවේ සාහසික කොරෝනා ප්‍රෝඩාව මෙන්න , ඇස් ගෙඩි වලට හෙන ගහලද මිනිසුන්නේ ?

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.රාජ්‍ය අමාත්‍යවරයා මේ වන විට හික්කඩුව ප්‍රදේශයේ හෝටලයක හුදකලාවී සිටියි.

සාමාන්‍ය පුද්ගලයෙකුට කොරෝනා වැළදුන හොත ඔහු අනිවාර්යෙන් කන්දකාඩු හෝ අඩීඑච් වැනි රෝහලක ගාල් කරනු ලබයි. මේ හේතුව නිසා කොරෝනා වැළදීම සාමාන්‍ය මිනිසුන්ට භීතිය ගෙන දෙන්නකි. එම භීතිය ගෝඨාණ්ඩුව විසින් හිතා මතා ඇති කරන ලද්දකි.

ගෝඨාණ්ඩුව කොරෝනා ගැන මහා භීතියක් පවත්වාගෙන යන්නේ ප්‍රධාන කරුණු 2ක් මුල්කරගෙනය.

  1. ජනයා PCR පරීක්ෂණ සදහා යාම අධර්යමත් කිරීමට. ජනයා PRC පරීක්ෂණ සදහා නොයන විට රටේ වාර්තා වන කොරෝනා රෝගීන් ගණන ඉතා අඩු මට්ටමක පවත්වාගෙන යා හැක. ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව ”අපි හරි හොඳයි” සින්දුව කිව හැක.

2. කොරෝනා පිළිබද ජනයාගේ ඇස් නිලංකාර කොට ගජ මිතුරන් සමග හොරා කෑම ගෝඨාන්ඩුවේ දෙවන ගෝනි සෙල්ලම වී ඇත. විදේශ ශ්‍රමිකයන්ගෙන් ගසා කෑම , ඇන්ටිජන් කට්ටල මගඩිය , කොරෝනා අරමුදල හොරා කෑම වැනි දහසක් මගඩි ගෝඨාණ්ඩුව කොරෝනා වලට මුවා වී කළේය

කොරෝනාව ගරානාවක් කරගත් ලෝකයේ එකම රට මෙසිරි ලංකාවය.

මේවන විට අහඹු ලෙස PRC සිදු කරන ඕනෑම තැනක කොරෝනා පොසිට්ව් රෝගීන් වාර්තා වීමේ සම්භාවීතාව 5% ආසන්න වෙයි. අහඹු PRC ප්‍රතිපල නියදියක් ලෙස ගෙන මේවන විට ලංකාවේ කොපමන ප්‍රමාණයකට කොරෝනා වැලදී තිබේද යන්න උපකල්පනය කර හැක.

ආණ්ඩුව PCR පරීක්ෂණ ඉතා අඩු කර ඇති බව ආණ්ඩුවට කඩේ යන GMO එක නිතර කියන්නකි. තවත් අතෙකින් කොරෝනා වැළදුන අය කන්දකාඩු වැනි තැනක ගාල් කිරීමේ නීතියක් පවත්වාගෙන යාම නිසා කොරෝනා රෝග ලක්ෂණ සියල්ල මතු වුවද කිසිවෙකු PCR පරීක්ෂණ සදහා නොයයි

ලෝකයේ කිසිම රටක් ලංකාවේ මෙන් කොරෝනා ගැන භීතියක් පවත්වාගෙන යන්නේ නැත.ලෝකයේ අනෙක් රට වල PCR පරීක්ෂණ ඉතා සරලය . කොරෝනා වැලදුන අයට නිවසට වී සිටිය හැක. කොරෝනා වැළදුන දයාසිරි රෝහලට නොදමා හෝටලයට යැවීම නිසා ගෝඨාණ්ඩුවේ ඊනියා ප්‍රතිපත්ති වල හෙළුව විවර වී ඇත.

ආණ්ඩුව ජනයා රවටන බව බත් කන මිනිසුන්ට දැන් තේරුම් ගත හැක. ඇත්ත කථාව මේවන විට ලංකාවේ ලක්ෂ ගණනකට කොරෝනා වැළදී සහ එය සුව වී හමාරය . එම ගණන් හිලව් රජය පෙන්වන දත්ත වල නැත . රජය තමනගේ ජාවාරම් දේශපාලනයට උපකාරී වන පරිදි කොරෝනා ගැන විකෘති චිත්‍රයක් , විකෘති දත්ත පවත්වාගෙන යයි.

සියයට දශම ගණනකටත් වඩා අඩු මරණ ප්‍රතිශතයක් සහිත උණ රෝගයක් දඩමීමා කරගනිමින් වත්මන් ආණ්ඩුව ඉතා සාහසික ලෙස මහජන දේපල මංකොල්ල කෑමක් සිදු කරන බව ජනයා දැන් වත් තේරුම් ගත යුතුය