මහර සියල්ලන් මිය ගියේ වෙඩි වැදීමෙන්,රිවස් පෙත්ත දුන් අය ගැන දන්නවා කී විමලේ අධිකරණය හමුවට

මහර සියල්ලන් මිය ගියේ වෙඩි වැදීමෙන්,රිවස් පෙත්ත දුන් අය ගැන දන්නවා කී විමලේ අධිකරණය හමුවට image 39

මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයේදී මියගිය රැුඳවියන් 11 දෙනාගේම මරණ සිදු වී ඇත්තේ බන්ධනාගාරය තුළදී සිදු වූ වෙඩි ප‍්‍රහාරවලින් වූ බරපතළ තුවාල නිසා බව වත්තල මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේදී ඊයේ (08 දා* අනාවරණය විය.

නමුත් රජය කීවේ වෙන කථාවකි. සිරකරුවන් මියගියේ උණුන් මරා ගැනීම නිසා යයි කීවේය . එය ඔප්පු කිරීමට ව්‍යාජ සහ සත්‍ය විකෘති වන ආකාරයට එඩිට් කළ වීඩියෝ ජනගත කළහ . වෙන එකක් තියා තාත්තා ටෙලි නාට්‍යයේ රූප රාමු පවා භාවිතා කළේය.

රජයේ ඕනෑම අළුගුත්තේරු වැඩක් සාධාරණීය කරනය කරන මැතිඇමතිවරු මහර ඛේදවාචකය ගැන අසද්ධ බොරු ජනගත කළහ.රජයේ ප‍්‍රබල අමාත්‍යවරුන් දෙදෙනකු වන විමල් වීරවංශ හා ජයන්ත සමරවීර ‍එවැනි කථා කී නරුමයන් දෙදෙනෙකි .එක්තරා පාර්ශවයක් විසින් රැඳවියන්ට මත්පෙති ලබා දී ඇතැයි කීහ.

මෙය ඉතා සැලසුම් සහගත කුමන්ත්‍රණයක් යයිද තමන් එම කුමන්ත‍්‍රණය පිළිබඳ තොරතුරු දන්නා බව විමල් වීරවංශ කීවේය. කරුණු එසේ හෙයින්, ඒ සම්බන්ධයෙන් විමල් වීරවංශයෙන් ප්‍රශ්න කළ යුතු බවත් ඒ සදහා විමර්ශණ නිලධාරීන්ට නියෝගයක් කරන්නැයි අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අචලා සෙනෙවිරත්න අධිකරණයෙන් ඉල්ලා සිටියාය.